Skip to content

පටුනට යන්න

දෙමාපියනි ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

දෙමාපියනි ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

දෙමාපියනි ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

ඇමරිකාවේ එක් අධ්‍යාපන ආයතනයක් උසස් පෙළ ශිෂ්‍යයන්ට මෙවන් උපදෙසක් දී තිබුණා. “ඔබේ උපරිමය කරන්න.” සමහර පාසැල් දරුවන් තමන්ගේ ඉලක්ක අත් කරගැනීමට තමන්ගේ ශක්තිය ඉක්මවා කටයුතු කරනවා. කලින් සඳහන් කළ වෛද්‍යවරිය වන මැඩිලින් ලෙවින් මෙසේ පවසනවා. “ශීඝ්‍රයෙන් කරන පාඨමාලා, නොයෙකුත් අමතර ක්‍රියාකාරකම්, කල් ඇතුව විභාගවලට සූදානම් කිරීම් සහ විභාගවලින් උපරිම ප්‍රතිඵල සඳහා විශේෂ ගුරු උපදේශකවරුන්ගේ මඟ පෙන්වීම් වැනි දේවල් නිසා ශිෂ්‍යයන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය වෙනවා.” එවැනි තත්වයකට මුහුණ දෙන ශිෂ්‍යයන් ශාරීරිකවත් මානසිකවත් පීඩනයට ලක් වෙනවා.

ඔබේ දරුවා පාසැලේදී එවැනි පීඩනයකට ලක් වී සිටිනවා කියා ඔබට සිතෙනවා නම් පාසැලේ ගුරුවරුන්ව හමුවන්න. දරුවා සම්බන්ධයෙන් ඔබ නිරීක්ෂණය කළ දේ පවසන්න. එසේ කිරීමට ඔබට අයිතියක් තිබෙනවා.

දරුවන් ගැන අවධානයෙන් සිටින්න කියා දෙමාපියන්ට බයිබලයේ උපදෙස් දී තිබෙනවා. ඊශ්‍රායෙල් දෙමාපියන්ට මෝසෙස් මෙසේ පැවසුවා. “ඒවා [දෙවිගේ නීති] ඔබේ දූ පුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:7NW.

දරුවාගේ අධ්‍යාපන වැඩ ගැන සොයා බැලීම දරුවාගේ නිදහසට බාධාවක් නොවෙයි. එයින් පෙන්වන්නේ ඔබ දරුවා කෙරෙහි දක්වන ප්‍රේමණීය සැලකිල්ලයි. එසේ කිරීමෙන් ඔබේ දරුවා පාසැලේදී අද්දකින පීඩනය අඩු කරගත හැකියි.

[8, 9වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවා අද්දකින මානසික පීඩනය ගැන ගුරුවරුන් සමඟ කතා කරන්න