Skip to content

පටුනට යන්න

“ඒක නම් පුදුම පොතක්”

“ඒක නම් පුදුම පොතක්”

“ඒක නම් පුදුම පොතක්”

පවුලේ සන්තෝෂයට රහස නමැති පොත ගැන එක් පවුල් උපදේශකයෙක් අදහස් දැක්වූයේ ඒ ආකාරයටයි. ඔහු සමඟ කතා කළ එක් යුවළක් මෙම පොතේ පිටපතක් ඔහුට ලබා දී තම විවාහ දිවියට සුදානම් වීමට එමගින් උපකාර ලබාගත් ආකාරය ඔහුට පැහැදිලි කර තිබුණා.

උපදේශකවරයා එම යුවළ ලබා දුන් තෑග්ගට අගය පළ කරමින් ලිපියක් යවනු ලැබුවා. සාර්ථක විවාහ ජීවිත ගත කරන්න වෙනත් අයට උපකාර කිරීමටද මෙවැනි යුවළයන්ට හැකි වන බවට ඔහු තුළ ස්ථිර විශ්වාසයක් ඇති බව එම ලිපියේ සඳහන් වුණා. පවුලේ සන්තෝෂයට රහස වැනි ප්‍රකාශනවල උපකාරයෙන් විවාහ ජීවිතයේ පැනනඟින ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්න හැකි වෙයි යන විශ්වාසයද ඔහු තුළ තිබෙන බව ඔහු සඳහන් කළා. මෙම යුවළගේ සාර්ථකත්වයට තවත් හේතු වී තිබෙන්නේ දෙවි ගැන ඔවුන්ට තිබූ විශ්වාසය සහ ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීම බව ඔහු වටහාගෙන තිබුණා.

ඔහුගේ මේසය මත ඒ පොත තබාගෙන සිටීමෙන් විවාහ ජීවිතය ගැන උපදෙස් පතන අයට උපකාර කිරීමට ඔහුට හැකි වී තිබෙනවා. අවසාන වශයෙන් ඔහු පැවසුවේ මෙසේයි. “මම මේ වගේ පොතක් කවදාවත් දැකලා නැහැ. ඒක නම් පුදුම පොතක්!”

ලොව පුරා සිටින දහස් ගණන් විවාහක යුවළයන් මෙම පොත මගින් උපකාර ලබාගෙන තිබෙනවා. විවාහ ජීවිතයේ ප්‍රීතිය දිගටම පවත්වාගෙන යෑමට මඟ පෙන්වන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති දැනගැනීමටද එමගින් ඔබට හැකි වෙනවා.

පිටු 192කින් යුත් මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.