සොඳුරු නිවහනක් බඳු අපේ පෘථිවිය
සොඳුරු නිවහනක් බඳු අපේ පෘථිවිය
ජීවීන්ට අපගේ පෘථිවිය කදිම නිවහනක්. මෙම ජීවීන්ගෙන් සමහරෙක් පසේ වාතයේ මෙන්ම ජලයේද වෙසෙයි. සමහර ජීවීන් කොතරම් කුඩාද කියනවා නම් උන් අපගේ පියවි ඇසට නොපෙනෙයි. උදාහරණයකට පස් ග්‍රෑම් එකක බැක්ටීරියා විශේෂ 10,000ක් පමණ වෙසෙනවා. ඊට අමතරව තවත් ක්ෂුද්‍ර ජීවීන් බොහෝමයක් සිටින බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මින් සමහර ජීවීන්ට පොළොව යට කිලෝමීටර් තුනක් පමණ ගැඹුරෙහි ජීවත් විය හැකියි.
අපි අහසේ දකින පක්ෂීන්ට හා කෘමීන්ට අමතරව වසරේ විවිධ කාලවලදී අප අවට පරිසරය පරාග හා බීජාණු වැනි දෑවලින් පිරී යනවා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවීන් විශේෂ දහස් ගණනක්ද සිටිනවා. “අප අවට පරිසරයේ සැරිසරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය පසෙහි වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණයට දෙවෙනි නැහැ” කියා එක් සඟරාවක සඳහන් වුණා.—Scientific American.
සාගර ගැන කිව හැක්කේ කුමක්ද? සාගර පතුල ගැන පරීක්ෂණ කිරීමට අධික වියදමක් දැරීමට සිදු වන නිසා ඒ ගැන විද්‍යාඥයන් දන්නා තොරතුරු සීමිතයි. හොඳින් සමීක්ෂණය කර තිබෙනවා කියා සිතන කොරල්පරවල පවා දැනට සොයා නොගත් ජීවීන් මිලියන ගණනක් සිටින්න පුළුවන්.
ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ අප අවට පරිසරයේ බොහෝ ජීවීන් වෙසෙන බවයි. පෘථිවියේ රසායනික සංයුතිය ඒකාකාරව තබාගැනීමට මෙම ජීවීන් මහඟු මෙහෙවරක් ඉටු කරනවා. උදාහරණයක් ලෙස සාගරවල දක්නට තිබෙන බෙල්ලන් වැනි ජීවීන්ගේ පිට කටුවේ සහ කොරල්පරවල අඩංගු කැල්සියම් කාබනේට් නිසා ජලයේ රසායනික සංයුතියේ සමබරතාව රැකෙනවා. එය හරියට “උදරයේ ඇති වන ආම්ලිකතාව අඩු කිරීමට ප්රතිආම්ලිකතාව අඩංගු ඖෂධයක් ගැනීම හා සමානයි” කියා ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය මගින් පෙන්වා දෙනවා. ජලයේ හා වාතයේ කාබන්ඩයොක්සයිඩ් සහ ඔක්සිජන්වල සමබරතාව රැකෙන්නේ ගස්කොළන් මෙන්ම ජලය මතුපිට පාවෙන ඒක සෛලීය ශාකයක් වන ප්ලවාංග නිසයි. එමෙන්ම ශාකවලට පසේ තිබෙන පෝෂ්‍ය කොටස් ලබාගැනීමට බැක්ටීරියා හා දිලීර උපකාරවත් වෙනවා. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ජීවීන්ගේ පැවැත්මට කදිම නිවහන මේ පෘථිවිය බවයි!
පෘථිවිය නිසි අයුරින් පිහිටා නොතිබුණා නම් කිසිම ජීවීයෙකුට එය කදිම නිවහනක් කියා පවසන්න බැහැ. පෘථිවිය මෙතරම් කදිමට පිහිටා තිබෙන්නේ කෙසේද කියා 20වන ශතවර්ෂය වන තුරුත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන නැහැ. පෘථිවිය කදිම නිවහනක් වීමට හේතු:
1. ක්ෂීර පථ මන්දාකිනියේ තිබෙන සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය පිහිටා තිබෙන ආකාරය, පෘථිවි කක්ෂය, එය ඇල වී තිබෙන ප්‍රමාණය, පෘථිවිය ගමන් ගන්නා වේගය සහ සඳෙහි පිහිටීම.
2. පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්රය හා වායුගෝලය.
3. ජලය බහුලව තිබීම.
4. ජෛවගෝලය පවිත්‍ර වීම සඳහා ස්වාභාවිකව සිදු වන චක්‍ර.
ඉහත සඳහන් හේතු ඊළඟ ලිපිවලින් සලකා බලන විට මතු දැක්වෙන ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. ‘පෘථිවිය අහඹු සිදු වීමක ප්‍රතිඵලයක්ද? එසේ නැත්නම් නිර්මාණයක්ද? එය නිර්මාණයක් නම් එය නිර්මාණය කළේ ඇයි?’එම ප්‍රශ්නයට පිළිතුර මෙම ලිපි මාලාවේ අවසන් ලිපියෙන් දැන ගත හැකියි.
[3වන පිටුවේ කොටුව]
‘විශ්වය දෙවි විසින් කළ නිර්මාණයක් නොවෙයි’
මුළු විශ්වයම නිසි සැලසුමකට අනුව නිර්මාණය කර තිබෙන බවට ඕනෑ තරම් සාක්ෂි තිබියදීත් එය අහඹු සිදු වීමක් වන්නේ කෙලෙසද? ඒත් බොහෝ විද්‍යාඥයන් එම සාක්ෂි පිළිනොගනියි. ඇමරිකානු ජාතික විද්‍යාඥයෙක් වන රිචඩ් සී. ලවොන්ටින් පවසන්නේ අද බොහෝ විද්‍යාඥයන්ගේ එකම ‘අදිටන වී තිබෙන්නේ විශ්වය දෙවි විසින් කළ නිර්මාණයක් නොවන බවට තහවුරු කිරීමටයි’. ඔවුන් එම මතයේම එල්බගෙන සිටිනවා. එම මතය කිසිවිටකත් වෙනස් නොකිරීම ඔවුන්ගේ එකම අධිෂ්ඨානයයි.
මුළු විශ්වයම ප්‍රඥාවන්ත ලෙස සැලසුම් කළ නිර්මාණයක් බවට සාක්ෂි තිබෙනවා නම් එවැනි මතයක එල්බගෙන සිටීම සාධාරණද? ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?—රෝම 1:20.