දැනුම මිනුම
දැනුම මිනුම
මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
ගණන් කතාව 22:21-27 දක්වා සඳහන් කොටස් කියවා, ඔබේ පිළිතුර ලියන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.
1. ․․․․․
2. ․․․․․
3. ․․․․․
සාකච්ඡා කිරීමට:
බාලාම් කෝප වූයේ ඇයි? බාලාම් කොටළුදෙනට සැලකූ ආකාරය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? එසේ සිතීමට හේතුව කුමක්ද?
මෙම කලාපයෙන්
ප්රශ්නවලට පිළිතුරු සපයා, සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.
7-8වන පිටු දක්වා මිනිසුන්ට භය වීම නිසා සිදු වන්නේ කුමක්ද? හිතෝපදේශ 29:․․․
7වන පිටුව අඥාන කෙනෙක් ගමන් කරන්නේ කෙසේද? දේශනාකාරයා 2:․․․
7වන පිටුව කඩිසර කෙනෙකුගේ සැලසුම්වල ප්රතිඵලය කුමක්ද? හිතෝපදේශ 21:․․․
22වන පිටුව මිය ගිය කෙනෙකුගේ තත්වය කෙබඳුද? දේශනාකාරයා 9:․․․
සිඟිති ඔබට වැඩක්
මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.
අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?
යෙරෙමියා 38:1-13; 39:15-18 දක්වා කියවා පහත සඳහන් ප්රශ්නවලට පිළිතුරු සපයන්න.
4. ․․․․․
යෙරෙමියාව බේරාගත්තේ කවුරුන්ද? ඔහු එවැනි අවදානම් පියවරක් ගත්තේ ඇයි?
5. ․․․․․
එම මිනිසාට යෙරෙමියා පසුව පැවසුවේ කුමක්ද?
සාකච්ඡා කිරීමට:
යෙහෝවා දෙවිගේ පණිවිඩය ප්රකාශ කිරීමට අවදානමක් තිබුණත් යෙරෙමියා එසේ කළේ ඇයි? ඔබත් යෙරෙමියා මෙන් යෙහෝවා දෙවිට සේවය කරනවා නම් යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කුමක් කරයිද?
▪ පිළිතුරු 27වන පිටුවේ
31වන පිටුව සඳහා පිළිතුරු
1. කොටළුදෙන.
2. බාලාම්ගේ සැරයටිය.
3. යෙහෝවා දෙවිගේ දූතයා.
4. ඒබෙද්-මෙලෙක්. යෙරෙමියා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් බව ඔහු දැනගත් නිසා ඔහුව මරණයෙන් ගලවාගත්තා.
5. යෙරුසලමේ විනාශයේදී ඒබෙද්-මෙලෙක්ව යෙහෝවා දෙවි ආරක්ෂා කරන බවයි.