Skip to content

පටුනට යන්න

බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය දුන් යේසුස්

බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය දුන් යේසුස්

බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය දුන් යේසුස්

යේසුස් මේ පොළොවට පැමිණියේ ‘සේවය ලබන්න නොව සේවය කිරීමට හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කිරීමට’ බව ඔහු තම අනුගාමිකයන්ට පැවසුවා. (මතෙව් 20:28) ඔහු කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතය පූජා කළේ අන් අයගේ ප්‍රයෝජනය උදෙසායි.

නමුත් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කිරීම තුළින් වන්දියක් ගෙව්වේ කෙසේද? එවැනි වන්දියක් ගෙවීම අවශ්‍ය වුණේ ඇයි? ඔහු තම ජීවිතය පූජා කළේ කවුරු වෙනුවෙන්ද? එම ජීවිත පූජාවෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද?

එම ප්‍රශ්නවලට බයිබලයේ සඳහන් පිළිතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට සාදරයෙන් ඇරයුම් කරයි. වාර්ෂිකව පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම මෙවර යෙදී තිබෙන්නේ මාර්තු මස 30වන අඟහරුවාදා දින, හිරු බැස යෑමෙන් පසුවයි. එම අවස්ථාවේදී ඉහත සඳහන් සියලු ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන ස්ථානය හා වේලාව දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.