Skip to content

පටුනට යන්න

මුහුද මැද විශාල කුලුනක්

මුහුද මැද විශාල කුලුනක්

මුහුද මැද විශාල කුලුනක්

▪ වර්ෂ 2005 දෙසැම්බර් 25වන දින ටහිටි මුහුදු තීරයේ විශාල පුනීලයක හැඩැති සුළියක් මුහුදේ සිට අහස දක්වා උසට දිස් වුණා. එය විනාඩි 30ක් පමණ කාලයක් පැවති අතර පසුව ක්‍රමානුකූලව නොපෙනී ගියා.

එවැනි දෙයක් ජලය මත හටගන්නා ටෝනාඩෝ ලෙසද හඳුන්වනවා. නමුත් එය ගොඩබිමේ හටගන්නා ටෝනාඩෝවක් තරම් ප්‍රබල නැහැ. සාමාන්‍යයෙන් ඒවා විනාඩි දහයක් තරම් කෙටි කාලයක් පැවතුණත් සමහර ඒවා පැයක පමණ කාලයක් දක්වාද පැවතිය හැකියි. ඒවා හටගන්නේ මුහුදේ නිසා කාලගුණ විද්‍යාඥයන්ට ඒ ගැන අධ්‍යයනය කර සම්පූර්ණ අවබෝධයක් ලබාගැනීම දුෂ්කර වී තිබෙනවා. එයින් හමන මහත් ශබ්දය බඩු රැගෙන යන දුම්රියක ශබ්දයට සමාන බව වාර්තා වෙනවා.

බයිබලයේ ගීතාවලිය පොත ලියූ එක් රචකයෙක් තමන් තුළ ඇති වූ කැලඹුනු සිතුවිලි ගැන මෙසේ විස්තර කළා. “ඔබේ හඬට කීකරු වී මහා ජල කන්දරාවක් වේගයෙන් ඇද හැළෙයි. එයින් හටගන්නා විශාල රළ පහර මාව යටපත් කරගෙන වේගයෙන් ඇදී යයි.” (ගීතාවලිය 42:7, නව ලොව පරිවර්තනය, NW) එම රචකයා විශාල රළ පහරක් කියා සඳහන් කරන විට ඔහුගේ මනසේ තිබුණේ කුමක්ද කියා අප දන්නේ නැහැ. නමුත් ඔහු කාව්‍යමය ලෙස විස්තර කළේ ඔහු තුළ ඇති වූ සිතුවිලියි. ඔහු තවදුරටත් පවසන්නේ ‘මා හදවතින් වේදනා විඳිනවා, නොසන්සුන්ව සිටිනවා’ කියායි. ඒ වුණත් ඔහු දෙවිගෙන් සැනසීම ලැබුවා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි. ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.”—ගීතාවලිය 42:11NW.

අපත් එම ගීතිකාකරු මෙන් විශාල රළ පහරක් බඳු ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා විය හැකියි. නමුත් අපි දෙවි කෙරෙහි බලා සිටිනවා නම් ඔහු අපට ගැලවීම ලබා දෙනවා නොඅනුමානයි.