Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

විනිශ්චයකරුවෝ 7:15-22 දක්වා කියවන්න. පින්තූරය බලා අඩුපාඩු මොනවාද කියා නම් කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කිරීමට:

ගිඩියොන්ට සහ ඔහුගේ කණ්ඩායමට යුද්ධයෙන් ජය ගැනීමට හැකි වූයේ කුමක් නිසාද? ඔවුන් තුළ එතරම් නිර්භීතකමක් ඇති වූයේ කෙසේද? ඔබටත් ගිඩියොන් මෙන් නිර්භීතව කටයුතු කළ හැකි අවස්ථා මොනවාද?

දාවිත් රජ ගැන ඔබ දන්නේ කුමක්ද?

4. දාවිත්ට වැඩිමහල් සහෝදරයන් කී දෙනෙක් සිටියාද?

හෝඩුවාව:1 සාමුවෙල් 16:10, 11.

.....

5. දාවිත්ගේ වැඩිමහල් සහෝදරයාගේ නම මොකක්ද?

හෝඩුවාව:1 සාමුවෙල් 17:28.

.....

සාකච්ඡා කිරීමට:

දාවිත් සමඟ ඔහුගේ වැඩිමහල් සහෝදරයා කෝප වුණේ ඇයි? ඔබ ඔබේ සහෝදර සහෝදරියන් සමඟ කරුණාවන්තව කටයුතු කළ යුත්තේ ඇයි?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

4වන පිටුව විවාහය කියන්නේ මොන වගේ බැඳීමක්ද? මතෙව් 19:...

9වන පිටුව “අලංකාර ගුණාංගයක්” වන්නේ කුමක්ද? හිතෝපදේශ 19:...

12වන පිටුව හදවත මොන වගේද? යෙරෙමියා 17:...

22වන පිටුව විශ්වාසය කියන්නේ කුමක්ද? හෙබ්‍රෙව් 11:...

● පිළිතුරු 15වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. හොරණෑව.

2. මැටි භාජන.

3. පන්දම්.

4. හතක්.

5. එලියාබ්.