Skip to content

පටුනට යන්න

තුන්වැන්න: සහයෝගයෙන් වැඩ කරන්න

තුන්වැන්න: සහයෝගයෙන් වැඩ කරන්න

තුන්වැන්න: සහයෝගයෙන් වැඩ කරන්න

‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.’—දේශනාකාරයා 4:9, 10NW.

ඉන් අදහස් කරන දේ. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන යුවළක්, දෙවි ඇති කර තිබෙන මූලිකත්වය පිළිබඳ සැලැස්මට ගරු කරනවා. (එෆීස 5:22-24) පවුලේ මූලිකයා ස්වාමිපුරුෂයා නිසා ඔහු කටයුතු කරන්නේ “මම” සහ “මගේ” යන ආකල්පයෙන් නොව “අපි” සහ “අපේ” යන හැඟීමෙන් යුතුවයි. දෙදෙනා සහයෝගයෙන් වැඩ කරද්දී ඔවුන් තවදුරටත් දෙදෙනෙක් වන්නේ නැහැ. බයිබලයේ විවාහක යුවළක්ව හඳුන්වන්නේ “එක් කෙනෙකු” ලෙසයි. විවාහය සදාතනික බැඳීමක් පමණක් නොව දෙදෙනා අතර ඇති කිට්ටු බැඳීමද එම ප්‍රකාශයෙන් ඇඟවෙනවා.—උත්පත්ති 2:24, නව ලොව පරිවර්තනය, NW.

එය වැදගත් වීමට හේතුව. ඔබ දෙදෙනා සහයෝගයෙන් වැඩ කරන්නේ නැත්නම් සුළු සුළු ගැටලු පවා ඉක්මනින්ම බරපතල ප්‍රශ්න දක්වා වර්ධනය විය හැකියි. ඒ වගේම ප්‍රශ්න විසඳගන්නවා වෙනුවට එකිනෙකාට චෝදනා කරගන්නා තත්වයටද පත් විය හැකියි. නමුත් ඔබ දෙදෙනා සහයෝගයෙන් වැඩ කරද්දී තත්වය ඊට වෙනස්. එකඟ නොවීම් ඇති වන විට එකිනෙකාට චෝදනා කරනවා වෙනුවට සහයෝගයෙන් ඊට හොඳ විසඳුම් සොයන්න ඔබ උත්සාහ කරයි. එවිට ඔබ දෙදෙනා එකම ගුවන් යානයක සිටින නියමුවා සහ සහය නියමුවාට සමානයි.

මෙය අත්හදා බලන්න. පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් ඔබ දෙදෙනා එකට වැඩ කරනවාද යන්න ගැන හොඳින් කල්පනා කර බලන්න.

සල්ලි හම්බ කරන්නේ මම නිසා ඒවා “ඔක්කොම මගේ” කියා මම සිතනවාද?

මගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව කිට්ටුවෙන් ඇසුරු කරන නෑදෑයන්ව මම මඟ හරිනවාද?

මට සම්පූර්ණ නිදහසක් දැනෙන්නේ මගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ළඟ නැති විටද?

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. ඔහු හෝ ඇය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි ක්‍රම එකක් හෝ දෙකක් ගැන සිතන්න.

ඒ ගැන ඔබගේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ යෝජනා විමසීම සුදුසු දෙයක් නොවෙයිද?

[5වන පිටුවේ පින්තූරය]

සහයෝගයෙන් වැඩ කිරීම එකම ගුවන් යානයක සිටින නියමුවා සහ සහය නියමුවාට සමානයි