Skip to content

පටුනට යන්න

දෙවැන්න: බැඳීම ශක්තිමත් කරගන්න

දෙවැන්න: බැඳීම ශක්තිමත් කරගන්න

දෙවැන්න: බැඳීම ශක්තිමත් කරගන්න

“දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:6.

ඉන් අදහස් කරන දේ. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන යුවළක් තම විවාහය සලකන්නේ සදාතනික බැඳීමක් ලෙසයි. විවාහයේ ගැටලු මතුවන විට එය කැඩී බිඳී යෑමට ඉඩ දෙනවා වෙනුවට ඒවා විසඳාගන්න ඔවුන් උත්සාහ කරනවා. දෙදෙනා අතර ඇති ශක්තිමත් බැඳීම ඔවුන්ට විශාල ආරක්ෂාවක්. එමෙන්ම එම බැඳීමට දෙදෙනාම ගෞරව කරයි කියා ඔවුන් විශ්වාස කරනවා.

එය වැදගත් වීමට හේතුව. විවාහය ශක්තිමත් කරගැනීමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ දෙදෙනා අතර ඇති බැඳීමයි. නමුත් දිගින් දිගටම ඇති වන මත ගැටුම් නිසා දෙදෙනා අතර එම බැඳීම දුර්වල විය හැකියි. ‘මරණය දක්වාම එකට ජීවත් වීමට’ වූ පොරොන්දුව දැන් ඔවුන්ට බරක් සේ හැඟෙන්න පුළුවන්. අවසානයේදී බරපතළ ගැටලු පැනනඟින විට ඔවුන් කරන්නේ ඒ ගැන සාකච්ඡා නොකර නිහඬව සිටීමයි.

මෙය අත්හදා බලන්න. පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් ඔබගේ විවාහ බැඳීම කොතරම් ශක්තිමත්ද කියා මැන බලන්න.

අපි දෙදෙනා අතර අඬදබර සිදු වන විට මම ඔහුව හෝ ඇයව විවාහ වීම ගැන කණගාටු වෙනවාද?

එවැනි අවස්ථාවලදී මම මගේ සහකරු හෝ සහකාරියට අමතරව වෙනත් කෙනෙකු ගැන සිහින මවනවාද?

“මම ඔයාව දාලා යනවා” නැත්නම් “මට ගැළපෙන කෙනෙක් මම හොයාගන්නවා” යන වචන මගේ කටින් පිට වෙනවාද?

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. ඔබ දෙදෙනා අතර ඇති බැඳීම ශක්තිමත් කරගැනීමට කළ හැකි දේවල් එකක් හෝ දෙකක් ගැන සිතන්න. (යෝජනා කිහිපයක්: විටින් විට ඔහුට හෝ ඇයට ඔබගේ ආදරය පවසා කෙටි සටහනක් තබා යන්න. ඔහුගේ හෝ ඇයගේ ඡායාරූපයක් රැකියා ස්ථානයේ ඔබට පෙනෙන සේ තබාගන්න. සුවදුක් විමසීම සඳහා සෑම දවසකම රැකියා ස්ථානයේ සිට දුරකථන ඇමතුමක් දෙන්න.)

ඒ හා සමාන යෝජනා කිහිපයක් ගැන කල්පනා කර, ඒ ගැන ඔහුට හෝ ඇයට පවසන්න. දෙදෙනාව වඩාත් ළං කරවන්නේ ඉන් කුමන එකද කියා විමසන්න.

[4වන පිටුවේ පින්තූරය]

මහමාර්ගයක ඇති ආරක්ෂක වැටක් මෙන් දෙදෙනා අතර ඇති කිට්ටු බැඳීමද විවාහයට විශාල ආරක්ෂාවක්

[හිමිකම් විස්තර]

© Corbis/​age fotostock