Skip to content

පටුනට යන්න

‘මිනිසුන් තමන් ගැන විතරක් හිතන පුරුද්ද අපි නැති කරන්න ඕනේ’

‘මිනිසුන් තමන් ගැන විතරක් හිතන පුරුද්ද අපි නැති කරන්න ඕනේ’

‘මිනිසුන් තමන් ගැන විතරක් හිතන පුරුද්ද අපි නැති කරන්න ඕනේ’

● අයිබීරියන් අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටා තිබෙන ජිබ්‍රෝල්ට්‍රා නමැති ප්‍රදේශය ඉතිහාසයේ බොහෝ ආක්‍රමණවලට මුහුණ දී තිබෙනවා. නමුත් 2008 ඔක්තෝබර් මාසයේ එක් සති අන්තයකදී වෙනස් ආකාරයක “ආක්‍රමණයක්” සිදු වුණා. එනම් එම නගරයට ස්පාඤ්ඤ ජාතිකයන් දහසකට ආසන්න පිරිසක් පැමිණීමයි. ඔවුන් එහි පැමිණියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නමස්කාර කිරීම සඳහා රැස්වීම් ශාලාවක් ඉදිකිරීමටයි.

ඒ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා පිබිදෙව්! සඟරාවට පැවසුවේ එම ව්‍යාපෘතිය සඳහා පැමිණි ස්වේච්ඡා සේවකයන් සියලුදෙනාවම ජිබ්‍රෝල්ට්‍රා නගරයට සාදරයෙන් පිළිගත් බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “ඔවුන් අපේ ප්‍රජාවේ යහපතට බොහෝ සෙයින් දායක වෙනවා. මෙතරම් විශාල පිරිසක් එක ව්‍යාපෘතියක් සඳහා ජිබ්‍රෝල්ට්‍රා නගරයට පැමිණි මුල් වතාව මෙයයි. ඒ වගේම ඔවුන් වැඩ කළේ ස්වේච්ඡාවෙන්. ඒ නිසා සියලු ගෞරවය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හිමි විය යුතුයි.”

එම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා උචිත බිම් කොටසක් ලබා දෙමින් ව්‍යාපෘතියේ මුල සිටම බලධාරීන් ඔවුන්ට ඉතා කාරුණිකව උපකාර කළා. එසේ කිරීමට ඔවුන් පෙලඹුනේ ඇයි?

ඒ ගැන ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ පැවසුවා. “ඕනෑම සමාජයක දෙවියන් අදහන මිනිසුන් ඉන්න එක ඇත්තටම හොඳ දෙයක්. මේ නගරයේ ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය මිනිසුන්ට තියෙනවා. ඒ වගේම එය ආරක්ෂා කිරීමට රජයක් හැටියට අප වගකීමෙන් බැඳී සිටිනවා. අපිට හිතෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ නමස්කාර ස්ථානය සඳහා සුදුසු බිම් කොටසක් ලබා දීම අපේ ප්‍රජාව වෙනුවෙන් අපි කළ යහපත් ක්‍රියාවක් කියලයි.

“අපිට ඕනේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන පුරුද්ද නැති කරන්නයි. ඒක කරන්න පුළුවන් කියලා ඔයාලගේ කඩිසර ස්වේච්ඡා සේවකයන් ඔප්පු කරලා තියෙනවා.”

කුණාටුවක් නිසා ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම මදක් ප්‍රමාද වුණත් එම රාජ්‍ය ශාලාව දින තුනකින් සම්පූර්ණයෙන්ම නිම කිරීමට ඔවුන්ට හැකි වුණා. එහි වැඩකටයුතු අධීක්ෂණය කළ සිකුන්ඩිනෝ නොගාල් මෙසේ පැවසුවා. “ශාලාව සම්පූර්ණයෙන්ම නිම කරන්න ස්වේච්ඡා සේවකයන්ගෙන් වැඩිදෙනෙක් අමතර දවසක් එහි වැඩ කරන්නත් කැමති වුණා. මේ වගේ බාධාවලට මුහුණ දීලා අපිට හොඳට පුරුදුයි. ඉදිකිරීම් කටයුතුවලදී නිතරම විවිධ තත්වයන්ට අනුව හැඩගැසෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ හැම දෙයකටම වඩා ගොඩක් කැප කිරීම් කරන්නත් අපට සිදු වෙනවා. හැබැයි ඒකෙන් අපිට ලොකු තෘප්තියක් ලැබෙනවා.” *

[පාදසටහන]

^ 7 ඡේ. එම නගරයේ පුවත්පතක මෙසේ වාර්තා වුණා. ‘සති අන්තයකදී ඇති වූ කුණාටුවක් නිසා ගොඩක් අලාභහානි සිදු වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ ස්වේච්ඡා සේවක හමුදාව සමඟ දින තුනකින් ඔවුන්ගේ රාජ්‍ය ශාලාව සාදා නිම කළා.’