Skip to content

පටුනට යන්න

කෘමි ලෝකයේ මහ හපනෙක්

කෘමි ලෝකයේ මහ හපනෙක්

නිර්මාණයක්ද?

කෘමි ලෝකයේ මහ හපනෙක්

▪ සිරුරෙන් සෙන්ටිමීටර් දෙකකට වඩා කුඩා වුවත් බොම්බර්ඩියර් නම් කුරුමිණියා තමන්ව ආරක්ෂා කරගැනීමට යොදාගන්නා උපක්‍රමය අද්විතීයයි. ඌ සතුරු උවදුරුවලින් බේරීම සඳහා උණුසුම් දුගඳ ද්‍රාවණයක් මුදා හරිනවා. එයින් මකුළුවන් සහ කුරුල්ලන් පමණක් නොව ගෙම්බන්වද පලවාහැරිය හැකියි.

මේ ගැන සිතා බලන්න: බොම්බර්ඩියර් කුරුමිණියාගේ “උදරයේ කෙළවරේ ග්‍රන්ථි දෙකක් පිහිටා තිබෙනවා.” මේ එක් ග්‍රන්ථියක් කුඩා කුටීර තුනකට බෙදෙනවා. ඉන් එක් කුටීරයක ආම්ලික ද්‍රාවණයක්ද තවත් එකක හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ්ද ගබඩා කර තිබෙනවා. ප්‍රතික්‍රියා සිදු කරන කුටීරයක් ලෙස ක්‍රියා කරන තුන්වෙනි කුටීරයේ ඇත්තේ ජලය හා එන්සයිමයි. යම් සතුරු උවදුරකදී මෙම කුරුමිණියා කරන්නේ පළමු සහ දෙවන කුටීරවල ඇති ද්‍රාවණය ප්‍රතික්‍රියා සිදු කරන කුටීරයට මුදා හැරීමයි. එහිදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සෙල්සියස් අංශක 100ක් පමණ උෂ්ණත්වයකින් යුත් උණුසුම් දුගඳ රසායනික ද්‍රාවණයක් විහිදුවමින් සතුරන්ව පලවාහරිනවා. මේ සෑම කුටීරයකම දිග මිලි මීටරයකට වඩා අඩු වුවත් මෙම කුරුමිණියාට එම ද්‍රාවණය කොපමණ දුරකට, කොතරම් වේගයෙන් හා කොතරම් සාන්ද්‍රණයකින් විහිදුවනවාද කියා තීරණය කිරීමේ හැකියාව තිබෙනවා.

බොම්බර්ඩියර් කුරමිණියාව අධ්‍යයනය කිරීම මගින් පරිසරයට හිතකර වඩාත් කාර්යක්ෂම ජල විසුරුම් ක්‍රමයක් නිපදවීමට පර්යේෂකයන්ට හැකි වී තිබෙනවා. ඒ වගේම පළමු සහ දෙවන කුටීරවල ඇති ද්‍රාවණය එක් අතකට පමණක් දියර ගමන් කළ හැකි නාල මගින් තුන්වෙනි කුටීරයට මුදා හරින බවත් අධික පීඩනයකින් එම ද්‍රාවණය කුරුමිණියාගේ ශරීරයෙන් පිට වන බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා. මෙම කුරුමිණියාව අධ්‍යයනය කර ඒ අනුව වාහන එන්ජින්, ගිනි නිවන උපකරණ සහ ස්වසනය පහසු කිරීමේ වෛද්‍යමය උපකරණ සෑදීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා. එංගලන්තයේ රීඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩි මැකන්ටාෂ් මෙසේ පැවසුවා. “භෞතික විද්‍යාවේ හා ඉංජිනේරු විද්‍යාවේ යම් සොයාගැනීම්වලට මෙම කුරුමිණියාගෙන් යමක් ඉගෙනගත හැකියි කියා කිසි කෙනෙක් සිතුවේ නැහැ. මෙම කුරුමිණියාගෙන් කොතරම් දේවල් ඉගෙනගන්න පුළුවන්ද කියා අප තේරුම්ගත්තේ නැහැ.”

ඔබ සිතන්නේ කුමක්ද? මෙම කුරුමිණියාගේ රසායනික ද්‍රාවණ මුදා හැරීම හා සම්බන්ධ ක්‍රියාවලිය අහම්බෙන් සිදු වුණා කියා සිතිය හැකිද? එසේත් නැත්නම් එය නිර්මාණයක්ද?

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Oxford Scientific/​photolibrary