Skip to content

පටුනට යන්න

මෝරාගේ සම

මෝරාගේ සම

නිර්මාණයක්ද?

මෝරාගේ සම

● ඔබට කවදා හෝ මෝරෙකුව අතගාන්න අවස්ථාවක් ලැබී තිබෙනවාද? උගේ සම සිනිඳුයි කියා පෙනෙන්න තිබුණත් උගේ වල්ගය ඇති දිශාවේ සිට හිස දෙසට අතගාන විට එය වැලි කඩදාසියක් මෙන් ගොරෝසු බවක් ඔබට දැනෙයි. *

මේ ගැන සිතා බලන්න: උගේ සමෙහි තිබෙන කොරපොතුවල සියුම් කානු පිහිටා තිබෙනවා. ඒවා දෙයාකාරයකින් ඌට ප්‍රයෝජනවත්. එක් ආකාරයක් නම් වැඩි ආයාසයකින් තොරව ඉදිරියට ඇදී යෑමට ඌට හැකි වීමයි. අනික් ආකාරය නම් ඌ ගමන් කරන විට උගේ කොරපොතු නිතරම චලනය වන නිසා පරපෝෂිතයන්ට උගේ ශරීරයේ රැඳී සිටින්න නොහැකි වීමයි.

මෝරාගේ සම මතුපිට ස්වභාවය අනුකරණය කරමින් විද්‍යාඥයන් විසින් බොහෝ දේවල් නිපදවා තිබෙනවා. කිමිඳුම් ඇඳුම ඊට එක් උදාහරණයක්. ඒ නිසා කිමිඳුම්කරුවන්ට පෙරට වඩා තරමක් වැඩි වේගයකින් පිහිනීමට හැකි වී තිබෙනවා. එම තාක්ෂණයම යොදාගෙන වැඩි වේගයකින් ධාවනය කළ හැකි කාර් සහ බෝට්ටු නිපදවීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව මෝරාගේ සමට සමාන නිමාවක් ලබා දෙන, පරිසර හිතකාමී තීන්ත වර්ගයක් නිපදවීමටද පර්යේෂකයන් අදහස් කරනවා. ඒ තුළින් බෝට්ටුවල යටි පැත්තේ ක්ෂුද්‍ර ජීවීන් ඇලී සිටීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි. එමෙන්ම ආසාදන අවම කරගැනීම සඳහා එම තාක්ෂණයම භාවිත කරමින් වෛද්‍ය උපකරණ නිපදවීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.

කල්පනා කර බලන්න: මෙතරම් මවිත කර සමක් මෝරාට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[පාදසටහන]

^ 3 ඡේ. නමුත් උගේ හිසේ සිට වල්ගය දෙසට අතගාන විට ඒ බවක් නොදැනෙයි.

[10වන පිටුවේ පින්තූරය]

මෝරෙකුගේ කොරපොතු විශාල කර බලන විට

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Scales: © Eye of Science/​Photo Researchers, Inc.; shark: © Image Source/​age fotostock