Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

එය හොඳ තීරණයක්ද?

උත්පත්ති 39:1-23 දක්වා ඇති වාර්තාව කියවන්න. පින්තූරය බලා ඔබේ පිළිතුරු පහත සඳහන් කරන්න.

1. මේ පින්තූරයේ සිටින ස්ත්‍රිය කවුද?

.....

2. මෙහි සිටින පුරුෂයා කවුද?

.....

3. ඔහු ගත් තීරණය කුමක්ද?

.....

සාකච්ඡා කිරීමට:

ඔහු එම තීරණය ගත්තේ ඇයි? ඒ තීරණය නිසා ඔහුට කරදරවලට මුහුණ දෙන්න සිදු වුණාද? ඔහු ගත් තීරණය හරියි කියා ඔබ සිතනවාද? එසේනම් ඒ ඇයි? හරි තීරණයක් ගැනීම නිසා ඔබටත් යම් කරදරවලට මුහුණ දීමට සිදු විය හැකි අවස්ථාවන් මොනවාද?

සාවුල් රජ ගැන ඔබ දන්නේ කුමක්ද?

4. සාවුල් රජට තිබුණේ මොන වගේ පෙනුමක්ද?

හෝඩුවාව: 1 සාමුවෙල් 9:1, 2 කියවන්න.

.....

5. යෙහෝවා දෙවි සාවුල්ව ප්‍රතික්ෂේප කළේ ඇයි?

හෝඩුවාව: 1 සාමුවෙල් 13:13, 14 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

පුද්ගලයෙකුගේ පිටාතර පෙනුමට වඩා යෙහෝවා දෙවිට වැදගත් වන්නේ කුමක්ද?

හෝඩුවාව: 1 සාමුවෙල් 16:6, 7 කියවන්න.

එම කාරණය තේරුම්ගැනීමෙන් ඔබට ඔබගේ පිටාතර පෙනුම ගැන සමබර ආකල්පයක් තබාගත හැක්කේ කෙසේද?

හෝඩුවාව: 1 තිමෝති 4:8 කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

4වන පිටුව රැකියාව සම්බන්ධයෙන් බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ කුමක් කිරීමටද? දේශනාකාරයා 3:...

7වන පිටුව අප වැඩ කළ යුත්තේ කුමක් ලබාගැනීම සඳහාද? යොහන් 6:...

10වන පිටුව යෙහෝවා දෙවි දවසක් නියම කර තිබෙන්නේ කුමක් සඳහාද? ක්‍රියා 17:...

28වන පිටුව යුවළක් විවාහ වන විට සිදු වන්නේ කුමක්ද? උත්පත්ති 2:...

● පිළිතුරු 14වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. පොතිඵර්ගේ භාර්යාව.

2. යෝසෙප්.

3. පොතිඵර්ගේ භාර්යාව සමඟ සයනය නොකිරීමට.

4. කඩවසම් පෙනුමක්.

5. ඔහු යෙහෝවා දෙවිට අකීකරු වුණ නිසා.