Skip to content

පටුනට යන්න

“ඒක අරින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි”

“ඒක අරින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි”

“ඒක අරින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි”

▪ වර්ෂ 2007දී එරිකාගේ පියා මිය ගියා. එවිට ඇගේ වයස අවුරුදු හයයි. ඇගේ මල්ලි මාටේයා අවුරුදු හතරක කුඩා දරුවෙක්. ඔවුන්ට ඒ දුක තුනී කරගන්න හැකි වී තිබෙන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නිසයි.—ක්‍රියා 24:15.

බයිබලයේ සඳහන් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අනික් අයට කතා කරන්න එරිකා හරි කැමතියි. සිසිලියා නගරයේ තිබෙන ඇගේ පාසැලේ මිතුරියන්ට ඒ ගැන කතා කරන්න ඇය වැඩි කැමත්තක් දක්වනවා. දවසක් ඇගේ මිතුරියක් වන බියට්‍රීස්, එරිකාගේ පියා දැන් ඉන්නේ ස්වර්ගයේ කියා ඇයට පැවසුවා. නමුත් එරිකා ඉතා කාරුණිකව ඇයට පැවසුවේ බයිබලයේ එවැනි දෙයක් සඳහන් වන්නේ නැහැ කියායි. “එහෙමනම් ඔයාගේ තාත්තා දැන් ඉන්නේ කොහෙද?” කියා බියට්‍රීස් ඇසුවා.

“මිනී වළේ” කියා එරිකා පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේදී මිනී වළ කොයි වගේ දෙයක්ද කියා දැනගැනීමට බියට්‍රීස්ට අවශ්‍ය වුණා.

“ඒක හරියට අරින්න වහන්න පුළුවන් ලාච්චුවක් වගේයි. හැබැයි මේ ලාච්චුව වැහුවම කාටවත් අරින්න බැහැ. ඒක අරින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි” කියලා එරිකා තවදුරටත් පැවසුවා.

ඉන්පසු එරිකා දෙවිගේ නම යෙහෝවා බව බියට්‍රීස්ට පහදා දුන්නා. ඒ වගේම දෙවි අනාගතයේදී ගෙනෙන පාරාදීසයේදී දුක වේදනාව නැති වන බවත් දෙවි මිය ගිය අයව නැවත නැඟිටුවන බවත් ඇයට කියා දුන්නා. මේ සියලු තොරතුරු ඇතුළත් පොතක් මම තෑග්ගක් හැටියට ඔයාට දුන්නොත් ඒක ඔයා භාර ගත්තට කමක් නැද්ද කියලා අම්මාගෙන් අහගෙන එන්න කියලා එරිකා බියට්‍රීස්ට පැවසුවා.

එම පොත ලබාගැනීමට බියට්‍රීස්ට අම්මාගෙන් අවසරය ලැබුණට පස්සේ එරිකා ඇයට උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොතේ පිටපතක් ලබා දුන්නා. එරිකා බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අනික් අයට කියා දීම නතර කර නැහැ. ඇය එවැනිම පොතක් ඇගේ ගුරුවරියටත් ලබා දුන්නා.

එරිකාට සහ ඇගේ මල්ලිට පියා නැති අඩුව කලින් කලට තදින්ම දැනුණත් පියා නැවත නැඟිටින බවට ඔවුන් තුළ තිබෙන බලාපොරොත්තුව ඒ දුක දරාගන්න උපකාරයක් වී තිබෙනවා. මේ කුඩා දරුවන් දෙදෙනා මෙන් ලොව පුරා සිටින තවත් බොහෝදෙනෙකුටද එම බලාපොරොත්තුව තිබෙන නිසා සෑම සැනසිල්ලේ දෙවි වන යෙහෝවා දෙවිට ඔවුන් සියල්ලන්ම ස්තුති ප්‍රශංසා දෙමින් සිටිනවා.—මතෙව් 21:16; 2 කොරින්ති 1:3, 4.

පිටු 256කින් යුත් මෙම පොතේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.