Skip to content

පටුනට යන්න

“ලෝක විනාශයෙන් බේරෙන්නේ කෙසේද?”

“ලෝක විනාශයෙන් බේරෙන්නේ කෙසේද?”

“ලෝක විනාශයෙන් බේරෙන්නේ කෙසේද?”

▪ බයිබලයේ ලෝක විනාශය ගැන හෝ මේ සමාජ ක්‍රමයේ අවසානය ගැන කර තිබෙන සඳහනෙන් අදහස් කරන්නේ කුමක්ද? එය මුළු මනුෂ්‍යය සංහතියම අතුගා දමන න්‍යෂ්ටික යුද්ධයක්ද? නැතහොත් එය උල්කාපාතයක් වැනි දෙයක් වැටීමෙන් සිදු වන ස්වාභාවික විපතක්ද? බයිබලයේ පවසන්නේ ලෝක විනාශයෙන් “මහත් සමූහයක්” දිවි ගලවාගන්නා බවයි. (එළිදරව් 7:9, 10, 14) මේ මහත් සමූහය කවුද? ඔබටත් මේ සමූහයට එක් විය හැකිද?

එම ප්‍රශ්නවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන “සෝදිසියෙන් සිටින්න” යන තේමාවෙන් යුත් සමුළුවේදී ඉදිරිපත් කරන “ලෝක විනාශයෙන් බේරෙන්නේ කෙසේද” යන ප්‍රසිද්ධ දේශනයෙන් පිළිතුරු ලබාගත හැකියි. මෙම සමුළුවට සහභාගී වන මෙන් ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා. සමුළුව පවත්වන ස්ථානය දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ගෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයට හෝ ලියා විමසන්න.