Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

යෞවන අය අසති . . . මගේ කතාබහ ගෞරවනීයද? (2008 මාර්තු) මම හැදුනේ වැඩුනේ ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ වුණත් මම අසභ්‍ය වචන භාවිත කරන්න පුරුදු වෙලා හිටියා. මම කොච්චර උත්සහ කළත් මට ඒ පුරුද්දෙන් මිදෙන්න අමාරු වුණා. කෙසේවෙතත් මේ ලිපිය මට මාවම පාලනය කරගන්න උපකාරවත් වුණා. කතා කිරීමට ලැබී තිබෙන වරප්‍රසාදය වැරදි විදිහට භාවිත කරන්න මම කැමති නැහැ. මම දැන් කතා කරන්නේ හොඳට හිතල බලලයි. මේ ලිපිය පළ කිරීම ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.

බ්‍රසීලයේ සී. පී.

මගේ වයස අවුරුදු 12යි. නිතරම මගේ කනට ඇහෙන්නේ අසභ්‍ය වචන. මගේ කටිනුත් ඒ වගේ අසභ්‍ය වචනයක් පිට වෙයිද කියලා මට හරි භයයි. මේ සම්බන්ධයෙන් පිබිදෙව්! සඟරාවේ “යෞවන අය අසති” යන ලිපි මාලාවේ ලිපියක් පළ කරන මෙන් ඉල්ලන්නයි මම හිතාගෙන හිටියේ. නමුත් එම ඉල්ලීම කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ලිපියක් පළ වුණා. අසභ්‍ය වචන පාවිච්චි කිරීමේ බරපතළකම ගැන ඒ ලිපියෙන් පෙන්වා දී තිබුණා. මගේ අධිෂ්ඨානය ශක්තිමත් වුණා. දිගටම එවැනි ලිපි පළ කරන මෙන් මම ඉල්ලා සිටින්න කැමතියි.

එක්සත් ජනපදයේ ඒ. පී.

මගෙත් මගේ ස්වාමිපුරුෂයාගෙත් රැකියාව වුණේ නිවාස පිරිසිදු කිරීමයි. අපි පිරිසිදු කිරීමට ගිය එක් නිවසක කාන්තාවක් පැවසුවේ නව වසරේ ඇගේ අධිෂ්ඨානය නරක වචන පාවිච්චි නොකිරීම කියායි. මේ සඳහා දෙවිගේ උපකාර ඉල්ලා දිනපතාම යාච්ඤා කරන බව පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් ලියවුණු පොත්පත් තිබෙනවාද කියා මගෙන් ඇසුවා. ඒ කාරණය ගැන මමත් දෙවිගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළා. ඊට පස්සේ මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියෙන් මෑතක පළවූ ලිපියක් පටිගත කරගත්තා. එහි මේ සම්බන්ධයෙන් ලිපියක් තිබීම ගැන මම හුඟක් සතුටු වුණා. ඒ ලිපිය ලියා තිබුණේ යෞවන අයට වූවත් ඇයටත් ඉන් ප්‍රයෝජන ගත හැකියි. මට ඇයත් සමඟ එය බෙදාගන්නා තුරු ඉවසුමක් නැහැ.

එක්සත් ජනපදයේ එස්. සී.

ගුවන් ගමන් ආරක්ෂිතද? (2008 අප්‍රියෙල්) මට ඒ ලිපිය කියවීමෙන් පසු හැඟුණේ “ගුවන් ගමන් ආරක්ෂාකාරීයි” කියායි. අපේ ආරක්ෂාව ගැන පාලක මැදිරිය බොහෝසෙයින් සැලකිලිමත් වන බව පිබිදෙව්! සඟරාවෙන් පැහැදිලි කර තිබුණා. ඒ නිසා මට ගුවන් ගමන් පිළිබඳව තිබූ බිය සැක දුරු වුණා. එම ලිපිය පළ කිරීම ගැන ඔබට ස්තුතියි.

බ්‍රසීලයේ ටී. එස්.

දැනුම මිනුම මගේ වයස අවුරුදු 12යි. මම ජීවත් වෙන්නේ දකුණු අයර්ලන්තයේයි. පිබිදෙව්! සඟරාවේ අවසාන පිටුවේ දරුවන් සඳහා පළ වන ප්‍රශ්නෝත්තර කොටසට මම ස්තුති කරන්න කැමතියි. එම සඟරාව කියවීමට අපි වගේ දරුවන්ටත් එය ලොකු දිරිගැන්වීමක්. ඒවා දිගටම පළ කරන්න. බොහෝම ස්තුතියි.

අයර්ලන්තයේ ඒ. සී.