Skip to content

පටුනට යන්න

සදාකාල ජීවනය ලබා දෙන ජලය

සදාකාල ජීවනය ලබා දෙන ජලය

සදාකාල ජීවනය ලබා දෙන ජලය

යේසුස් සමාරිය නගරය හරහා ගමන් කරමින් සිටිද්දී ඔහුට මහත් වෙහෙසක් හා පිපාසයක් දැණුනා. ඒ නිසා ඔහු ළිඳක් අසල වාඩි වී එතැනට ජලය ගැනීමට පැමිණි සමාරිය ස්ත්‍රියකගෙන් ජලය ටිකක් ඉල්ලුවා. යුදෙව් ජාතිකයෙක් වූ යේසුස් ඇගෙන් ජලය ඉල්ලූ විට ඇය පුදුමයට පත් වුණා. ඊට හේතුව පළමුවෙනි ශතවර්ෂයේ සමරිතානු ජාතිකයන් හා යුදෙව් ජාතිකයන් අතර කිසි ගනුදෙනුවක් නොතිබීමයි.

ඇය පුදුමයෙන් මෙසේ ඇසුවා. “යුදෙව්වෙකු වන ඔබ, සමරිතානු ස්ත්‍රියක වන මගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලන්නේ කොහොමද?”

එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “දෙවි නොමිලේ දෙන දීමනාව කුමක්ද කියාත්, ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියා ඔබට පවසන්නේ කවුද කියාත් ඔබ දැනගෙන සිටියා නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනවා ඇත. එවිට ඔහු ඔබට ජීවනදායක වතුර දෙනවා ඇත.”

යේසුස් ඇයට තවදුරටත් මෙසේද පැවසුවා. “මේ වතුර බොන සියලුදෙනාටම නැවත පිපාසය ඇති වන්නේය. මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක පිපාසය ඇති නොවන්නේය. නමුත් මා ඔහුට දෙන වතුර සදාකාල ජීවනය දෙන පිණිස, ඔහු තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය.”—යොහන් 4:1-15.

යේසුස් මෙහිදී සඳහන් කළ ජලයෙන් අදහස් කළේ කුමක්ද?

බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වා දී තිබෙන්නේ “ජීවනදායක දිය උල්පත” ලෙසයි. (යෙරෙමියා 2:13NW) ජීවිතය දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක්. ඒ නිසා අපේ ජීවිත රඳා පවතින්නේ දෙවි ලබාදෙන ජීවනදායක ජලයෙන් අප ප්‍රයෝජන ගන්නවාද නැද්ද යන්න මතයි.

ඉතිහාසයේ කවරදාටවත් වඩා අපට අද බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එනම් මිය ගොස් සිටින අයගේ තත්වය කුමක්ද? ඔවුන්ව නැවත කවදා හෝ දැකගන්න ලැබෙයිද? දෙවි දුක් වේදනාවලට ඉඩ දී තිබෙන්නේ ඇයි? යුද්ධ, සාගත, අපරාධ හා ලෙඩ රෝග නැති කාලයක් අපට කවදා හෝ උදා වෙයිද? එවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට බොහෝදෙනෙක් කැමතියි. ඒත් අද එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට මිනිසුන්ට නොහැකි වී තිබෙන නිසා ඔවුන් සිටින්නේ ඉතා කලකිරුණු තත්වයකයි. නමුත් මේ සෑම ප්‍රශ්නයකටම සෑහීම ගෙන දෙන පිළිතුරු ජීවනදායක “ජලය” වන දෙවිගේ වචනය එනම් බයිබලයෙන් ලබාගත හැකි බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා.

යේසුස් සමාරිතානු ස්ත්‍රියට ළිඳ ළඟදී කතා කළ අවස්ථාවේදී ඔහු යොමු දක්වමින් සිටියේ ජීවනදායක ජලය නමැති බයිබලයේ සඳහන් සත්‍යය ගැනයි. ඒ ජීවනදායක ජලය නමැති සත්‍යය දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබටත් ආරාධනා කරනවා. බයිබලයේ අවසාන පොතේ එම ආරාධනාව කර තිබෙන්නේ මෙසේයි. “පිපාසය ඇති තැනැත්තාද ඒවා; කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා.”—එළිදරව් 22:17.

දෙවිගේ පාලනය යටතේ මිනිසා අද්දකින ආශීර්වාද ගැන තවත් දැනගැනීමට ඔබ කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමුවන්න. එසේත් නැත්නම් මෙම සඟරාවේ පස්වන පිටුවේ තිබෙන යෝග්‍ය ලිපිනයකට ලියන්න.

[8, 9වන පිටුවල කොටුව]

මිනිසාට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ආගම්වලට හැකිද?

කෙනෙක් පල්ලියකයට ගිය පමණින් හෝ ආගමක් ඇදහූ පමණින් බයිබලයේ සඳහන් සත්‍යය සොයාගන්න ලැබෙන්නේ නැහැ. කනගාටුවට කරුණක් නම් අද ආගම්වලින් මිනිසුන්ට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනවා වෙනුවට ඔවුන්ට තවත් ප්‍රශ්න ඇති කර තිබෙනවා. මීට එක් උදාහරණයක් සලකා බලමු. යුද්ධ පැවති කාලවලදී කතෝලිකයන් සෙසු කතෝලිකයන්වත් රෙපරමාදු භක්තිකයන් සෙසු රෙපරමාදු භක්තිකයන්වත් ඝාතනය කර තිබීමයි. ඔවුන් දෙපිරිසම ඔවුන්ගේ ජයග්‍රහණය පතා දෙවිට කන්නලව් කර තිබෙනවා.

මීට අමතරව පල්ලියට ලැබෙන මුදල් අනිසි ලෙස භාවිත කිරීම හා බාල අපචාරවලට හවුල් වීම වැනි තවත් බොහෝ දේවල් නිසා පල්ලි නින්දිත තත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා බොහෝ පල්ලිවලින් ලබාදෙන ඉගැන්වීම් දූෂිතයි. (එළිදරව් 17:4-6; 18:1-5) ඒ තත්වය ගැන බයිබලයේ තීතස් පොතේ සඳහන් වන්නේ මෙසේයි. “ඔවුන් දෙවිව දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුහු ඔහුව ප්‍රතික්ෂේප කරති.” (තීතස් 1:16) මෙයින් පෙනීයන්නේ මිනිසාට තිබෙන ප්‍රශ්නවලට ආගම්වලින් පිළිතුරු ලබාදිය යුතු වුවද අද ඔවුන් එසේ කිරීමට අසමත් වී තිබෙන බවයි.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පරිච්ඡේද 19කින් සමන්විත පිටු 224කින් යුත් පොතේ පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙනවා.

“පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?”

“මරණයේදී සිදු වන්නේ කුමක්ද?”

“අපි ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’”

“දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?”

[9වන පිටුවේ පින්තූරය]

සත්‍ය නමැති ජීවනදායක ජලය ගැන දැනගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න