Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

මතෙව් 25:1-12 දක්වා සඳහන් කොටස් කියවා, මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න.

1․ ․․․․․

2․ ․․․․․

3․ ․․․․․

4․ ․․․․․

සාකච්ඡා කිරීමට:

කන්‍යාවෝ පස්දෙනෙක් තමන් රැගෙන ආ තෙල් බෙදා නොගත්තේ ඇයි?

හෝඩුවාව: මතෙව් 25:8, 9 කියවන්න.

අප ළඟ තිබෙන දේවල් අන් අය සමඟ බෙදාගැනීමට සුදුසු වේලාව කුමක්ද? එමෙන්ම අපි අප ළඟ තිබෙන දේවල් බෙදා නොගත යුත්තේ කුමන අවස්ථාවලදීද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

6වන පිටුව පෘථිවිය කෙරෙහි අයිතිය තිබෙන්නේ කාටද? ඔහු එය පුරවා ඇත්තේ කුමකින්ද? ගීතාවලිය 24:...

9වන පිටුව පිපාසයෙන් සිටින සෑමදෙනාටම ලබාගත හැක්කේ කුමක්ද? එළිදරව් 22:...

18වන පිටුව වටහාගැනීමේ ශක්තිය ඇති කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද? හිතෝපදේශ 17:...

29වන පිටුව මිනිසෙකුගේ මෝඩකම නිසා සිදු විය හැක්කේ කුමක්ද? හිතෝපදේශ 19:...

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

අනාගතවක්තෘන් ගැන ඔබ දන්නේ කුමක්ද?

5․ ․․․․․

යෙහෝයාකිම් රජ වෙතින් පලා ගිය අනාගතවක්තෘවරයා කවුද?

හෝඩුවාව: යෙරෙමියා 26:17-23 කියවන්න.

6․ ․․․․․

“යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය” කියා හෙසකියා රජගේ කාලයේ අනාවැකි පැවසුවේ කවුද?

හෝඩුවාව: යෙරෙමියා 26:18 කියවන්න.

සාකච්ඡා කිරීමට:

මේ අනාගතවක්තෘන් දෙදෙනා ගැන කියවීමෙන් පසු දෙවි ගැන නිර්භීතව කතා කිරීමට හැකි වන්නේ කෙසේද?

හෝඩුවාව: හිතෝපදේශ 29:25 කියවන්න.

▪ පිළිතුරු 21වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. මෙහි මනාලියක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

2. විවාහ මංගල්‍යයට ඇතුල් වුණේ කන්‍යාවන් පස්දෙනායි.

3. කන්‍යාවන් පස්දෙනෙක් පහන් සහ තෙල් බඳුන් රැගෙන ආවත් අනික් කන්‍යාවන් පස්දෙනා රැගෙන ආවේ පහන් පමණයි.

4. මනාලයාට වැසීමට දොරක් තිබිය යුතුයි.

5. උරියා.—යෙරෙමියා 26:20.

6. මීකා.