Skip to content

පටුනට යන්න

අතීත සැමරුම් නොමැකුණු නගරය

අතීත සැමරුම් නොමැකුණු නගරය

අතීත සැමරුම් නොමැකුණු නගරය

බල්ගේරියාවේ පිබිදෙව්! ලේඛක විසින්

අප මේ කතා කරන්නේ බල්ගේරියාවේ දකුණු මධ්‍යම පළාතේ පිහිටි ප්ලොව්ඩිව් නගරය ගැනයි. මෙය රෝමය හා කාතේජ නගරයට වඩා ඉපැරණි නගරයක්. එම නගරයේ ජනගහනය 3,50,000ක් පමණ වෙනවා.

නගරයේ පැරණි මංමාවත් දිගේ යන විට ප්‍රීතිමත් අතීතයක මතක සටහන් බොහොමයක් දැකගත හැකියි. දරුණු ජාතියක් වන ත්‍රේසයේ වැසියන් ක්‍රිස්තු පූර්ව සියවස් ගණනාවකට පෙර තැනූ ගොඩනැඟිලිද ග්‍රීක වැසියන් තැනූ ස්තම්භද රෝම වැසියන් තැනූ රඟමඬලද තුර්කි වැසියන් තැනූ මුස්ලිම් පල්ලිවල කොත්ද දැකගත හැකියි.

“සුන්දරම නගරය”

භූවිද්‍යාඥයන් එම නගරය හා ඒ අවට කළ කැණීම්වලදී සොයාගැනුණේ එය ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රයේදී පමණ ජනාවාස වී තිබුණු බවයි. රෝම ඉතිහාසඥයෙක් වන ඇමියානස් මාර්සලනියස් පැවසුවේ ක්‍රි. පූ. හතරවන සියවසට පෙර ත්‍රේස ජාතිකයන් මෙම නගරයේ ආරක්ෂාව තහවුරු කර එම නගරය ඉමොපියස් නමින් හැඳින්වූවා කියායි. ක්‍රිස්තු පූර්ව 342දී ඉමොපියස් නගරය මහ ඇලෙක්සැන්ඩර්ගේ පියා වන මැසිඩෝනියාවේ දෙවන ෆිලිප් රජ අත් පත් කරගෙන එය ෆිලිප්පොපෝලෙස් ලෙස නම් කළා.

ක්‍රිස්තු වර්ෂ 46දී රෝමවරු එම නගරය තම පාලනයට නතු කරගත් විට ඔවුන් එය හැඳින්වූයේ ට්‍රිමොන්ටියම් ලෙසයි. එමෙන්ම ඔවුන් එය ත්‍රේසයේ අගනුවර ලෙසටත් නම් කළා. රෝමවරු එම නගරය අත් පත් කරගැනීමට මහත් උනන්දුවක් දැක්වූයේ එම නගරය හරහා බෝල්කන් දේශයට වැටී තිබූ ඩයෝගොනාලිස් නම් මහ මාර්ගය නිසයි. රෝමවරු විසින් එම නගරයේ ක්‍රිඩාංගණයක්, රංග භූමියක්, (ඉහළ පින්තූරය) නාන තටාක බොහොමයක් සහ රෝමවරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැණුණු ගොඩනැඟිලිද ඉදි කරනු ලැබුවා.

මෙම නගරයේ සුන්දරත්වය ගැන ලූෂන් සැමෝසටා කාව්‍ය අලංකාරයෙන් පැවසුවේ මෙසේයි. මෙම නගරය පිහිටා තිබෙන්නේ රොඩොපි කඳු අසල පිහිටි තවත් කඳු කිහිපයකට මැදිවයි. ( 18වන පිටුවේ ඇති “කඳු සතකට මැදි වූ නගරය” නමැති කොටුව බලන්න.) එම නගරය අසලින් ගලා බසින්නේ මරිට්සා නදියයි. නගරයට මුහුණලා තිබෙන්නේ ත්‍රැසියන් සමභූමියයි. ඇත්තෙන්ම ට්‍රිමොන්ටියම් නගරය සියලු නගරවලට වඩා “සුන්දරම නගරය” කියා අවිවාදයෙන් පැවසිය හැකියි.

රෝම පාලනයෙන් පසු එම නගරයට උදා වුණේ අඳුරු යුගයක්. එහි පදිංචි වුණේ සොල්වැකී වැසියන්. ඉන්පසු ගත වූ ශතක කිහිපය ඇතුළත ක්රූ සෙයිඩ්වරුන් අවස්ථා හතරකදී නගරය මංකොල්ල කෑවා. දහහතර වන සියවසේදී ආණ්ඩුවේ වෙනසක් ඇති වූ අතර පාලන අයිතිය තුර්කිවරුන් අතට පත් වුණා. ඔවුන් එම නගරය ෆිලිබි ලෙස නම් කළ අතර ඔවුන්ගේ පාලන බලය 1878 දක්වා දිව ගියා. ජූමෙයියා මුස්ලිම් පල්ලියේ කොත හා හිරු තැටිය අදටත් එම පාලන සමයේ මතක සටහන් ලෙස දක්නට ලැබෙනවා.

වර්ෂ 1878දී රුසියානුවන් විසින් තුර්කිය පරාජය කර එම නගරය ප්ලොව්ඩිව් ලෙස හැඳින්වූවා. වර්ෂ 1892දී එම නගරයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයෙන් පසු එහි ආර්ථිකය ඉහළ ගියා. ඉන්පසු ප්ලොව්ඩිව් නගරය බල්ගේරියාවේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වුණා. දෙවන ලෝක මහ යුද සමයේදී නාට්සිවරුන් කෙටි කාලයකට එම නගරයේ පාලනය තම අණසකට නතු කරගත්තත් 1944දී සෝවියට් ආණ්ඩුව එහි බලය නැවතත් අත් පත් කරගත්තා. වර්ෂ 1989දී ප්ලොව්ඩිව් නගරය සෝවියට් ආණ්ඩුවෙන් නිදහස් වී ස්වාධීන ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගත්තා. කලින් ප්ලොව්ඩිව් නගරය පාලනය කළ නායකයන් අවංක අය වූවත් සෑම කෙනෙකුගේ අතින්ම අඩුපාඩු සිදු වෙනවා හා සමානව ඔවුන් අතින්ද අඩුපාඩු සිදු වෙන්න ඇති.

ප්ලොව්ඩිව් නගරයට ආ ශුභාරංචිය

වර්ෂ 1938 මුල්භාගයේදී වොච්ටවර් (නැබ්ලුඩේටෙලෙනා කුලා) නමින් සමාගමක් ස්ථාපිත කළ අතර එමගින් බයිබල් හා බයිබලයේ දැනුම අඩංගු පොත් පත් බල්ගේරියාව පුරා බෙදාහරින්න පටන්ගත්තා. වර්ෂ 1960දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්ලොව්ඩිව් නගරයේ වැසියන්ට දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න ආරම්භ කළා. එමෙන්ම පැමිණීමට නියමිත සර්ව සම්පූර්ණ වූ දෙවිගේ පාලනය ගැනත් ඔවුන් දේශනා කළා.—මතෙව් 24:14.

කොමියුනිස්ට් පාලකයන්ගෙන් කොතරම් පීඩා පැමිණියත් සාක්ෂිකරුවන් දිගටම සේවය කළා. කිහිපදෙනෙක් එම පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. දැනට ප්ලොව්ඩිව් නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් දෙකක් තිබෙන අතර එහි සාක්ෂිකරුවන් 200ක් පමණ ක්‍රියාශීලීව සේවය කරනවා.

මෙම සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් බල්ගේරියානු ජාතිකයන්. මෙම නගරයේ විවිධ ජාතීන් විසූ නිසා සාක්ෂිකරුවන් අතරේද ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ඉතාලිය, මෝල්ඩාවියාව හා පෝලන්තය වැනි විවිධ රටවලට අයත් ජනයා සාක්ෂිකරුවන් අතර සිටිනවා. මේ සියලුදෙනා තම අසල්වැසියන්ට දේවපාලනයක් යටතේ ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන පවසනවා. ඒ කාලයේදී ප්ලොව්ඩිව් වැසියන් පමණක් නොව ලොව පුරා වෙසෙන සියලුම වැසියන් “තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුවසේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—මීකා 4:4, නව ලොව පරිවර්තනය.

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

 “කඳු සතකට මැදි වූ නගරය”

ප්ලොව්ඩිව් නගරය කඳු සතකට මැදි වූ නගරයක් කියා හැඳින්වූවත් අද දින කඳු සතක් දැකගැනීමට නැහැ. අවුරුදු 100කට පෙර නගරය විශාල කිරීම සඳහා මාර්කොවෝ කන්ද සමතලා කර තිබෙනවා. නමුත් ඉතුරු කඳු හය අතීත සැමරුම්වලට සාක්ෂියක්.

එම කඳු අතරින් බුනාර්ජික් කන්ද, ජෙන්ඩෙම් කන්ද සහ තුර්කියන් විසින් ඔරලෝසු කණුවක් තනා තිබෙන සැහැට් කන්ද පැහැදිලිව දැකගත හැකියි. ප්ලොව්ඩිව් නගරයේ ඉතිරි කඳු තුනෙන් වට වූ ප්‍රදේශය රෝමවරු හැඳින්වූයේ ට්‍රිමොන්ටියම් කියායි. ඒවා නම් ටැක්සිම් හා නෙබෙට් යන කඳු සහ විශාලතම මෙන්ම උසම කන්ද වන ජැන්බෑස් කන්දයි. නෙබෙට් යන්නෙහි තේරුම තුර්කි භාෂාවට අනුව ආරක්ෂක කන්ද යන්නයි.

ට්‍රිමොන්ටියම් හරහා යන කෙනෙකුට ප්ලොව්ඩිව් නගරයේ තිබෙන නටබුන්, දෙවන ෆිලිප් රජුගේ කාලයේ තනනු ලැබූ තාප්ප මෙන්ම අදටත් භාවිතයට ගන්නා රෝම රඟමඬල වැනි දේවල් පමණක් නොව මංමාවත් දිගේ ඇති සුරක්ෂිත පෞරාණික නිවෙස්ද ප්ලොව්ඩිව් නගරයේ දැකගත හැකියි. මේ සෑම දෙයක්ම අතීත සැමරුම්වලට මනා සාක්ෂියක්.

[හිමිකම් විස්තර]

© Caro/Andreas Bastian

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බල්ගේරියාව

සොෆියා

ප්ලොව්ඩිව්

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © Wojtek Buss/age fotostock; bottom: David Ewing/Insadco Photography/age fotostock