Skip to content

පටුනට යන්න

මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

යෞවන අය අසති

මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

“එක දවසක් මට ඇහුණා මං ගැන මෙහෙම කියනවා. මාව හතරට ගෙන්න ගන්න ඕන නම් තුනට එන්න කියලා කියන්න. ඒ වේලාවේ තමයි මට තේරුම් ගියේ මම වේලාවට වැඩ කරන්න ඕන කියලා.”—රිකී. *

ඔබගේ දවස පැය කීයකින් දික් වෙනවාටද ඔබ කැමති? එම කාලය කුමන දේවල් සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවාද?

□ මිතුරන් සමඟ කාලය ගත කිරීමට

□ නිදාගැනීමට

□ අධ්‍යයනය කිරීමට

□ ව්‍යායාම් කිරීමට

□ වෙනත්

දිනකට පැය 24කට වඩා තිබෙනවා නම් කොතරම් හොඳද කියා ඔබට සිතෙන්න පුළුවන්. එය සිහිනයක් පමණයි. නමුත් කාලය හොඳින් කළමනාකරණය කරනවා නම් තමන්ට කාලය මදී යන හැඟීමෙන් මිදෙන්න හැකි බව බොහෝ යෞවනයන් සොයාගෙන තිබෙනවා. එම යෞවනයන් කාලය හොඳින් සැලසුම් කිරීම නිසා මානසික පීඩනය මඟ හරවාගැනීමටත් පාසැලේ වැඩකටයුතු නිසි පිළිවෙළකට කිරීමටත් දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමටත් හැකි වී තිබෙනවා. ඔබේ කාලයත් හොඳින් සැලසුම් කිරීමට හැක්කේ කෙසේද කියා සොයා බලමු.

1වෙනි අභියෝගය: කාලසටහනක් පිළියෙල කිරීම

ඔබට ඇති වන බාධා. කාලසටහනකට අනුව වැඩ කිරීම යන සිතුවිල්ල පවා ඔබ යමකට කොටු වී ඇති බවක් දැනිය හැකියි. ඔබ සතුටු වන්නේ ඔබට රිසි සේ වැඩකටයුතු කිරීමටයි. සෑම මොහොතක්ම කාලසටහනකට අනුව කිරීමට ඔබ අකමැති ඇති.

ඔබ එය කළ යුත්තේ ඇයි? පුරාණයේ විසූ ප්‍රඥාවන්ත රජෙක් බයිබලයේ මෙසේ සඳහන් කර තිබෙනවා. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 21:5, නව ලොව පරිවර්තනය, NW) සලමොන් රජ කාර්යබහුල ජීවිතයක් ගත කළ බවට කිසිම සැකයක් නැහැ. ඔහු ස්වාමිපුරුෂයෙක් පියෙක් සහ රජෙක් ලෙස වගකීම් ඉසිලීමට පටන්ගන්න ඇත්තේ අවුරුදු 20දී පමණ විය හැකියි. ඉන්පසු ඔහු ගත කළ ජීවිතය වඩාත් කාර්යබහුල වුණා. ඔබත් දැන් ගතකරන්නේ කාර්යබහුල ජීවිතයක් විය හැකියි. අනාගතයේදී ඔබේ ජීවිතය මීටත් වඩා කාර්යබහුල විය හැකියි. ඒ නිසා දැන් සිටම කාලය හොඳින් සැලසුම් කරන්න.

ඔබේ සම වයසේ අය පවසන දේ. “මාස හයකට කලින් මම කාලසටහනකට අනුව වැඩ කරන්න පටන්ගත්තා. ඒ නිසා දැන් මට දේවල් පිළිවෙළට කරගන්න පුළුවන්.”—යොහාන්.

“කරන්න තියෙන වැඩ ලියාගැනීමෙන් දේවල් පිළිවෙළකට කරන්න මට උපකාරවත් වෙලා තියෙනවා. මටයි අම්මටයි වැඩ හුඟක් කරන්න තියෙන කොට අපි දෙන්නා ඒවා ලියාගෙන සහයෝගයෙන් කරන්න පුළුවන් කොහොමද කියාලා සොයා බලනවා.”—මෙලී.

ඔබට උපකාරවත් වන ආකාරය. උදාහරණයකට ඔබේ පවුලේ අය රථයකින් ගමනක් යනවා කියා සිතන්න. එක් එක් අය තම තමන්ගේ ගමන් මලු පිළිවෙළක් නොමැතිව රථයේ ඩිකියට දැමුවොත් කුමක් සිදු වෙයිද? සෑම කෙනෙකුගේම ගමන් මලු දැමීමට ඉඩ මදි වෙයි. නමුත් ඔබ සියලුම ගමන් මලු පිටතට ගෙන මුලින් ලොකු ගමන් මලු දැමුවොත් කුඩා ගමන් මලුවලට ඉඩ සැලසෙයි.

ඔබත් ඒ ආකාරයට වඩා වැදගත් දේවල් මුලින් කර වැදගත්කමින් අඩු දේවල් පසුව කරනවා නම් ඔබේ කාලය හොඳින් පිරිමසා ගත හැකියි.—ෆිලිප්පි 1:10.

ඔබ කළ යුතු වැදගත්කමින් වැඩි දේවල් මොනවාද කියා සඳහන් කරන්න.

․․․․․

දැන් එම ලැයිස්තුවේ වඩා වැදගත් දේවල් මොනවාද කියා පිළිවෙළට අංක යොදන්න. ඔබ වැදගත්කමින් වැඩි දේවල් මුලින් කළ විට අනිකුත් දේවල් සඳහා කොතරම් කාලයක් ඉතිරි වෙනවාද කියා ඔබට දැනගත හැකි වෙයි. නමුත් වැදගත්කමින් අඩු දේවල් මුලින් කිරීම සාර්ථක ක්‍රමයක් නොවෙයි.

ඔබට කළ හැකි දේ. සාක්කුවේ දැමිය හැකි දිනදර්ශනයක ඔබ මුලින් කළ යුතු දේ ලකුණු කරන්න. එසේත් නැත්නම් පහත දැක්වෙන ක්‍රම භාවිත කරන්න.

□ ජංගම දුරකථනයේ

□ කුඩා සටහන් පොතක් දිනදර්ශනය භාවිත කිරීම තබාගැනීම

□ පරිගණකයේ තිබෙන

□ මේසය මත තබන දිනදර්ශනය භාවිත කිරීම දිනදර්ශනයක් භාවිත කිරීම

2වන අභියෝගය: කාලසටහනට ඇලී සිටීම

ඔබට ඇති වන බාධා. පාසැල් ඇරී ගෙදර ආ පසු මම ටිකක් විවේක ගෙන රූපවාහිනිය නරඹා පාසැලේ වැඩකටයුතු පසුව කරනවා කියා දේවල් කල් දාන්න පුළුවන්. එසේත් නැත්නම් පාඩම් කිරීමට සිතාගෙන සිටින විට මිතුරෙකුගෙන් චිත්‍රපටයක් නැරඹීමට ආරාධනාවක් ලැබෙනවා විය හැකියි. එවිට ඔබ පාඩම් කිරීම පසුවට දමා චිත්‍රපටය නැරඹීමට යයි. කෙසේවෙතත් ඔබ කොතරම් කාර්යබහුල වුණත් ඔබ හොඳින් වැඩ සැලසුම් කරනවා කියා ඔබට සිතෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි? ඔබේ මනස විඩාබරව තිබෙන විට පාඩම් කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වන්නේ නැහැ. ඔබ සැලසුමකට අනුව ක්‍රියා නොකිරීමෙන් පීඩනය තවත් වැඩි වෙයි. අන්තීම මොහොතේ රෑ වන තුරු විභාගයට පාඩම් කිරීම නිසා පසුවදා ඔබට නින්ද යා හැකියි, තෙහෙට්ටුවක් දැනිය හැකියි, විභාගයට යෑමටද ප්‍රමාද විය හැකියි.—හිතෝපදේශ 6:10, 11.

ඔබේ සම වයසේ අය පවසන දේ. “මම හරි ආසයි රූපවාහිනිය නරඹන්න, ගිටාරය වාදනය කරන්න සහ මිතුරන් සමඟ එකට කාලය ගත කරන්න. මෙවැනි දේවල නියැලීම වරදක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මෙවැනි දේවල නියැලීම නිසා වඩා වැදගත් දේවල් අතපසු වෙන්න පුළුවන්.”—ජූලීයන්.

ඔබට උපකාරවත් වන ආකාරය. ඔබ කළ යුතු වැඩ පමණක්ම නොව ඔබ ආශාවෙන් කරන දේවල්ද ලැයිස්තු ගත කරන්න. එවිට ඔබ ආශා කරන දේවල් පසුවට කිරීමට තිබෙන නිසා මුලින් කළ යුතු දේවල් කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙයි.—ජූලීයන්.

අමතර යෝජනාවක්: ඉලක්කයක් තබාගන්න. පසුව එම ඉලක්කය අත් කරගැනීමට අවශ්‍ය පියවර එකිනෙක ගන්න. අවුරුදු 16ක් වයසැති ජෝයි මෙසේ පවසනවා. “මම අන් අයට බයිබලය කියා දෙන්න ආසයි. ඒ ඉලක්කය අත් කරගන්න මම දැන් සිටම කාලසටහනකට අනුව වැඩ කරනවා. අනාගතයේදී මීට වඩා කාර්යබහුල ජීවිතයකට හුරු වීමට මෙය හොඳ පුහුණුවක් වෙයි.”

ඔබට කළ හැකි දේ. ඊළඟ මාස හය ඇතුළත ඔබට අත් කරගත හැකි ඉලක්කයක් හෝ දෙකක් සඳහන් කරන්න.

․․․․․

ඊළඟ වසර දෙක ඇතුළතදී අත් කරගත හැකි ඉලක්කය කුමක්ද? ඒ සඳහා ඔබට දැන් කළ හැකි දේ කුමක්ද?

․․․․․

3වන අභියෝගය: පිරිසිදුව හා පිළිවෙළකට සිටීම

ඔබට ඇති වන බාධා. ඔබගේ කාලය හොඳින් සැලසුම් කිරීමට පිරිසිදුකම හා පිළිවෙළ අවශ්‍ය බව ඔබ තේරුම්ගනියි. සමහරවිට ඔබට සිතෙයි කාමරය පිරිසිදු කිරීමට කාලය හුඟක් අවශ්‍ය නිසා එසේ කිරීමට අවශ්‍ය නැහැ කියා. ඒක හෙට කරන්න පුළුවන්. එසේ නොකළත් ප්‍රශ්නයක් නැහැයි කියා ඔබට සිතෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි. ඔබට යමක් සොයාගැනීමට සිදු වන විට සෑම දෙයක්ම පිරිසිදුව හා පිළිවෙළකට තැබීමෙන් ඔබේ කාලය ඉතිරි කරගැනීමට හැකි වෙනවා. ඒ වගේම ඉන් ඔබට මනසේ සාමය අත් කරගැනීමටද හැකි වෙයි.—1 කොරින්ති 14:40.

ඔබේ සම වයසේ අය පවසන දේ. “සමහර අවස්ථාවලදී මට ඇඳුම් පිළිවෙළට අස් කරගන්න බැරි වුණාම යමක් සොයන්න අනික් පැත්ත පෙරළන්න වෙනවා.”—මැන්ඩි.

“මගේ පර්ස් එක සතියක් යන තුරු නැති වෙලයි තිබුණේ. මම හොඳටම භය වුණා. පස්සේ මම කාමරය අස් කරන කොට ඒක මට හම්බ වුණා.”—ෆ්‍රෑන්ක්.

ඔබට උපකාරවත් වන ආකාරය. හැකි ඉක්මනින් ඔබේ බඩු බාහිරාදිය නිසි තැන තබන්න උත්සාහ කරන්න. වැඩ ගොඩ ගැසෙන තුරු නොසිට සෑම දවසකම පිළිවෙළකට දේවල් තැබීමට උත්සාහ කිරීමෙන් ඉක්මනින් හා පහසුවෙන් දේවල් සොයාගැනීමට ඔබට හැකි වෙයි.

ඔබට කළ හැකි දේ. පිළිවෙළකට දේවල් කිරීම පුරුද්දක් කරගන්න. එය ජීවිතයට පහසුවක් වෙයි.

අදම පියවර ගන්න! මෙම යෝජනා අතරින් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වූයේ කුමන කාරණාද?

․․․․․

මම එම ක්‍රම ඉදිරි සති(ය) ․․․․․․ ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බලන්නම්.

[පාදසටහන]

^ 3 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ කාර්යයශිලීව වැඩ කිරීමට ඔබ පෙර දින රාත්‍රියේ කොතරම් කාලයක් නිදාගත යුතුද?

▪ ඔබට කාලසටහනක් සාදාගැනීමට උපකාරය ලබාගත හැක්කේ කාගෙන්ද?

▪ දැනටමත් ඔබ කාලසටහනකට අනුව කටයුතු කරනවා නම් කුමන වෙනස්කම් එහි කළ යුතුද?

[20, 21වන පිටුවේ කොටුව/පින්තූරය]

වයස අවුරුදු 8ත් 18ත් අතර දරුවන් සතියක් ඇතුළත ඔවුන්ගේ කාලය ගත කළ ආකාරය:

17

දෙමාපියන් සමඟ

30

පාසැලේදී

44

රූපවාහිනිය නැරඹීම, වීඩියෝ ක්‍රීඩාවල යෙදීම, කෙටි පණිවිඩ යැවීම හා සංගීතයට සවන් දීමට

මගේ කාලය වැය වෙන්නේ කොහොමද?

ඔබ සෑම සතියකම ගත කළ කාලය ගණනය කරන්න

රූපවාහිනිය නැරඹීම සඳහා: ․․․․․

වීඩියෝ ක්‍රීඩා කිරීම සඳහා: ․․․․․

පරිගණකය භාවිත කිරීම සඳහා: ․․․․․

සංගීතයට සවන් දීම සඳහා: ․․․․․

මුළු එකතුව: ․․․․․

වඩා වැදගත් දේවල් සඳහා ඉහත දේවලින් ලබාගත හැකි කාලය: ․․․․․

[20වන පිටුවේ පින්තූරය]

ඔබ වැදගත්කමින් අඩු දේවල් මුලින් කරනවා නම් වඩා වැදගත් දේවල් සඳහා කාලය මදි වෙයි