Skip to content

පටුනට යන්න

“සෝදිසියෙන් සිටින්න!”

“සෝදිසියෙන් සිටින්න!”

“සෝදිසියෙන් සිටින්න!”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුව

▪ ලොව පුරා රටවල් ගණනාවකම ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට නියමිත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තෙදින දිස්ත්‍රික්ක සමුළුව මැයි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වෙයි. සෑම දවසකම වැඩසටහන ආරම්භ වන්නේ 9:20ට මියුරු සංගීතයකින්. සිකුරාදා වැඩසටහනේ තේමාව “ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න” යන්නයි. (මතෙව් 24:44) එදින සභාපතිගේ ඇමතුමෙන් පසු “සෝදිසියෙන් සිටීමට උපකාරවත් වන සමුළු” සහ “කාල වකවානු” තීරණය කරන යෙහෝවා දෙවි” යන තේමාවෙන් යුත් කතාවන් ඉදිරිපත් කරනු ලබනවා. “සෝදිසියෙන් සිටි දෙවිගේ සේවකයන්ව ආදර්ශයට ගන්න” යන කතා මාලාවේදී නෝවා, මෝසෙස් හා යෙරමියා එසේ කළ ආකාරය ගැන සලකා බලනවා. පෙරවරු සැසිවාරය අවසන් වන්නේ “සෝදිසියෙන් සිටින්න” යෙහෝවා දෙවි අපට උපකාර කරන අයුරු” යන මාතෘකාවෙන් යුත් මූලික ඇමතුමෙනුයි.

සිකුරාදා පස්වරුවේ පළමු අංගය වන්නේ “‘අවසාන කාලය’ ගැන මතු වන ප්‍රශ්නවලට පිළිතුරු” යන කතාවයි. ඉන්පසු “‘ඔබ දවසවත් පැයවත් දන්නේ නැහැ’ කියා පැවසුවේ ඇයි?” සහ “‘අවසානය ළඟයි’” යන කතා දෙනු ලබනවා. ඊළඟට දෙනු ලබන්නේ කොටස් හයකින් යුත් කතා මාලාවයි. එහි තේමාව “පවුලක් ලෙස ‘අවදිව සිටීමට’” මෙහි මුල් කොටස් තුනෙන් අමතන්නේ ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට සහ දරුවන්ටයි. අවසන් කොටස් තුන සාකච්ඡා කරනු ලබන්නේ “ඔබේ ඇස වෙනතකට යොමු නොකරන්න” “දේවසේවය වෙනුවෙන් ඉලක්ක තබාගන්න” “නමස්කාරයට වෙන් කළ රාත්‍රිය යොදාගන්න” යන මාතෘකා යටතෙයි. සිකුරාදා දින අවසන් වන්නේ “‘ඉතා සෝදිසියෙන් සිටින්න’ උපකාරවත් වන පද” යන මාතෘකාවෙන් යුත් කතාවෙනුයි.

සෙනසුරාදා දින තේමාව වන්නේ “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න” යන්නයි. (1 පේතෘස් 5:8) “‘නින්දෙන් අවදි වීමට’ ජනයාට උපකාර කරන්න” යන තේමාවෙන් යුත් කොටස් පහක කතා මාලාවකට ඔබට සවන් දිය හැකියි. ඒවා නම් “අපේ දේවසේවය ඉතා වැදගත් වන්නේ ඇයි?” “හොඳින් නිරීක්ෂණය කරන්න” “ඔබේ හැකියාවන් දියුණු කරගන්න” “ඔබේ නෑදෑයන්ව අමතක නොකරන්න” “ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි” යන්නයි. එම කතාවන්ට පසුව “සෝදිසියෙන් සිටි යේසුස්ව ආදර්ශයට ගනිමු” සහ “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න” යන කතාවන් ඉදිපත් කරනු ලබනවා. එදින පෙරවරු සැසිවාරය අවසන් වන්නේ බව්තීස්ම වීමට සුදුසුකම් ලැබූ අයට දෙනු ලබන කතාවත් සමඟයි.

සෙනසුරාදා පස්වරුවේ වැඩසටහන ආරම්භ වන්නේ කොටස් පහකින් යුත් කතා මාලාවකිනුයි. එහි තේමාව “සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න” යන්නයි. එයට “ගින්න” “ගැඹුරු වළ” “බිය” “යටපත් කර දැමීම” “තැලී පොඩි වීම” යන කතා ඇතුළත්. ඉන්පසු “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” යන මාතෘකාවෙන් යුත් විශේෂ ඉදිරිපත් කිරීමකට ඔබට සවන් දිය හැකිය. එදින සැසිවාරය අවසන් වන්නේ “‘ආපසු හැරී නොබලන්න’” හා “යේසුස්ගේ මුල් ගෝලයන් මෙන් සෝදියෙන් සිටින්න” යන කතාවලිනුයි.

ඉරිදා පෙරවරු සැසිවාරය ආරම්භ වන්නේ “බලාපොරොත්තුවෙන් සිටින්න. . . . එය ප්‍රමාද නොවන්නේය” යන තේමාවෙන් යුත් කතාවෙනුයි. (හබක්කුක් 2:3) එම කතාවෙන් පසු “නොපෙනෙන දේවල් ගැන දිගටම අවධානයෙන් සිටින්න” යන කතා මාලාව ඇරඹෙයි. එම කතා මාලාව තුළදී “‘අං දහය ගණිකාවට වෛර කරයි’” “යෙහෝවා දෙවිව පිළිගැනීමට ජාතීන්ට සිදු වෙයි” “ඒ සියලු රාජ්‍යවල්” පොඩි කර නැති කර දමයි” “යක්ෂයාව අවුරුදු දහසකට බැඳ තබයි” “ඔවුන් ගෙවල් ගොඩනඟා මිදිවතු වවයි” “වෘකයා බැටළු පැටවා සමඟ එකට තණ කයි” “‘දෙවි සියලු කඳුළු පිස දමයි’” “‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම පැමිණෙයි’” “දෙවි ‘සියලුදෙනාගේම එකම පාලකයාණන් වෙයි.’” ඉන්පසු “ලෝක විනාශයෙන් බේරෙන්නේ කෙසේද” යන ප්‍රසිද්ධ කථාවෙන් උදෑසන සැසිවාරය අවසන් වෙයි.

ඉරිදා පස්වරුවේ “‘මැරිලා හිටිය ඔබේ සහෝදරයා දැන් ජීවත් වෙනවා’” යන තේමාවෙන් යුත් නාට්‍යය ඔබට නැරඹිය හැකියි. එය යේසුස් පැවසූ අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව මත පදනම් වෙයි. එම නාට්‍යයෙන් පසු සතිපතා පවත්වන මුරටැඹ පාඩමේ සාරාංශයක් ඉදිරිපත් කරනු ලබනවා. සමුළුව අවසන් වන්නේ “යෙහෝවා දෙවිගේ දවස ගැන බලාපොරොත්තුවෙන් සිටින්න” යන මාතෘකාවෙන් යුත් කතාවෙනුයි.

මෙම සමුළුවට සහභාගි වීමට දැන්ම සැලසුම් යොදන්න. ඔබේ ප්‍රදේශයේ මෙම සමුළුව පවත්වන ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. එසේත් නැත්නම් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.