Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය කුමක්ද? (2007 පෙබරවාරි) ඔබේ ලිපිවල තියෙන හුඟක් කරුණු බයිබලයට පටහැනි නැහැ. නමුත් කාරණා දෙකක් හැර අනික් ඒවා සමඟ මම එකඟ වෙනවා. වෙනත් පල්ලි පිළිබඳව ඔබ දරන නිෂේධාත්මක ආකල්පය හා ඔබේ ආගම වෙනත් ආගම්වලට වඩා උසස් ලෙස සැලකීම යන කරුණු දෙක ගැනයි මම මේ කතා කරන්නේ. හැම ආගමක්ම එකම විශ්වාසයක් ඇතුව එකට එකතු වෙනවා නම් හොඳයි. ඒ කොහොමවුණත් මම නම් කිසිම ආගමක් තව එකකට වඩා උසස් කියලා හිතන්නේ නැහැ.

එක්සත් ජනපදයේ එස්.එස්.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම දිනක වෙනත් ආගම් හෝ එවැනි ආගම්වල සිටින පුද්ගලයන්ව පහත් අය ලෙස සලකන්නේ නැහැ. එමෙන්ම අනිත් අයට වඩා අපි උසස් කියා සිතන්නේද නැහැ. බයිබලයේ පවසන ආකාරයට ‘සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටින’ බව අපි තේරුම්ගෙන තිබෙනවා. (රෝම 3:23) ඒ නිසා බයිබලයේ සඳහන් සත්‍යයන් සහ බලාපොරොත්තු ගැන අන් අය සමඟ බෙදාගැනීමට අපේ කාලය, ශ්‍රමය සහ සම්පත් වැඩි වශයෙන් යොදාගැනීමට අපි පෙලඹෙනවා. ඒ කොහොමවුණත් යේසුස් සහ ඔහුගේ ගෝලයන් කළා වගේ වෙනත් ආගම්වල කුහකකම් සහ වැරදි සාක්ෂිකරුවන් නිර්භීතව හෙළි කරනවා.

දැනුම මිනුම කලින් මම දරුවන් එක්ක මේ කොටස සාකච්ඡා කළේ කලාතුරකින්. ඒත් දැන් මම තේරුම්ගෙන තියෙනවා බයිබල් සත්‍යයන් දරුවන්ට උගන්වන්න ඒක හොඳ උපකාරකයක් කියලා. ඒ වගේම මගේ ඇදහිල්ලත් ඒකෙන් ශක්තිමත් වෙනවා.

චෙක් ජනරජයේ අයි.එච්.

මේ ආකර්ෂණීය ලිපිය සකස් කළාට හුඟක් ස්තුතියි. ඒකේ කතා කරලා තිබුණු දේවල් මගේ පෞද්ගලික අධ්‍යයනයට හුඟක් උදව් වුණා. මේ ලිපිය සකස් කරන්න හුඟක් වෙහෙස වෙලා තිබුණා කියලා මට තේරුණා. ඒක කියවීමෙන් මට පුළුවන් වුණා යෙහෝවා දෙවිට තවත් ළං වෙන්න.

රුසියාවේ ඒ.එස්.

‘යෙහෝවා දෙවියෙනි, ඔබට සේවය කරන්න මට ඉඩ දෙන්න’ (2007 ජූලි) ඩැනියෙල් හෝල්ගේ අද්දැකීම කියවලා යෙහෝවා දෙවි ගැන මට තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා පාසලේ සිටිය ළමයින්ට සහ ගුරුවරුන්ට කියන්න කවදාවත් භය වුණේ නෑ. මම විශ්වාස කරනවා සාක්ෂිකාර දරුවන් සියලුදෙනාම ඩැනියෙල් කළා වගේම කටයුතු කරයි කියලා.

මැඩගස්කරයේ ඒ.ආර්.

මට වයස අවුරුදු නවයයි. අම්මයි මමයි ඩැනියෙල්ගේ අද්දැකීම කියෙව්වා. දෙමාපියන් සත්‍යය තුළ ඉන්න නිසා යෙහෝවා දෙවිට සේවය කරන්න මට කොච්චර ලෙහෙසිද කියලා ඒක කියවද්දී මට තේරුණා. “අපි කොහේ හිටියත් යෙහෝවා දෙවි සැමවිටම අපි ළඟ ඉන්නවා” කියලා එහි තිබුණු කොටස මගේ හිතට තදින්ම කාවැදුණා. ඩැනියෙල් ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ ඇඳ උඩට වෙලා හරියට තාත්තා එක්ක කතා කරනවා වගේ යෙහෝවා දෙවිත් එක්ක ඒ දවස ගැන කතා කළා. ඒකෙන් ඉගෙනගන්න මට හුඟක් දේවල් තියෙනවා.

ඉතාලියේ ඒ.ඩී.

“යෞවන අය අසති . . . ඇයි මාව කොන් කරන්නේ?” (2007 ජූලි) මේ ලිපිය හරියට ලියලා තියෙන්නේ මටම වගෙයි. ඒ වගේම ඒකේ අපිටම උත්තර ලියන්න ප්‍රශ්න කිහිපයකුත් තිබුණා. ඒකත් මට ලොකු උපකාරයක් වුණා. ඒ ලිපිය සකස් කළාට හුඟක් ස්තුතියි.

කැනඩාවේ සී.ඒ.