Skip to content

පටුනට යන්න

“දෙවිට නමක් තියෙන බව මම දැනගෙන හිටියේ නැහැ”

“දෙවිට නමක් තියෙන බව මම දැනගෙන හිටියේ නැහැ”

“දෙවිට නමක් තියෙන බව මම දැනගෙන හිටියේ නැහැ”

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත කියවීමෙන් පසු එක් කාන්තාවක් එලෙස පැවසුවා. ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “ඇත්තටම දෙවිට නමක් තියෙන්න ඕනේ! ඒ පොතේ තිබුණු විදිහට මම දෙවිගේ නම බයිබලයේ තියෙන තැන මගේම බයිබලයෙන් පෙරළලා බැලුවා. ඒක හරියටම එතන තිබුණා. බයිබලයේ තියෙන ප්‍රතිපත්ති සරලව, පැහැදිලිව, තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට ලියලා තියෙන ඒ වගේ පොතක් නම් මම කවදාවත් කියවලා නැහැ.”

බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට වූ දෙවිගේ අරමුණ පමණක් නොවෙයි ඔහු එය ඉටු කරන ආකාරය ගැනත් දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ අරමුණ ඉටු කිරීමට යේසුස් දායක වෙන්නේ කොහොමද කියලත් එහි පැහැදිලි කරනවා. අපි මහලු වී මිය යන්නේ ඇයි? දුක් විඳීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි? ඔහුගේ රාජ්‍යය මගින් සියලු දුක් වේදනා අවසන් කරන්නේ කෙසේද? එවැනි ප්‍රශ්නවලට පිළිතුරු එම පොතෙන් සොයාගන්න පුළුවන්.

බයිබලයේ ඉගැන්වීම් පොත මුද්‍රණය කර අවසන් වී දැන් අවුරුදු තුනක් පමණ වෙනවා. නමුත් එතරම් කෙටි කාලයක් ඇතුළත භාෂා 220කින් පිටපත් මිලියන 79ක් ලොව පුරා බෙදාහැරීමට හැකි වී තිබෙනවා. එම පොතෙන් පිටපතක් ලබාගන්න ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.