Skip to content

පටුනට යන්න

“දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු”

“දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු”

“දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව

▪ මෙම වසරේ මැයි මාසයේ අමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තෙදින දිස්ත්‍රික් සමුළුව ලොව පුරා රටවල් ගණනාවකම පැවැත්වීමට නියමිතයි. වර්ෂ 2007දී එවැනි සමුළු 3,200ක් පැවැත්වූ අතර ඊට මිලියන 12කට අධික පිරිසක් සහභාගි වුණා!

දින තුනේදීම සංගීතයත් සමඟ වැඩසටහන උදෑසන 9.20ට ආරම්භ වෙයි. සිකුරාදා වැඩසටහනේ තේමාව ‘දෙවිගේ බලය සම්පූර්ණ සත්‍යය තුළට ඔබට මඟ පෙන්වන්නේය’ යන්නයි. (යොහන් 16:13) එදින ප්‍රථම කතා දෙකෙහි තේමාවන් වන්නේ “අප දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි” සහ “සියල්ල මැවීමට දෙවි තම බලය යොදාගත් අයුරු “ යන්නයි. “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වූ පුරාණ ඇදහිලිවන්තයෝ” යන කතා මාලාවට “මෝසෙස්ගේ කාලයේදී”, “විනිශ්චයකරුවන් සිටි කාලයේදී”, “මුල් සියවසේදී” යන කතා ඇතුළත්. පෙරවරු සැසිවාරය අවසන් වන්නේ “දෙවි සිය අරමුණු ඉටු කිරීමට තම බලය යොදාගන්නා අයුරු” යන මූලික ඇමතුමෙනුයි.

සිකුරාදා පස්වරුවේ “දෙවිගේ බලය ගැන සලකා බැලිය යුතු ප්‍රශ්න” “ගැඹුරු කාරණා තේරුම්ගැනීමට දෙවි තම බලය අපට ලබා දෙන අයුරු” සහ “වචනයට සවන් දී එය පිළිපදින්නන් වෙමු” යන කතා ඉදිරිපත් කරයි. ඉන්පසු පැවැත්වෙන “යෞවනයෙනි, දෙවිගේ බලයේ උපකාරය පතන්න” යන කතා මාලාවට “පාසැලේදී”, “රැකියා ස්ථානයේදී”, “නිවසේදී”, “සභාවේදී”, “විනෝද වන අවස්ථාවලදී”, “තනිව සිටිද්දී” යන කතාවන් ඇතුළත්. එමෙන්ම “යෞවනයෙනි, යෙහෝවා දෙවිට ළං වී සිටින්න” යන කතාවෙන් එදින වැඩසටහන අවසන් වෙයි.

සෙනසුරාදා වැඩසටහනේ තේමාව වන්නේ ‘දෙවිගේ බලය ලබාගැනීම සඳහා වපුරමු’ යන්නයි. (ගලාති 6:8) “දේවසේවයේදී දෙවි තම බලය අපට ලබා දෙන අයුරු” යන කතා මාලාව කොටස් තුනකින් යුක්තයි. බව්තීස්ම කතාවෙන් හා බව්තීස්මය සඳහා සුදුසුකම් ලැබූ අයව බව්තීස්ම කිරීමෙන් අනතුරුව උදෑසන සැසිවාරය අවසන් වෙයි.

සෙනසුරාදා පස්වරු සැසිවාරය “බයිබල් ලේඛකයන්ට දෙවිගේ බලය උපකාරවත් වූ අයුරු” යන කතාවෙන් ආරම්භ වෙයි. ඉන්පසුව “දෙවි තම බලය අපට ලබා දෙයි” යන කොටස් පහකින් යුත් කතා මාලාවට “වැරදි ආශාවන් යටපත් කරගැනීමට”, “අධෛර්යවීම්වලට හා විඩාවට මුහුණ දීමට”, “පීඩා හමුවේ ස්ථිරව සිටීමට”, “මිත්‍රයන්ගේ නුසුදුසු බලපෑම්වලින් ආරක්ෂා වීමට” සහ “විවිධ දුෂ්කරතා විඳදරාගැනීමට” යන කතා ඇතුළත්. “දිගටම දෙවිගේ ප්‍රේමය ලබමු” යන කතාවෙන් එදින වැඩසටහන අවසන් වෙයි.

ඉරිදා වැඩසටහනේ තේමාව වන්නේ ‘දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ගමන් කරන්න’ යන්නයි. (ගලාති 5:16) “දෙවිගේ බලයේ උපකාරයෙන් අපට වර්ධනය කරගත හැකි ගුණාංග” යන කොටස් නවයකින් යුත් කතා මාලාව ගලාති 5:22, 23 මත පදනම් වී ඇත. පෙරවරු සැසිවාරය අවසානයේදී “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ක්‍රියා කරන රජ ඔබට ආශීර්වාද කරන අයුරු” යන ප්‍රසිද්ධ කථාවට සවන් දිය හැකියි. පස්වරුවේ පළමුවෙනි ශතවර්ෂයේ සිටි දෙවිගේ සේවකයන් කටයුතු කළ ආකාරය ගැන පෙන්වන “මුලින් තිබූ ඔබේ ප්‍රේමය අත් නොහරින්න” යන තේමාවෙන් යුත් නාට්‍ය නැරඹිය හැකියි. සමුළුව අවසන් වෙන්නේ “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ක්‍රියා කරන සංවිධානය සමඟ කිට්ටුවෙන් සේවය කරමු” යන තේමාවෙන් යුත් කතාවෙනුයි.

සමුළුවට පැමිණීමට දැන්ම සැලසුම් කරන්න. ඔබේ ප්‍රදේශයට කිට්ටුම ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.