Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

යෞවන අය අසති—සහෝදරිය හෝ සහෝදරයාගේ සියදිවි නසාගැනීම මට දරාගත හැකිද? (2008 ජූනි) මගේ අක්කා මැරෙන්න කලින් අවුරුදු පහක් පුරා මානසික පීඩනයෙන් පෙළුණා. ඒ නිසා අක්කා හැමතිස්සේම කල්පනා කර කරයි හිටියේ. ඒ ගැන මට නිතරම මතක් වෙනවා. කොහොමවුණත් පිබිදෙව්! සඟරාවේ යෝජනා කර තිබුණේ සතුටින් සිටි අවස්ථා මතකයට නඟාගන්න කියායි. එහෙම කරන කොට මට හිතුණා අක්කා “දුක්බර ජීවිතයක් ගත කළේ නැහැයි කියලා.” අක්කා දුක් වූ අවස්ථාවන්ට වඩා සතුටු වූ අවස්ථාවන් හුඟක් තිබුණා.

ජපානයේ එස්. වයි.

යෞවන අය අසති—දෙමාපියන් මාව විශ්වාස නොකරන්නේ ඇයි? (2008 අප්‍රියෙල්) විශ්වාසවන්ත වැඩිහිටියෙකු දක්වා යන ගමන, දොරකින් ඇතුල් වෙනවා වගේ ලෙහෙසි දෙයක් නොවන බව පිබිදෙව්! සඟරාව කියවීමෙන් හා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් මම දැනගත්තා. නමුත් එය හරියට අඩියෙන් අඩිය තබා නඟින පඩි පෙළක් වගෙයි. දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමෙන් වැඩි නිදහසක් ලබාගැනීමට හැකි බව මම ඒ සඟරාවෙන් ඉගෙනගත්තා. ඒ වගේම ගෙදර වැඩ ඉවර කර පාසැලේ දෙන පැවරුම් කරන්න ඕනේ ඇයි කියලත් මම ඉගෙනගත්තා. මේ වගේ ලිපි පළ කිරීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා.

ඇමරිකාවේ ටී. එල්.

අධෛර්යය වෙන්න එපා! (2008 ජූලි) මෙම ලිපිය පළ කළාට බොහොම ස්තුතියි. මමත් ජෝන් වගේ එම රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඇලිතාවය ගැන නිවැරදි සහ වටිනා තොරතුරු ඇතුළත් ලිපියක් කියවන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ ලිපිය නිසා මම ඉන්න තත්වය හොඳින් තේරුම්ගන්න දැන් මගේ යාළුවන්ටත් පුළුවන්.

ඇමරිකාවේ ටී. එම්.

ඔබ විසින් පළ කළ පිබිදෙව්! සඟරා කිහිපයක් මම කියෙවූ අතර ඒවායේ පාසැල් සිසුන්ටද ඉතා වැදගත් ලිපි පළ වෙනවා. ඒවා ගැමි පළාත්වල දැනුම අවශ්‍ය ළමුන් සඳහා ඉතා ප්‍රයෝජනවත්. ඉංග්‍රීසි ලිපි සිංහලට පරිවර්තනය කරන විට නියම ආකාරයේ හැඟීමක් ඇති වන ලෙසින් සකස් කර තිබීම ගැන මම අගය කරනවා. අපි මෙහි ජීවත් වන්නේ ඇයි නමැති 2008 දෙසැම්බර් පිබිදෙව්! සඟරාව මා සතුව තිබෙනවා. එම වසරේ ඉතිරි පිබිදෙව්! සඟරාද මා වෙත එවන්න.

ශ්‍රී ලංකාවේ එල්. එස්.

චණ්ඩ මාරුතයකට වඩා ප්‍රබල ප්‍රේමයක්! (2008 අගෝස්තු) අනාගතය ගැන කනස්සලු නොවී දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න එවැනි ලිපි මට ගොඩක් ප්‍රයෝජනවත්. මගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවෙයි. නමුත් මීට අවුරුදු තුනකට කලින් අපේ ගේ ගංවතුරෙන් විනාශ වූ අවස්ථාවේ සාක්ෂිකරුවන් ඉක්මනින්ම අවශ්‍ය උපකාරය පිරිනැමුවා. මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයට අයත් වීම ගැන දෙවිට ස්තුතිවන්ත වෙනවා

පෝලන්තයේ ඩී. ඩබ්ලිව්.

කුස පුරවන සිත පිනවන ඉරිඟු (2008 අගෝස්තු) අපේ එළවළු කොටුවේ අපි ඉරිඟු පැළ කිහිපයක් වගා කළා. නමුත් අපට පලදාවක් ලබාගන්න බැරි වුණා. ඊට හේතුව මොකක්ද කියලා අපි මේ ලිපිය කියවීමෙන් දැනගත්තා. අපි පැළ පහක් හයක් පමණයි වගා කළේ. ඒ නිසා විශාල වගාවන්වල වෙනවා වගේ පරාගනය සිදු වුණේ නැහැ. නමුත් පසුගිය වසරේ එම ක්‍රියාවලිය එනම් ඉරිඟු ආවරණය ඇතුලේ ඇති සියුම් කෙඳි මත පරාග තැන්පත් කිරීම අපිම කළ නිසා අපිට හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකි වුණා. හුඟක් ස්තුතියි.

ජපානයේ ආර්. ඩබ්ලිව්.