Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ආක්ටික් සාගරයේ වැඩිම අයිස් ප්‍රමාණයක් දිය වී යන වසර ලෙස වාර්තා වෙන්නේ 2007 වසරයි. අනිකුත් දත්තයන් සමඟ සසඳන විට මෙය සිතාගත නොහැකි සිදුවීමක්.—අමෙරිකාවේ NATIONAL SNOW AND ICE DATA CENTER.

▪ ආර්ථිකය පිළිබඳව හදාරන විද්වතුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකට අනුව “ලෝකයේ සම්පත් පරිභෝජනය වෙනත් රටවල සමාන අගයන් දකින්න තිබුණත් ඇමෙරිකාවේ පමණක් එම අගය 5.3ක් පමණ වන බව වාර්තා වෙනවා. එම අගයන් ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ 3.1ද, ස්පාඤ්ඤයේ 3.0ක්ද ජර්මනියේ 2.5ක්ද ජපානයේ 2.4ක්ද වශයෙන් සටහන් වෙනවා.—බ්‍රිතාන්‍යයේ REUTERS NEWS SERVICE.

රෝගියෙක්ව රෝගී කරන රුධිරය

“රෝගියෙකුට රුධිරය ශරීරගත කිරීම සඳහා ගබඩා කර තිබෙන රුධිරය භාවිත කිරීමෙන් සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්” බව එක් වෛද්‍ය ආයතනයක් පැවසුවා. එක් අධ්‍යයනයකට අනුව රුධිරය ශරීරගත කළ රෝගීන්ට හෘදයාබාධ, ආඝාතය (stroke) වැනි හෘදරෝග වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. එයින් මරණය පවා අත්විය හැකියි. මෙයට හේතුව කුමක්ද? ‘රතු රුධිරාණුවල තිබෙන නයිට්‍රික් ඔක්සයිඩ්, රුධිරවාහිනී විවෘතව තබාගැනීමට උපකාරීවන අතර එමගින් සිරුර පුරා ඔක්සිජන් ගෙන යෑමට හැකි වෙයි. නමුත් රුධිරය ශරීරයෙන් පිටතට ගත් විට සිදු වන්නේ රතු රුධිරාණුවල ඇති නයිට්‍රික් ඔක්සයිඩ් වෙනත් සංයෝග සමඟ මිශ්‍ර වීමයි. මේ නිසා රතු රුධිරාණු ඔස්සේ ඔක්සිජන් ගෙන යෑමේ ක්‍රියාවලියට බාධා ඇති වෙයි. ඒ නිසා ඉහත කී රෝගවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා.’—Duke University Medical Center, North Carolina, U.S.A.

ඇතුවත් බැරි නැතුවත් බැරි රූපවාහිනිය

භූතානයේ දශක ගණනාවක් පුරා රූපවාහිනි යාන්ත්‍ර භාවිත කළේ නැහැ. නමුත් 1998 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නැරඹීමට නොහැකි වීම ගැන එහි වැසියන් කළ චෝදනාව නිසා රජය විසින් 1999දී රූපවාහිනි යන්ත්‍ර භාවිතයට අවසර දුන්නා. අද වන විට එහි නාලිකා 40ක් විකාශනය වන අතර ඒවායින් හොලිවුඩ් චිත්‍රපට හා ඉන්දියානු ටෙලිවෘත්තාන්ත ගණනාවක් ඔවුන්ට නැරඹිය හැකියි. කලින් නම් ඔවුන් එකට එකතු වී කතාබහ කරමින්, ගී ගයමින් සතුටු වෙමින් සිටියත් දැන් ඔවුන් පවුල් පිටින් රූපවාහිනිය ඉදිරිපට කල් ගෙවනවා. එක් කාන්තාවක් පැවසූ ආකාරයට ඇයට කිසිම දෙයක් කරන්නවත් දැන් වෙලාවක් නැහැ. ඇය පැවසුවේ මෙසේයි. “මට යාච්ඤා කරද්දීත් මතක් වෙන්නේ රූපවාහිනි වැඩසටහන් ගැනයි.” ඒ වගේම රූපවාහිනියෙන් ප්‍රචාරණය කරන වෙළඳ දැන්වීම් නිසා මිනිසුන් තමන්ට අවශ්‍ය නැති දේවල් වගේම වැය කළ නොහැකි තරමටම දේවල් මිල දී ගන්න පෙලඹී තිබෙනවා.—The Peninsula.

කාර්යාල වැඩවලට බාධා

බොහෝ කාර්යාලවල දුරකථන ඇමතුම් හා වෙනත් හේතුන් නිසා වැඩවලට තිබෙන අවධානය වෙනතකට යොමුවන බව එක් සඟරාවක ප්‍රකාශ කළා. (New Scientist) සමීක්ෂකයන් පවසන පරිදි වෙනත් අයගෙන් එල්ල වන බාධා නිසා ඔවුන්ට තම කාර්යය එක දිගට කිරීමට හැකි වන්නේ විනාඩි තුනක් පමණයි. මේ නිසා දවසේ වැඩ කිරීමට තමන්ට ඇති කාලයෙන් පැය දෙකක්ම අපතේ යනවා. එයට පිළියමක් හැටියට කාර්යබහුල කාර්යාලවල ඉක්මනින් පියවර ගත යුතු හා නොගතයුතු වැඩ, පරිගණක මගින් හඳුනාගෙන ඒ අනුව වැඩ සැලසුම් කරනවා. එම සමීක්ෂකයන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරනවා. “තමන් වැදගත් වැඩක යෙදී සිටින විටක තමන්ට බාධා නොකරන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටින්න. හැකි නම් ඔබේ කාර්යය අවසන් වනතුරු ඊ-මේල් සහ කෙටි පණිවුඩවලට පිළිතුරු යැවීමවත් දුරකථනය ඇමතීමවත් නොකරන්න.”