Skip to content

පටුනට යන්න

හත්වැන්න: ශක්තිමත් අත්තිවාරමක් දමන්න

හත්වැන්න: ශක්තිමත් අත්තිවාරමක් දමන්න

හත්වැන්න: ශක්තිමත් අත්තිවාරමක් දමන්න

ඉන් අදහස් කරන දේ. නිවසක් දශක ගණනාවක් පුරා පවතින්න නම් එය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩනැඟිය යුතුයි. එලෙසම යුග දිවියක් සතුටින් පිරි කල්පවතින එකක් වීමට නම් එය ගොඩනැඟිය යුත්තේ ප්‍රයෝජනවත් උපදෙස් හා මඟ පෙන්වීම්වලට එකඟවයි.

එය වැදගත් වීමට හේතුව. පවුල් ජීවිතය පිළිබඳ උපදෙස් ඇතුළත් පොත් පත්, සඟරා මෙන්ම රූපවාහිනි වැඩසටහන්ද ඕනෑතරම් තිබෙනවා. විවාහය ගැටලුවලින් පිරී තිබුණත් ඔවුන් එකට ජීවත් විය යුතු බව සමහර විවාහ උපදේශකයන්ගේ අදහසයි. නමුත් තවත් අයගේ අදහස වන්නේ වෙන් වීම හෝ දික්කසාදයයි. එම උපදේශකයන් ලබා දෙන මඟ පෙන්වීම් පවා කලින් කලට වෙනස් වෙනවා. ඊට මේ උදාහරණය බලන්න. දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විශේෂඥවරියක් කලින් ඒ ගැන සිතුවේ මෙසේයි. “අසතුටින් සිටින මව සහ පියා යන දෙදෙනාම සමඟ දරුවන් සිටිනවාට වඩා සතුටින් සිටින මව හෝ පියා සමඟ සිටීම ඔවුන්ට යහපත් බවයි. මට මුලින් හිතුණේ ගැටලුවලින් පිරි විවාහ ජීවිතයකට වඩා දික්කසාද වීම හොඳ බවයි.” නමුත් දශක දෙකක අද්දැකීම්වලින් පසු ඇය ඊට වෙනස් අදහසක් මෙසේ ප්‍රකාශ කළා. “දික්කසාදය නිසා බොහෝ දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා.”

ඉන් පැහැදිලි වන්නේ විවාහය සඳහා ලබා දෙන උපදෙස් සාර්ථක ඒවා වීමට නම් එය දෙවිගේ ප්‍රතිපත්ති මත පදනම් විය යුතු බවයි. මෙම ලිපි මාලාවේ 3 සිට 8 දක්වා පිටුවල ඉහළ සඳහන් එවන් ප්‍රතිපත්ති ඔබ දකින්න ඇති. තම පවුල් ජීවිත සාර්ථක කරගැනීමට එම ප්‍රතිපත්ති බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වී තිබෙනවා. අනිකුත් විවාහයන් තුළ මෙන් ඔවුන්ද ගැටලු අද්දකින බව ඇත්තයි. නමුත් වෙනස වන්නේ බයිබල් ප්‍රතිපත්ති මගින් ඔවුන්ගේ විවාහයට සහ පවුල් ජීවිතයට ශක්තිමත් අත්තිවාරමක් හෙවත් හොඳ ආරම්භයක් ලැබී තිබීමයි. බයිබලයේ සඳහන් උපදෙස් සපයා තිබෙන්නේ විවාහයේ ආරම්භකයා වන යෙහෝවා දෙවිගෙන් නිසා ඒවා විශ්වාස කළ හැකි ඉතා ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් බව ස්ථිරයි.—2 තිමෝති 3:16, 17.

මෙය අත්හදා බලන්න. මෙම ලිපි මාලාවේ තුන්වන පිටුවේ සිට අටවන පිටුව දක්වා සඳහන් බයිබල් පද ලැයිස්තුවක් සකස් කරන්න. එමෙන්ම ඔබට උපකාරවත් වී ඇති වෙනත් බයිබල් පද ඊට එකතු කර ඔබට පෙනෙන සේ එය තබාගෙන විටින් විට ඒවා ගැන සිතා බලන්න.

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. බයිබල් ප්‍රතිපත්ති ඔබේ විවාහය තුළ ක්‍රියාත්මක කරන්න.

[8, 9වන පිටුවේ පින්තූරය]

ඔබේ පවුල තුළ බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට කුණාටු බඳු ඕනෑම තර්ජනයකට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකියි