Skip to content

පටුනට යන්න

උඩු ගුවනේ දැවැන්තයා වැසි වනාන්තරයේ ගොදුරට ඇදෙන කුරුල්ලා

උඩු ගුවනේ දැවැන්තයා වැසි වනාන්තරයේ ගොදුරට ඇදෙන කුරුල්ලා

උඩු ගුවනේ දැවැන්තයා වැසි වනාන්තරයේ ගොදුරට ඇදෙන කුරුල්ලා

ඉක්වදෝරයේ පිබිදෙව්! ලේඛක විසින්

▪ ඈත අතීතයේ දකුණු ඇමරිකාවේ ගවේෂකයන්ට මෙම දැවැන්ත පක්ෂියාව දුටු විට තම දෙනෙත් අදහාගැනීමට නොහැකි වුණා. ඊට හේතුව එතරම් විශාල පක්ෂියෙක් මින් පෙර ඔවුන් දැක නොතිබීමයි. ඔවුන් එම පක්ෂියාව නම් කළේ ග්‍රීක මිථ්‍යා කතාවල පක්ෂියෙකුගේ පෙනුමත් ගැහැනියකුගේ පෙනුමත් තිබු දැවන්ත සතෙකුට දී තිබූ නාමයෙන්. එනම් හාපි ලෙසයි.

එම පක්ෂියා නම් හාපි රාජාලියායි. අදටත් එම හාපි රාජාලියා දුටු විට ඇති වන්නේ විස්මයක්. මන්දයත් උගේ උස අඩි තුනක් පමණ වන අතර ඌ පියාපත් දිග හැරිය විට එය අඩි හතක් දක්වා විහිදෙයි. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වැසි වනාන්තරවල දැකගත හැකි මෙම පක්ෂියා, රාජාලියන් අතරින් බලවන්තයෙක් මෙන්ම දැවැන්තයෙක්. ගැහැනු රාජාලියන් පිරිමි රාජාලියන්ට වඩා විශාල වන අතර උගේ බර කිලෝග්‍රෑම් නවයක් පමණ වෙයි.

මෙම හාපි රාජාලියාගේ විශාල ශරීරයට සාපේක්ෂව උන්ගේ පාදවල නියත් අඟල් පහක් දක්වා වැඩෙනවා. මෙය බෝල්ඩ් නම් රාජාලියාගේ පාදවල නියපොතුවල දිගට වඩා දෙගුණයකින් වැඩියි. එක් සඟරාවක මෙසේ සඳහන් වී තිබුණා. “හාපි රාජාලියාගේ නිය කොතරම් ශක්තිමත්දයත් වැසි වනාත්තරවල වෙසෙන වඳුරන් හා වෙනත් සතුන්ව ක්ෂණිකයෙන් තම ග්‍රහණයට හසු කරගන්නා අතර එම සතුන්ගේ ඇටකටු පවා පොඩි කර දමන්ට උන්ට හැකියි.” මෙම රාජාලියා ශරීරයෙන් කොතරම් විශාල වුණත් තියුණු නිය සහිත පාද තිබුණත් ඌ අපගේ හිසට උඩින් පියාසර කරන විට එය අපට නොදැනෙයි.—National Geographic Today.

තර්ජනය අභියස

හාපි රාජාලියාගෙන් මිනිසාට තර්ජනයක් නොවුණත් මිනිසා උගේ ජීවිතයට තර්ජනයක් වී තිබෙනවා. මිනිසා ඉවක් බවක් නොමැතිව වන සතුන්ව දඩයම් කිරීම නිසා මෙම පක්ෂියාද වඳවීමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මෙම රාජාලින්ව සංරක්ෂණය කිරීම සඳහා පැනමා රජය මගින් උන්ව ජාතික පක්ෂියා ලෙස නම් කර තිබෙන අතර උන්ව දඩයම් කරන අයට දැඩි දඬුවම් ලබා දෙනවා.

ඉක්වදෝරයේද මෙම රාජාලින්ව සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. ගෝවායාකුවිල් උද්‍යානයේ සේවය කරන පශු වෛද්‍යවරයෙක් වන යාරා පෙසන්ටේස් සමඟ පිබිදෙව්! සඟරාව කළ සාකච්ඡාවේ දී ඔහු මෙවන් අදහසක් පළ කළා. මෙම රාජාලින් තම වර්ගයා බෝ කිරීමට පරිණතවන්නේ උන්ට අවුරුදු හතරක් පහක් අතර කාලයක් ගත වූ පසුවයි. එමෙන්ම උන් බිත්තර දමන්නේ අවුරුදු දෙකකට වතාවක්. එසේ දමන්නේත් එකක් හෝ දෙකක් පමණයි. මේ නිසා උන්ගේ වර්ධනය එතරම් ශීඝ්‍රව සිදු නොවෙයි. නමුත් උද්‍යානය මගින් සිදු කළ සංරක්ෂණ ව්‍යාප්තෘතිය නිසා නිරෝගී පැටවුන් බිහි කිරීමට හැකි වී තිබෙනවා.

නමුත් මෙම වන සතුන් සංරක්ෂණය කිරීමේ වැඩ සටහන සැමදාටම සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මන්ද සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි පොළොවේ සිදු වන සෑම දෙයක්ම තම පාලනයට නතු කරගන්නවා. එවිට මෙම පෘථිවියේ සෑම දෙයක්ම සුරක්ෂිතව තිබෙන බව ස්ථිරයි.—ගීතාවලිය 104:5; යෙසායා 45:18.

[25වන පිටුවේ පින්තූරය]

මේ සුදානම් වෙන්නේ රාජාලියෙකුගේ පාදයට ලකුණක් යෙදීමටයි

[හිමිකම් විස්තර]

Pete Oxford/Minden Pictures

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Tui De Roy/Roving Tortoise Photos