Skip to content

පටුනට යන්න

එය මුලින්ම නිර්මාණය කළේ කවුද?

එය මුලින්ම නිර්මාණය කළේ කවුද?

එය මුලින්ම නිර්මාණය කළේ කවුද?

ජංගම දුරකථනයක් භාවිත කළ ප්‍රථමයා ලෙස සැලකෙන්නේ ආචාර්ය මාර්ටින් කූපර් නමැති පුද්ගලයායි. ඒ 1973දීයි. එම දුරකථනය බැටරියකින්, රේඩියෝවකින් හා කුඩා පරිගණකයකින් සමන්විත වුණා. කූප, නිව් යෝර්ක් නගරයේ වීථියක සිට දුරකථන ඇමතුමක් ලබාගන්නවා දුටු එහි වැසියන් ඒ දෙස බලා සිටියේ ඉමහත් පුදුමයකිනුයි. ඔහුට එවැනි නිර්මාණයක් කිරීමට හැකි වූයේ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ට 1800දී බැටරියක් නිපදවා තිබීම හා තවත් පුද්ගලයන් විසින් 1876දී දුරකථනය, 1895දී රේඩියෝව, 1946දී පරිගණකය හා 1971දී ක්ෂුද්‍ර සකසනය (microprocessor) නිර්මාණය කර තිබීම යන සාධක නිසයි. නමුත් ඇත්තෙන්ම එවන් සුපිරි අංගයන්ගෙන් යුත් සංකීර්ණ සන්නිවේදන පද්ධතියක් මිනිසා අලුතින්ම බිහි කළ එකක්ද?

අප එතරම් ගණනකට නොගත්තත් මිනිස් කටහඬද සන්නිවේදන උපකරණයක්. අපගේ මොළයේ චලක බාහිකයේ ඇති බිලියන ගණනක් වූ නියුරෝනවලින් භාගයක්ම කතා කිරීමට සම්බන්ධ ඉන්ද්‍රියන් පාලනය කරනවා. එමෙන්ම අප කතා කරන විට දිව, තොල්, හකු, උගුර හා පපුවට සම්බන්ධ මාංශ පේශීන් 100ක් පමණ ක්‍රියාත්මක වෙනවා.

ඔබේ කනද එම සන්නිවේදන පද්ධතියේම කොටසක්. ඒ මගින් ශබ්දය විද්‍යුත් ආවේග බවට පත් කරන අතර එය මොළය මගින් වටහාගනියි. එවිට කටහඬේ ස්වරයෙන් ඔබට පුද්ගලයන්ව හඳුනාගැනීමට හැකියාව ලබා දෙයි. ඔබේ කන මගින් ශබ්දය පැමිණෙන දිශාවද හඳුනාගත හැකියි. එය සිදු වන්නේ කෙසේද? ශබ්දය පැමිණෙන දිශාවට විරුද්ධ දිශාවේ පිහිටි කනට එම ශබ්දය ඇතුල් වන්නේ අනික් කනට වඩා තත්පරයකින් මිලියනයකිනුත් එකකට වඩා අඩු කාලයකට පසුවයි. නමුත් ඒ වෙනස වටහාගැනීමට මොළයට හැකි අතර ඒ මගින් ශබ්දය පැමිණෙන දිශාව හඳුනාගනියි. කිහිපදෙනෙක් එකවිට කතා කරමින් සිටියත් එක් වතාවකදී එක් පුද්ගලයෙකුට පමණක් සවන් දීමට ඔබට හැකි වන්නේ ඉහත කී කරුණු දෙක නිසයි.

ඒ අනුව බලද්දී සංකීර්ණ විද්‍යුත් සන්නිවේදනය (අමතන්නාව හඳුනාගැනීමේ පහසුකම ඇතුළුව) මෑතකදී බිහි වූවක් නොවෙයි. එය බොහෝ කලක පටන් මිනිසුන් ඇතුළු සත්ව ලෝකය තුළ දකින්න ලැබෙන දෙයක්.

[3වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

1800

බැටරිය

1876

දුරකථනය

1971

ක්ෂුද්‍ර සකසනය (Microprocessor)

1973

ආචාර්ය මාර්ටින් කූපර් නිර්මාණය කළ ජංගම දුරකථනය

[හිමිකම් විස්තර]

Dr. Cooper and mobile phone: © Mark Berry

[2වන පිටුවේ පින්තූර]

දෙවන පිටුවේ දකුණුපස පහළ සිට ඉහළට: (මෙහි ඇති ඡායාරූප සැබෑ ඒවා නොවෙයි) ගුග්ලිල්මෝ මාකෝනි ගුවන්විදුලි උපකරණය සමඟින්; තෝමස් එඩිසන් විදුලි බල්බය සමඟින්; සන්නිවේදන උපකරණය සොයාගත් ග්‍රැන්විල් ටී. වූඩ්ස්; රයිට් සහෝදරයෝ 1903දී නිර්මාණය කළ ගුවන් යානය සමඟින්