Skip to content

පටුනට යන්න

කාර්මික ලෝකයට නව නිපැයුමක්

කාර්මික ලෝකයට නව නිපැයුමක්

නිර්මාණයක්ද?

කාර්මික ලෝකයට නව නිපැයුමක්

කාර්මික ඉන්ජිනේරුවන්ගේ එකම පැතුම ශක්තිමත්, ඉන්ධන අරපිරිමැස්මෙන් යුත් පරිසර හිතකාමී වාහනයක් නිපදවීමයි. මේ සඳහා ඔවුන් අනුකරණය කිරීමට තෝරාගත්තේ අසාමාන්‍ය ජීවියෙක්වයි. ඒ දාර පේත්තයාවයි. (boxfish) උන්ව දැකගත හැකි වන්නේ කොරල්පර ආශ්‍රිතවයි. මෙම මාළුවාව අනුකරණය කිරීමෙන් සැහැල්ලු මෙන්ම සුළඟ කපාගෙන යා හැකි වාහනයක් නිපදවීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ ගැන සිතා බලන්න: දාර පේත්තයාට උගේ ශරීරයේ දිග මෙන් හයගුණයක් තරම් දුරක් තත්පරයකදී පිහිනිය හැකියි. උගේ ශක්තියට වඩා වැඩි වේගයකින් පිහිනිමේ හැකියාව තිබෙනවා. මෙයට හේතුව පෙට්ටියක් මෙන් වූ උගේ හැඩයයි. එම හැඩය නිසා ඌට සුළං කපාගෙන ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවා. ඉන්ජිනේරුවන් මේ මාළුවාගේ හැඩයෙන් යුත් වාහනයක ආකෘතියක් නිපදවා එය පර්යේෂණයට ලක් කළා. වෙනත් කුඩා වාහනවලට වඩා එම වාහනයට කිසිම බාධාවකින් තොරව සුළං කපාගෙන ඉදිරියට යෑමේ හැකියාව තිබෙන බව පෙනී ගියා.

මෙම මාළුවාගේ සම රබානක මතුපිට මෙන් ඇඟටම ඇලී තිබෙන අතර එය ගනකමින් යුක්තයි. මෙම මාළුවා බරින් අඩු වුණත් උගේ ශක්තියට රහස උගේ සම සැකසී තිබෙන ආකාරයයි. මෙම මාළුවා ජලයේ පිහිනන විට ඌ වටා කුඩා දිය සුළි සෑදෙන නිසා ජලයේ යම් කැලඹීමක් ඇති වූ විට පවා ඌ කිසිදු අනතුරකින්තොරව පහසුවෙන් පිහිනා යනවා.

දාර පේත්තයා අධ්‍යනය කිරීමෙන් ඉන්ජිනේරුවන්ට විශිෂ්ට නිෂ්පාදනයක් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම පර්යේෂක කණ්ඩායමේ ආචාර්ය තෝමස් වොබ මෙවැනි දෙයක් පවසනවා. “එතරම් ප්‍රියමණාප පෙනුමක් නැති මෙම ජීවියාගෙන් ඉන්ධන අරපිරිමැසුමෙන් යුත් පරිසර හිතකාමී වාහනයක් නිපදවීමට හැකියාවක් ලැබීම ඇත්තෙන්ම පුදුම දෙයක්.”

කල්පනා කර බලන්න: වැඩි බලයක් නිපදවීමේ හැකියාව සතු දාර පේත්තයා ඇති වූයේ අහඹු ලෙසද නැත්නම් එය නිර්මාණයක්ද?

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Boxfish: © Hal Beral/V&W/SeaPics.com; car: Mercedes-Benz USA