Skip to content

පටුනට යන්න

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

උත්පත්ති 7:1-9, 13-16, 23; 8:15-19 දක්වා සඳහන් කොටස් කියවා, මේ පින්තූරයේ ඇති අඩු පාඩු තුනක් හඳුනාගන්න.

1. ․․․․․

2. ․․․․․

හෝඩුවාව: ලෙවී කතාව 11:3 සහ ද්විතීය කතාව 14:4 කියවන්න.

3. ․․․․․

හෝඩුවාව: ද්විතීය කතාව 14:7-19 කියවන්න.

සාකච්ඡා කිරීමට:

නෝවාගේ පුතුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඔහුට උපකාර කළේ කෙසේද? ඔබට නෝවාගේ දරුවන්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

6වන පිටුව මුදලට ප්‍රේම කරන අයෙකුට නොලැබෙන්නේ කුමක්ද? දේශනාකාරයා 5:․․․

9වන පිටුව සන්තෝෂවත්ව සිටිය හැක්කේ කාටද? මතෙව් 5:․․․

18වන පිටුව යාච්ඤා කරන විට කෙනෙක් නොකළ යුත්තේ කුමක්ද? මතෙව් 6:․․․

28වන පිටුව අපි කනස්සල්ලෙන් සිටින විට කළ යුත්තේ කුමක්ද? 1 පේතෘස් 5:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4. ․․․․․

හෝඩුවාව: මගේ පියා මට හොඳ ආදර්ශයක් සැපයුවේ නැති වුණත් මම “යෙහෝවා [දෙවිට] ඇලුම්ව” සිටි රජ කෙනෙක්.

2 රාජාවලිය 18:1-6 කියවන්න.

5. ․․․․․

හෝඩුවාව: බොහෝ නිදොස් මිනිසුන්ව මරණයට පත් කිරීමෙන් මම මගේ බලය අයුතු විදිහට භාවිත කළා.

2 රාජාවලිය 21:16 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: පියාගේ නරක හැසිරීම අනුගමනය කළ මාව මගේ සේවකයන් විසින්ම මරණයට පත් කරනු ලැබුවා.

2 රාජාවලිය 21:19-23 කියවන්න.

▪ පිළිතුරු 22වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. නැවේ ඉදිරිපස සහ පිටුපස කොටස් නැහැ.

2. බැටළුවන් වැනි “පවිත්‍ර” සතුන්ගෙන් සත්දෙනා බැගින් නෝවා නැවට ඇතුල් කරගත්තා. 3. සෑම “අපවිත්‍ර” සතුන්ගෙන් නැවට ඇතුල් කරගත්තේ දෙදෙනා බැගින් පමණයි.

4. හෙසකියා.—මතෙව් 1:9.

5. මනස්සේ.—මතෙව් 1:10.

6. ආමොන්.—මතෙව් 1:10.