Skip to content

පටුනට යන්න

“යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ක්‍රියා කරන රජ ඔබට ආශීර්වාද කරන අයුරු”

“යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ක්‍රියා කරන රජ ඔබට ආශීර්වාද කරන අයුරු”

“යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ක්‍රියා කරන රජ ඔබට ආශීර්වාද කරන අයුරු”

මිනිස් පාලන සම්බන්ධව බයිබලයේ පවසන්නේ “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය ක්‍රියාත්මක කර ඇත” කියායි. (දේශනාකාරයා 8:9, නව ලොව පරිවර්තනය, NW) යහපත් පාලනයක් බිහි කිරීමට අපිට හැකි වෙයිද? එසේත් නැත්නම් අනාගතයේදීත් පාලනය වන්නේ මේ ආකාරයටමද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු වර්ෂ 2008 “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” නමැති මාතෘකාවෙන් යුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන දිස්ත්‍රික් සමුළුවේ ප්‍රසිද්ධ ඇමතුමෙන් පැහැදිලි කරනු ලබනවා. “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ක්‍රියා කරන රජ ඔබට ආශීර්වාද කරන අයුරු” යන මාතෘකාවෙන් යුත් කතාවෙහි මූලිකවම කතා කරන්නේ යුක්තියෙන් හා ප්‍රේමයෙන් යුතුව පාලනය කරන පාලකයෙක් ගැනයි. එම පාලකයා අප වෙනුවෙන් ජීවිතය පවා පූජා කළ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවෙයි.—මතෙව් 20:28.

අනික් සියලුම පාලකයන්ට වඩා යේසුස් වෙනස් වෙන්නේ කෙසේද? දෙවිගේ සේවකයෙක් වන යෙසායා ඊට මෙසේ පිළිතුරු දෙනවා. “ඔහුට යෙහෝවා දෙවිගේ බලය බහුලව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද, දැනගැන්මද, නැණවත් උපදෙස් දීමේ හැකියාවද, දැනුමද බලවත් කෙනෙකු මෙන් ක්‍රියා කිරීමට හැකියාවද, ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය පෙන්වමින් ජීවත් වෙයි. එසේය, ඔහුගේ ප්‍රීතිය වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි. ඔහු මතුපිටින් දකින දේ අනුව තීරණ නොගන්නේය. කනට ඇසෙන දේ පමණකින් දඬුවම් නොකරන්නේය. ඔහු අසරණ අයට ධර්මිෂ්ඨකමින් යුක්තිය ඉටු කර දෙයි. යටහත් පහත් අයගේ ප්‍රයෝජනය සඳහා ඔහු අවංකකමින් අවවාද දෙයි.”—යෙසා. 11:2-4NW.

ඉහත සඳහන් විස්තරය ඔබේ සිත්ගත්තාද? එසේනම් මේ මාසයේ සිට ලොව පුරාම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන සමුළුවලින් එකකට හෝ සහභාගි වීමට ඔබටත් ආරාධනා කරනවා. සමුළුව පවත්වන ස්ථානය දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ගෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට හෝ ලියා විමසිය හැකියි.