Skip to content

පටුනට යන්න

ගුරුතුමිය එය අනුමත කළා

ගුරුතුමිය එය අනුමත කළා

ගුරුතුමිය එය අනුමත කළා

▪ යෞවනයන්ට හොඳ මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද? ඉතාලියේ වෙසෙන වයස අවුරුදු 13ක් වූ කරන් යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන ප්‍රකාශනය කියවීම ගැන හුඟක් සතුටු වුණා. ඇයට අවස්ථාවක් ලැබුණා එම පොතේ තිබෙන තොරතුරු ඇගේ පන්තියේ ළමුන් සමඟ බෙදාගන්න.

“මම ඉගෙනගන්නේ අටවන ශ්‍රේණියේයි. අපි හුඟක් වෙලාවට යෞවනයන්ට ආවේණික ගැටලු ගැන කතා කරනවා. දවසක් ගුරුතුමිය මගෙන් ඇහුවා ‘යෞවනයන්ට උපකාරවත් වන හොඳ පොතක් ඔයාලා ළඟ තියෙනවා නේද’ කියලා. ඇයටත් එයින් පිටපතක් අවශ්‍ය වුණා. ඒ නිසා යෞවන අය අසති කියන පොත මම ඇයට ගිහින් දුන්නා.

“දවස් කිහිපයකට පස්සේ ගුරුතුමිය එම පොතේ දහවන පරිච්ඡේදයේ ‘පෙනුම කොතරම් වැදගත්ද?’ යන මාතෘකාව යටතේ සාකච්ඡාවක් පටන්ගත්තා. ඊටපස්සේ පරිච්ඡේදයේ අවසානයට සඳහන් වෙලා තියෙන ‘සාකච්ඡාව සඳහා ප්‍රශ්න’ කියන කොටස සූදානම් වෙලා පැමිණෙන්න කියලා ගුරුතුමිය හැමෝටම කිව්වා. ඒ පොත ලියලා තියෙන විදිහ ගැන ඇය හුඟක් ප්‍රශංසා කළා විතරක් නෙවෙයි හැම කෙනෙක් ළඟම ඒ පොතේ පිටපතක් තියෙන්න ඕනේ කියලත් ඇය කිව්වා.

“ඒ පොත කියවන්න කැමති කවුද කියලා මම ඇහුවාම 16දෙනෙක් මගෙන් ඒ පොත ඉල්ලුවා. මුලදී ඒක ගන්න එතරම් කැමැත්තක් නොදැක්වූ ළමයිනුත් පසුව එහි වැදගත්කම තේරුම් අරගෙන එයින් පිටපතක් ඉල්ලා සිටියා.”

යෞවන අය අසති යන ප්‍රකාශනයේ “මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?” “එය සැබෑ ප්‍රේමයද කියා මා දැනගන්නේ කෙසේද?” “මත්ද්‍රව්‍ය එපා යයි පැවසිය යුත්තේ මන්ද?” සහ “රූපවාහිනිය නැරඹීමේ මගේ පුරුදු පාලනය කරගැනීමට මට හැක්කේ කෙසේද?” යන මාතෘකාවලින් යුත් විෂයන් ගැන කතා කරනවා. එම ප්‍රකාශනයෙන් පිටපතක් ලබාගන්න ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.