Skip to content

පටුනට යන්න

වියෝ දුකට සහනයක්!

වියෝ දුකට සහනයක්!

වියෝ දුකට සහනයක්!

▪ වයස අවුරුදු 12දී එක් කාන්තාවකට ඇගේ පියා අහිමි වුණා. අවුරුදු ගණනාවක් යනතුරුම ඇයට ඉන් ඇති වූ කාන්සාවෙන් හා මානසික පීඩනයෙන් මිදෙන්න නොහැකි වුණා. ඇය දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කැනඩා ශාඛා කාර්යාලයට මෙවැනි ලිපියක් යැව්වා.

ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන ප්‍රකාශනය ලැබෙන තුරුම මට මගේ දුකට සහනයක් ලබාගන්න බැරිවුණා. මට තාමත් මගේ තාත්තාව මතක් වෙන කොට ඇඬෙනවා. ඒත් ඒ ප්‍රකාශනයේ තිබුණු තොරතුරු සහ බයිබල් පද හොඳින් කියවලා දෙවිට යාච්ඤා කළාට පස්සේ මට ලොකු සහනයක් දැනුණා. මට වේදනාව දැනෙද්දී ඒ පොතේ කියලා තිබුණු විදිහට මම අඬලා ඒක පිට කළා. මේ නිසා කලින්ට වඩා ඒ තත්වයෙන් මිදෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.

“මගේ බිඳී ගිය හදවත ආයේ එක් කරන්න හැකි වුණේ එහි තිබුණු අදහස් සහ බයිබල් පද නිසයි. දැනටත් මගේ හිතේ වේදනාව තියෙනවා. ඒත් එහි සඳහන් පොරොන්දුවලින් මට ලොකු සහනයක් ලැබුණා. තමන් හුඟක් ආදරය කළ කෙනෙක් මිය ගියාම දැනෙන වේදනාව දරාගන්න ඒ පොත හොඳම ආධාරකය බව මට සහතික කරන්න පුළුවන්.”

ඔබ ආදරය කළ කෙනෙක් ඔබට අහිමි වී තිබෙනවාද? තවමත් ඒ වේදනාව ඔබට දැනෙනවාද? ඒ තත්වයෙන් මිදෙන්න ඔබට උපකාර අවශ්‍යයද? මිය ගිය කෙනෙක්ට ඇති බලාපොරොත්තුව ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? ඔබට හෝ මෙවැනි තත්වයකට මුහුණ දුන් වෙනත් කෙනෙකුට උපකාර කිරීමට පිටු 32කින් යුත් ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන ප්‍රකාශන ලබාගන්න ඔබ කැමතිද? එසේනම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.