ජීවත් වෙන්න කියාපු තැන
ජීවත් වෙන්න කියාපු තැන
සාමාන්‍යයෙන් අපේ ලිපිනයට ඇතුළත් වන්නේ අපේ රට, නගරය හා වීථියයි. මෙය අපේ පෘථිවියට අදාළ කළොත් පෘථිවිය තිබෙන “රට” ක්ෂිර පථ මන්දාකිනියයි. එහි “නගරය” සෞරග්‍රහ මණ්ඩලයයි. එහි “වීථිය” සෞරග්‍රහ මණ්ඩලයේ කක්ෂයයි. මුළු මහත් විශ්වයේ කුඩා තිතක් බඳු අපගේ පෘථිවිය පිළිබඳව විද්‍යාඥයන් බොහෝ දැනුම් සම්භාරයක් රැස් කරගෙන තිබෙනවා. ඒ තාරකා හා භෞතික විද්‍යාවේ දියුණුව නිසයි.
ක්ෂිර පථ මන්දාකිනියේ තිබෙන නගරය හෙවත් අපගේ සෞරග්‍රහ මණ්ඩලය ජීවත් වීමට සුදුසුම ස්ථානයයි. එය පිහිටා තිබෙන්නේ මන්දාකිනියේ මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 28,000ට එපිටිනුයි. එම දුර ප්‍රමාණය වැඩි වූණා නම් එහි ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය රසායනික සංයුතිය අඩු විය හැකියි. එමෙන්ම එම දුර ප්‍රමාණය අඩු වූණා නම් මාරාන්තික කිරණ වැනි වෙනත් දේවලට නිරාවණය වීමට ඉඩ තිබෙනවා. “අප ජීවත් වන්නේ හොඳම ස්ථානයේයි” කියා එක් විද්‍යාත්මක සඟරාවක සඳහන් වුණා.—Scientific American.
හොඳම “වීථිය”
පෘථිවියේ “නගරය” වන සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි කක්ෂය, එහි හොඳම “වීථිය” කියා පැවසිය හැකියි. පෘථිවිය පිහිටි කක්ෂය තිබෙන්නේ සූර්යයාගේ සිට සැතපුම් මිලියන 93ක දුරකින්. මෙම නිසි දුර ප්‍රමාණය නිසා ජීවීන් අධික ශීතලයට හෝ උෂ්ණත්වයකට ගොදුරු වන්නේ නැහැ. එම ගමන් පථය බොහෝ දුරට වෘත්තාකාරව පිහිටා තිබෙන නිසා වසරේ සෑම දිනකම පෘථිවිය හා සූර්යයා අතර ඇති දුර ප්‍රමාණයේ එතරම් වෙනසක් සිදු නොවෙයි.
හිරුගේ ප්‍රමාණය හා විහිදුවන ශක්ති ප්‍රමාණය ගැන සලකා බලන විට එය විශිෂ්ට තාප බලාගාරයක් කියා පැවසිය හැකියි. අපේ හිරු ඇත්තෙන්ම “විශිෂ්ට ගණයේ තරුවක්.”
හොඳම අසල්වැසියා
ඔබට කිව්වොත් පෘථිවියට “හොඳ අසල්වැසියෙක්” තෝරන්න කියා, සඳුට වඩා තවත් හොඳ අසල්වැසියෙක් ඔබට සොයාගැනීමට නොහැකි වෙනවාට කිසිම සැකයක් නැහැ. එහි විශ්කම්භය පෘථිවියේ ප්‍රමාණයෙන් හතරෙන් එකකට වඩා ටිකක් වැඩියි. නමුත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අනිකුත් චන්ද්‍රිකාවන් සමඟ සසඳන කළ අපේ සඳු අසාමාන්‍යය ලෙස විශාලයි. මෙය අහඹු සිදු වීමක් නොවෙයි.
සඳු නිසා සාගරයේ වඩදිය බාදිය ඇති වන අතර පෘථිවියේ පාරිසරික සමතුලිතතාවටද දායක වෙයි. පෘථිවියේ ආනතියටත් (ඇලවීමටත්) එය අක්ෂය වටා නිසි ලෙස භ්‍රමණය වීමටත් සඳු අවශ්‍යයි. පෘථිවියටම කියා තැනූ සඳු නොතිබුණා නම් පෘථිවිය ඒ මේ අත භ්‍රමණය වීම නිසා දේශගුණයේ, වඩදිය බාදියේ හා අනෙකුත් ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති වීම නිසා මහත් ව්‍යසනයකට ගොදුරු වෙයි.
පෘථිවියේ ආනතිය හා භ්‍රමණය
ඍතු ඇති වන්නේත් උෂ්ණත්වය පාලනය වන්නේත් දේශගුණික විවිධත්වයන් ඇති වන්නේත් පෘථිවිය අංශක 23.5කට ඇල වී තිබෙන නිසයි. ‘පෘථිවිය ඇල වී තිබෙන ප්‍රමාණය සියයට සියයක්ම නිවැරදියි’ කියා එක් පොතක සඳහන් වෙනවා.—Rare Earth—Why Complex Life Is Uncommon in the Universe.
අපට රාත්‍රිය හා දවාල ඇති වන්නේ පෘථිවිය භ්‍රමණය වන නිසයි. එය නිසි වේගයෙන් භ්‍රමණය වන නිසා රාත්‍රි කාලය හා දවල් කාලය දිගු වන්නේවත් කෙටි වන්නේවත් නැහැ. භ්‍රමණය සෙමින් සිදු වුණා නම් ඉරට මුහුණලා සිටින අය අධික උණුසුමටත් පෘථිවියේ අනිත් පැත්තේ වෙසෙන අය අධික ශීතලටත් ලක් වෙයි. අනික් අතට දවසට නියමිත පැය ප්‍රමාණය කෙටි වී පෘථිවිය වේගයෙන් භ්‍රමණය වූණා නම් සූර්ය සුළං හා වෙනත් බලපෑම්වලට හසු විය හැකියි.
පෘථිවියේ පිහිටීම, එය භ්‍රමණය වන වේගය හා එහි අසල්වැසියා වූ සඳු දෙස බලද්දී මෙය අහම්බෙන් ඇති වූවක් නොවන බවත් බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් පැහැදිලියි. * භෞතික විද්‍යාඥයෙක් හා පරිණාමවාදය පිළිගන්න තැනැත්තෙක් වන පෝල් ඩේව්ස් පවසන්නේ ‘දෙවි කෙනෙකු විශ්වාස නොකරන විද්‍යාඥයෝ පවා පෘථිවියේ පිහිටීම, එහි ප්‍රතාපවත් බව අලංකාරය හා විශ්වයේ අනිකුත් සියල්ල තුළින් දක්නට ලැබෙන ප්‍රඥාව ගැන විස්මයට පත් වෙනවා’ කියායි.
මෙතරම් සංකීර්ණ විශ්වයක් අහම්බෙන් ඇති වුණා කියා සිතිය හැකිද? එසේත් නැත්නම් එය යම් අරමුණක් සඳහා නිර්මාණය වූවක්ද? පෘථිවියට එල්ල වන විශ්වයේ තිබෙන අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවක් සපයන ද්විත්ව ආවරණයන් වන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය හා වායු ගෝලය ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා. එම ලිපිය කියවන විට ඉහත ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න.
[පාදසටහන]
^ 13 ඡේ. විද්‍යුත් චුම්බකත්වය, ගුරුත්වය, ප්‍රබල න්‍යෂ්ටික බලය හා දුර්වල න්‍යෂ්ටික බලය යන බල හතර විශ්වයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ බල සියල්ල තිතටම සකස් වී තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ඔබ ගැන සළකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ දෙවන පරිච්ඡේදය බලන්න.
[5වන පිටුවේ කොටුව]
උණ්ඩයකට වඩා වේගවත්
ඔබ මේ කොටුව කියවා නිම කළ සැණින් ඔබටත් නොදැනී ඔබ කිලෝමීටර් දහස් ගණනක දුරක් ගමන් කර අවසන්. එසේ ගමන් කිරීමට හැක්කේ කෙසේද කියා අපි සලකා බලමු.
පෘථිවියේ වටප්‍රමාණය කිලෝමීටර් 40,000ක් වන අතර එය සෑම පැය 24කට වරක් තමා වටා භ්‍රමණය වෙනවා. මින් අදහස් කරන්නේ පෘථිවියේ සමකය අසල සිටින කෙනෙක් පැයකට කිලෝමීටර් 1,600ක වේගයකින් ගමන් කරනවා හා සමානයි.
ඊට අමතරව පෘථිවිය සූර්යයා වටා තත්පරයකට කිලෝමීටර් 30ක වේගයෙන් භ්‍රමණය වෙනවා. ඒ වගේම තත්පරයට කිලෝමීටර් 249ක වේගයකින් මුළු සෞරග්‍රහ මණ්ඩලයත් ක්ෂීර පථයේ මධ්‍යස්ථය වටා ගමන් කරනවා. අපි උණ්ඩයක් වේගවත් කියා සිතුවත් එය ගමන් කරන්නේ තත්පරයකට කිලෝමීටර් එකහාමාරක පමණ වේගයකිනුයි.
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Milky Way: NASA/JPL/Caltech
[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Earth: Based on NASA/Visible Earth imagery