අපගේ පාඨකයන්ගෙන්
අපගේ පාඨකයන්ගෙන්
හොඳ මවක් පියෙක් වීමට පියවර හතක් (2007 අගෝස්තු) මගේ දුවට වයස අවුරුදු හතරයි. ඇය යෙහෝවා දෙවිට හුඟක් ආදරෙයි. මවක් හැටියට මගේ වගකීම් ඉෂ්ට කරන්න බැරි වෙයි කියලා මට බයක් තියෙනවා. ඒ නිසා මගේ දුවව හරියට පුහුණු කරන්න උදව් කරන්න කියලා මම හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. ඒ සඟරාව මගේ යාච්ඤාවලට ලැබුණු පිළිතුරක්. දෙමාපියන් වෙනුවෙන් මෙවැනි සඟරාවක් පිළියෙල කිරීම ගැන මම හුඟක් ස්තුතිවන්ත වෙනවා.
මෙක්සිකෝවේ වයි. එම්. ඒ
එම ලිපි මාලාව අපේ පවුලටම ලියැවුණු එකක් බව එය කියවීමෙන් අපි තේරුම්ගත්තා. එහි තිබූ සමහර දේවල් කාලයක් පුරා මගේ මනසේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ ගැන කොතරම් සැලකිලිමත්ද කියන එක එම ලිපි පෙළ කියවද්දී මට වැටහුණා. මගේ ඇස් දෙකෙන් ගලපු කඳුළුවලට යෙහෝවා දෙවි පිළිතුරු දීලා තියෙනවා. මට ඒ උපදෙස්වල තිබුණු අවශ්‍යතාවය ගැන ඔහු හොඳින්ම දැන සිටි බව මට එයින් පැහැදිලි වුණා.
අමෙරිකාවේ ජේ. එම්.
එම ලිපියේ තිබුණු උපදෙස් හා මඟ පෙන්වීම් ඇත්තටම වටිනවා. අපිට කරන්න තියෙන්නේ ඒවා අදාළ කරගන්න එක විතරයි!
ෆින්ලන්තයේ ඊ. එල්
නිරෝගී දිවියකට හොඳ ඔසුවක් ( 2007 සැප්තැම්බර්) එම ලිපිය මට හුඟක් උපකාර වුණා. මොකද මම පුරුදු වෙලා හිටියේ යම් ප්‍රශ්නයක් එද්දී මටම දොස් පවර ගන්නයි. මම හිතුවේ මම හොඳ මවක් නෙමෙයි කියලයි. ඒ නිසා මම හුඟක් කනස්සල්ලෙනුයි හිටියේ. එයින් මිදී සහනයක් ලබාගැනීමට එම ලිපිය මට උපකාරවත් වුණා. ඒ වගේ ලිපි පළ කිරීම ගැන මම හුඟක් ස්තුතිවන්ත වෙනවා.
ඉක්වදෝරයේ ඒ. එස්
රජවරුන්ටත් හිසරදයක් වූ දත් කැක්කුම (2007 සැප්තැම්බර්) මම දන්ත වෛද්‍යවරයෙක් මෙන්ම ගුරුවරයෙක්. ඒ ලිපිය ලියා තිබෙන ආකාරය හා එහි තිබූ තොරතුරු මම හුඟක් අගය කරනවා. දන්ත වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු කැටි කොට දක්වා තිබෙන ආකාරය ඇත්තටම සිත් ඇදගන්නා සුළුයි. එහි සඳහන් තොරතුරු මම මගේ මිතුරන් සමඟත් බෙදාගත්තා.
අමෙරිකාවේ කේ. ආර්
මේවාට වග කිව යුත්තේ දෙවිද? (2007 සැප්තැම්බර්) යම් හදිසි අවස්ථාවක් ඇති වූ විට කළ හැකි දේවල් ගැන මමත් මගේ මිතුරන් කිහිපදෙනෙකුත් සාකච්ඡා කළා. එහි දක්වා තිබූ “ප්‍රදේශයෙන් පලා යෑමට ඔබ සූදානම්ද?” යන කොටුවේ සඳහන් කරුණු ඇත්තටම අපිට ප්‍රයෝජනවත් වුණා. දෙවිගේ සේවකයන් හැටියට අපට ඇති මූලික වගකීම දේශනා සේවය බව තේරුම්ගන්නත් සමාජ සේවා වැඩ කටයුතු පිළිබඳව සමබර ආකල්පයක් ඇතුව සිටින්නත් ඒ ලිපි පෙළ අපට උපකාර කළා. මිනිසුන් හෝ ස්වාභාවික හේතු නිසා ඇති වන විපත්තිවලට කිසි දිනක අපට මුහුණ දීමට සිදු නොවන කාලයක් පිළිබඳව අන් අයට පැවසීම අප කළ යුතු වැදගත්ම කාර්යය බව එම ලිපිය කියවීමෙන් අපි තේරුම්ගත්තා.
අමෙරිකාවේ ආර්. ජී
ඔබේ දරුවා ආරක්ෂා කරගන්න (2007 ඔක්තෝබර්) මම කුඩා කාලයේ අතවරයට ලක් වුණා. මට සිදු වූ දේ ගැන මම තාමත් මගේ දෙමාපියන්ට කියලා නැහැ. එම ලිපි කියවීමෙන් මම ලොකු සහනයක් ලැබුවා. දෙමාපියන් එම ලිපි කියවා තම දරුවන්ව ආරක්ෂා කරගනියි කියා මම විශ්වාස කරනවා. අපි වගේ අතවරයට ලක් වූ අයට එම ලිපි පෙළ ඇත්තෙන්ම සහනයක්! එවැනි කාලෝචිත ලිපිවලින් අපිව දැනුවත් කිරීම ගැන ඇත්තෙන්ම මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.
ජපානයේ ආර්. අයි