Skip to content

පටුනට යන්න

බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද?

බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද?

යෞවන අය අසති

බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද?

මම බයිබලය කියවන්නේ . . . (එකක් ලකුණු කරන්න)

□ දිනපතා

□ සතිපතා

□ වෙනත් ․․․․․

නැත්නම් පහත සඳහන් වාක්‍යය සම්පූර්ණ කරන්න.

මම බයිබලය කියවීමෙන් තෘප්තියක් නොලබන්නේ . . . (අදාළ ඒවා ලකුණු කරන්න)

□ කම්මැලියි

□ තේරුම්ගැනීමට අපහසුයි

□ අවධානය දීමට අපහසුයි

□ වෙනත් ․․․․․

බයිබලය කියවීමෙන් ඔබට තෘප්තියක් ලැබෙන්නේ නැද්ද? එසේනම් ඔබ අවුරුදු 18ක් වයසැති විල් සමඟ එකඟ වෙයි. “බයිබලය කියවීම කම්මැලි දෙයක් කියා සිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඔබ බයිබලය කියවන ආකාරය හරිහැටි දන්නේ නැත්නම් විතරයි.”

බයිබලය හරියාකාරව කියවීමට ඉගෙනගත යුත්තේ . . .

හොඳ තීරණගැනීමට

සැබෑ මිතුරන් ඇති කරගැනීමට

මානසික පීඩනය සමඟ කටයුතු කිරීමටයි.

එමෙන්ම තවත් අගනා උපදෙස් බයිබලයෙන් සොයාගත හැකියි. නමුත් ඒ සඳහා වෑයමක් දැරිය යුතුයි. එය හරියට නිධානයක් සොයනවා හා සමානයි. ඔබ දරන වෑයමේ තරමට ප්‍රතිඵල ලැබෙයි.—හිතෝපදේශ 2:1-6.

ඔබට බයිබලයේ තිබෙන වටිනා වස්තු සොයාගත හැක්කේ කෙසේද? මෙහි දකුණු පැත්තේ තිබෙන කොටුවේ ඔබ බයිබලය කියවිය යුතු ආකාරය ගැනත් ඔබ බයිබලය කියවන්න කැමති කුමන ආකාරයටද කියාත් දෙපැත්තේම සඳහන් වෙනවා. (මෙම කොටස ඔබට කපාගත හැකියි) එමෙන්ම ඊළඟ පිටුවල තිබෙන යෝජනා ගැනත් සලකා බලන්න.

ඔබට අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් www.watchtower.org/e/bible වෙබ් අඩවියෙන් බයිබලය භාෂා කිහිපයකින් කියවිය හැකියි.

සිතා බලන්න

හොඳ ප්‍රතිඵල ලබන්න නම් ඒ සඳහා හොඳ වෑයමක් දැරිය යුතුයි.

▪ බයිබලය කියවීම සම්බන්ධයෙන් එය සැබෑවක් වන්නේ කෙසේද?

▪ ඔබට බයිබලය කියවිය හැක්කේ කුමන වේලාවකදීද?

[23වන පිටුවේ කොටුව/පින්තූරය]

බයිබලය කියවිය යුතු ආකාරය

කියවීමට පෙර . . .

▪ අවධානයෙන් යුතුව කියවීම සඳහා නිස්කලංක ස්ථානයක් තෝරාගන්න.

▪ තේරුම්ගැනීම සඳහා උපකාර ඉල්ලා යාච්ඤා කරන්න.

කියවන විට . . .

▪ බයිබල් වාර්තාව සිතින් මවාගැනීම සඳහා සිතියම් හා පින්තූර උපයෝගී කරගන්න.

▪ ලිවීමට හේතු හා ඊට අදාළ තොරතුරු සලකා බලන්න.

▪ පාදසටහන් හා හරස් යොමු සටහන් බලන්න.

▪ මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න.

තොරතුරු: මෙය සිදු වුණේ කවදාද? මෙය පැවසුවේ කවුද සහ කාටද?

තේරුම්ගැනීම: මම මෙය වෙනත් කෙනෙකුට තේරුම් කර දෙන්නේ කොහොමද?

වටිනාකම: යෙහෝවා දෙවි මෙම වාර්තාව බයිබලයට ඇතුළත් කළේ ඇයි? මෙමගින් ඔහුගේ ගුණාංග හෝ ඔහු ක්‍රියා කරන ආකාරය ගැන දැනගත හැක්කේ කුමක්ද? මට එයින් ගත හැකි පාඩම් මොනවාද?

කියවීමෙන් පසු . . .

▪ තවත් තොරතුරු පර්යේෂණය කරන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කර තිබෙන “මුළු ශුද්ධ ලියවිල්ල විශ්වාසවන්තය ප්‍රයෝජනදායකය” යන ප්‍රකාශන සහ වෙනත් ප්‍රකාශන යොදාගන්න.

▪ නැවතත් යාච්ඤා කරන්න. ඔබ ඉගෙනගත් දේ ගැනත් ඔබ එය අදාළ කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැනත් යෙහෝවා දෙවිට පවසන්න. ඔහුගේ වචනය වන බයිබලය අපට ලබා දී තිබීම ගැන ස්තුති කරන්න.

[24වන පිටුවේ කොටුව/පින්තූරය]

 ඔබ බයිබලය කියවන්න කැමති කුමන ආකාරයටද?

අත්හදා බැලිය හැකි ක්‍රම . . .

□ මුල සිට අග දක්වා කියවීම.

□ පොත් ලියා තිබෙන කාල වකවානුවට අනුව හෝ සිද්ධීන් සිදු වූ අනුපිළිවෙළට කියවීම.

□ සෑම දවසකම බයිබලයේ විවිධ තැන්වලින් කියවීම.

සඳුදා: ඉතිහාසයේ සිදු වූ පුදුම දනවන ක්‍රියා (උත්පත්ති සිට එස්තර් දක්වා)

අඟහරුවාදා: යේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් (මතෙව් සිට යොහන් දක්වා)

බදාදා: මුල් ක්‍රිස්තියානීන් (ක්‍රියා)

බ්‍රහස්පතින්දා: අනාවැකි හා සදාචාර ප්‍රතිපත්ති (යෙසායා සිට මලාකි දක්වා සහ එළිදරව්)

සිකුරාදා: කාව්‍යමය පොත් (යෝබ්, ගීතාවලිය, සලමොන්ගේ ගීතිකාව)

සෙනසුරාදා: ප්‍රඥවන්ත උපදෙස් (හිතෝපදේශ, දේශනාකාරයා)

ඉරිදා: සභාවලට යැවූ ලිපි (රෝම සිට යූද් දක්වා)

ඔබ මෙයින් කුමන ක්‍රමය යොදාගත්තත් වැදගත්ම දේ වන්නේ දිගටම පිළිවෙළකට බයිබලය කියවීමයි. ඔබ පරිච්ඡේදයක් කියෙවූ පසු එය ලකුණු කරන්න.

මෙම කොටස කපා ඔබේ බයිබලයේ තබාගන්න.

[24වන පිටුවේ කොටුව/රූප සටහන]

කියවන කොටස සැබෑ එකක් වීමට නම් . . .

ඔබ කියවන දෙයට මනසින් හවුල් වන්න. උදාහරණයකට:

□ ඔබ කියවන කොටසේ තිබෙන එක් එක් පුද්ගලයන්ගේ නම් පරම්පරාවට අනුව ලැයිස්තු ගත කරන්න.

පියවරෙන් පියවර ලියන්න. උදාහරණයකට ඔබ විශ්වාසවන්ත සේවකයෙක් ගැන කියවන විට ඔහුගේ හොඳ ගුණාංග හා ඒවා නිසා ඔහු හෝ ඇය දෙවිගෙන් ලද ආශීර්වාද සටහන් කරන්න.—හිතෝපදේශ 28:20.

[රූප සටහන]

දෙවිගේ මිතුරෙක්

කීකරුයි

විශ්වාසවන්තයි

↑ ↑

ආබ්‍රහම්

□ ඔබ කියවන සිදුවීම චිත්‍රයට නඟන්න.

සිදුවීම් පෙළ අනුපිළිවෙළට චිත්‍රයට නඟන්න. සෑම චිත්‍රයක් යටින් එහි සිදුවීම සටහන් කරන්න.

ආකෘති සාදන්න. උදාහරණයකට නෝවාගේ නැව. වැඩි විස්තර සඳහා 2007 ජනවාරි පිබිදෙව්! සඟරාවේ 22වන පිටුව බලන්න.

ශබ්ද නඟා කියවන්න. පවුලේ අය හෝ මිතුරන් සමඟ කියවන්න. යෝජනාව: එක් කෙනෙකුට විස්තර කියවීමටත් අනික් අයට විවිධ චරිතවලට හඬ දීමටත් පුළුවන්.

□ යම් බයිබල් වාර්තාවක් තෝරාගෙන එය ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කරන්න. වාර්තාකරුවෙකු ලෙස එම සිද්ධියට සම්බන්ධ අයගෙන් හා ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න අසන්න.

□ අනුවණ ක්‍රියාමාර්ගයක් ගත් යම් සිද්ධියක් තෝරාගෙන ඒ සිද්ධිය එසේ නොවුණා නම් අවසානය කෙබඳු එකක් වෙයිද කියා රඟ දක්වන්න. උදාහරණයකට පේතෘස් යේසුස්ව තුන්වතාවක් හඳුනන්නේ නැහැයි කියා පැවසුවා. (මාක් 14:66-72) පේතෘස්ට ඇති වූ පීඩනයට වෙනස් ආකාරයකින් ක්‍රියා කිරීමට තිබුණේ කෙසේද කියා පෙන්වන්න.

පටිගත කර ඇති බයිබල් නාට්‍යවලට සවන් දීමට හෝ වීඩියෝ පටි නැරඹීමට පුළුවන්.

ඔබත් නාට්‍යය පිටපතක් ලියන්න. ඔබට එයින් ඉගෙනගත හැකි පාඩම්ද ඇතුළත් කරන්න. (රෝම 15:4)

යෝජනාවක්: මිතුරන් කිහිපදෙනෙකු සමඟ එම නාට්‍යය රඟ දක්වන්න.

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

කියවීමට පෙලඹීමක් ඇති වීමට නම් . . .

▪ ඉලක්කයක් තබන්න. ඔබ බයිබලය කියවීමට ආරම්භ කරන දිනය සටහන් කරන්න.

․․․․․

▪ බයිබලයෙන් ඔබ කියවීමට වඩාත් කැමති කොටසක් තෝරාගන්න. ඔබ මුලින්ම කියවන්නේ කුමන කොටසද කියා ලකුණු කරන්න. ඔබ  “බයිබලය කියවන්න කැමති කුමන ආකාරයටද” යන කොටුව බලන්න.

․․․․․

▪ මුලදී කෙටි වේලාවක් වෙන් කරන්න. විනාඩි 15ක් තරම් කෙටි කාලයක් හෝ කියවීම වටියි. කොතරම් කාලයක් ඔබට වෙන් කළ හැකිද කියා සඳහන් කරන්න.

․․․․․

යෝජනාව: අධ්‍යයනය සඳහා වෙනම බයිබලයක් තබාගන්න. එහි සටහන් ලියාගන්න. ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන බයිබල් පද ලකුණු කරන්න.

[25වන පිටුවේ කොටුව/පින්තූර]

යෞවනයන් පවසන දේ

“මම නින්දට යන්න කලින් බයිබලයෙන් පොඩි කොටසක් කියවන්න පුරුදු වී සිටිනවා. මට නින්ද යන තුරු හොඳ සිතුවිලි මනසට නඟාගැනීමට මෙය මට උපකාරවත් වෙනවා.”—මේගන්.

“මම එක බයිබල් පදයක් විනාඩි 15ක් විතර අධ්‍යයනය කරනවා. මම ඊට අදාළ සෑම පාදසටහන් හා හරස් යොමු සටහන් බලනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර පර්යේෂණත් කරනවා. සමහර අවස්ථාවලදී එක පදයක් එක වතාවකින් කියවා අවසන් කරන්නේ නැහැ. මට මේ ආකාරයට කියවීමෙන් මහත් ප්‍රයෝජන ලැබී තිබෙනවා.”—කුරේ.

“එක් අවස්ථාවක මම බයිබලය මාස දහයකින් කියවා අවසන් කළා. කෙටි කාලයක් තුළ එලෙස බයිබලය කියවා නිම කිරීමෙන් බයිබලයේ පද අතර තිබෙන සම්බන්ධය වෙන කවරදාකටවත් වඩා හොඳින් තේරුම්ගන්න හැකි වුණා”—ජෝන්.

[25වන පිටුවේ කොටුව]

ඔබට තෝරාගත හැකියි

යම් සිද්ධියක් තෝරාගන්න. බයිබලයේ සැබෑ සිදුවීම් රැසක් වර්තා වී තිබෙනවා. ඒවායින් ඔබේ සිත්ගත් වාර්තාවක් තෝරාගෙන එය සම්පූර්ණයෙන්ම කියවන්න.

සුවිශේෂ වාර්තාවෙන් කොටසක් තෝරාගන්න. මතෙව් (සුවිශේෂ පොත් හතරෙන් පළමුවෙනි පොත), මාක් (කුතුහලය දනවන වාර්තා ඇතුළත්), ලූක් (යාච්ඤාවට විශේෂ තැනක් දෙයි. එමෙන්ම ස්ත්‍රීන්ව ගෞරවයෙන් සලකයි) හෝ යොහන් (අනික් සුවිශේෂ තුනේ සඳහන් තොරතුරු මෙහි සඳහන් වන්නේ සුළු වශයෙන්) යන පොත්වලින් එකක් කියවන්න.

යෝජනාව: කියවීමට පෙර එම පොත ලියූ තැනැත්තා සහ එහි තොරතුරු කෙටියෙන් සලකා බලන්න. එවිට ඔබට එම වාර්තාවේ වැදගත්කම තේරුම්ගත හැකියි.

ගීතාවලිය පොතෙන් කොටසක් තෝරාගන්න.

උදාහරණයකට ඔබට තනිකමක් දැනෙනවා නම් ගීතාවලිය 142වන පරිච්ඡේදය කියවන්න.

ඔබේ දුර්වලකමක් නිසා ඔබ අධෛර්යයට පත් වී සිටිනවා නම් ගීතාවලිය 51වන පරිච්ඡේදය කියවන්න.

ඔබට දෙවිගේ ප්‍රමිතිවල තිබෙන ප්‍රයෝජන ගැන යම් සැකයක් තිබෙනවා නම් ගීතාවලිය 73වන පරිච්ඡේදය කියවන්න.

යෝජනාව: ඔබ ගීතාවලිය පොතෙන් කියවා දිරිගැන්වීමක් ලැබූ පරිච්ඡේද සටහන් කරගන්න.

[26වන පිටුවේ කොටුව]

සැඟවුණු වස්තු

පසුබිම සැලකිල්ලට ගන්න. ලියු කාලය, ස්ථානය හා ලිවීමට හේතු වූ කාරණා සොයා බලන්න.

උදාහරණයක්: එසකියෙල් 14:14 කියවන්න. යෙහෝවා දෙවිනෝවා සහ යෝබ් මෙන් දානියෙල් හොඳ ආදර්ශයක් කියා පවසන විට දානියෙල්ගේ වයස කීයද?

හෝඩුවාව: එසකියෙල් 14වන පරිච්ඡේදය ලියා අවසන් කළේ දානියෙල් බබිලෝනියෙන් පිටුවහල් කර අවුරුදු පහකට පසුවයි. මේ අනුව ඔහු යොවුන් වියේ පසු වුණා විය හැකියි.

සැඟවුණු වස්තුව: දානියෙල් යෞවනයෙක් නිසා යෙහෝවා දෙවි ඔහු තුළ තිබූ ඇදහිල්ල එතරම් වටිනා දෙයක් ලෙස සැලකුවේ නැද්ද? දානියෙල්ට ආශීර්වාද ලැබුණේ ඔහු ගත් කුමන තීරණ නිසාද? (දානියෙල් 1:8-17) තීරණගැනීමේදී ඔබට දානියෙල්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

සෑම කාරණයක්ම සොයා බලන්න. සමහරවිට වචනයක හෝ දෙකක ලොකු අර්ථයක් තිබිය හැකියි.

උදාහරණයක්: මතෙව් 28:7 සහ මාක් 16:7 සන්සන්දනය කර බලන්න. යේසුස් ගෝලයන්ට පමණක් නොව ‘පේතෘස්ටද’ පෙනී සිටින බව මාක් සඳහන් කළේ ඇයි?

හෝඩුවාව: මාක් මෙම සිද්ධීන් සියැසින් දුටු කෙනෙක් නොවෙයි. පෙනෙන ආකාරයට මාක් මෙම තොරතුරු ලබාගන්න ඇත්තේ පේතෘස්ගෙන් විය හැකියි.

සැඟවුණු වස්තුව: යේසුස්ට තමාව දකින්න වුවමනා වූ බව පේතෘස්ට සහතික කරගැනීමට අවශ්‍ය වුණේ ඇයි? (මාක් 14:66-72) යේසුස් පේතෘස්ට සැබෑ මිතුරෙක් වුණේ කෙසේද? ඔබට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

අමතර පර්යේෂණ කිරීම්. තවත් තොරතුරු සොයාගැනීම සඳහා බයිබලය මත පදනම් වෙනත් ප්‍රකාශන පර්යේෂණය කරන්න.

උදාහරණය: මතෙව් 2:7-15 කියවන්න. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණියේ කවදාද?

හෝඩුවාව: වර්ෂ 2008 ජනවාරි 1වෙනිදා මුරටැඹ කලාපයේ 31වන පිටුව බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

සැඟවුණු වස්තුව: යේසුස්ගේ පවුලේ අය ඊජිප්තුවේ සිටියදී ඔවුන්ට අවශ්‍ය දේ සපයමින් යෙහෝවා දෙවි ඔවුන්ව රැකබලා ගත්තේ කෙසේද? දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය පීඩාකාරී කාලවලට මුහුණ දීමට ඔබට උපකාරවත් වන්නේ කෙසේද?—මතෙව් 6:33, 34.