Skip to content

පටුනට යන්න

බයිබලයේ සඳහන් පණිවිඩය ඔබ දැනගත යුත්තේ ඇයි?

බයිබලයේ සඳහන් පණිවිඩය ඔබ දැනගත යුත්තේ ඇයි?

බයිබලයේ සඳහන් පණිවිඩය ඔබ දැනගත යුත්තේ ඇයි?

● එදා මෙදා තුර ලොව පුරා ඉතා පුළුල් ලෙස බෙදා හැර තිබෙන පොත බයිබලයයි. එමෙන්ම බොහෝදෙනා එය ඉතා අගය කොට සලකනවා. උසාවිවල සාක්ෂි දෙන විටදී දිවිරීම සඳහා බයිබලය මත අත තබන අතර සමහරුන් වැඩ භාරගන්නා අවස්ථාවලදීද බයිබලය මත අත තබා පොරොන්දු වෙනවා. කෙනෙකුට ලැබිය හැකි හොඳම අධ්‍යාපනය පිළිබඳ තොරතුරු අඩංගුව ඇත්තේද ශුද්ධ බයිබලයේයි.

බයිබලයේ සඳහන් වදන් කියවා ඒවා ක්‍රියාත්මක කළහොත් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් බවට පත් වෙයි කියා බොහෝදෙනෙක් එකඟ වෙනවා ස්ථිරයි. වඩාත් ගැළපෙන නිදර්ශන භාවිත කර සකසා තිබෙන පිටු 32කින් යුත් බයිබලය එහි පණිවිඩය කුමක්ද? යන සඟරාව කියවීමෙන් බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගැනීමට ඔබට හැකියි. එහි මුල් කොටස් දෙකෙහි සඳහන් වන්නේ මිනිසාගේ නිර්මාතෘ පාරාදීස උයනක මිනිසුන්ට ලබා දුන් ජීවිතය හා ඔවුන් එය නැති කරගත් ආකාරය ගැනයි. ඊළඟ කොටස්වල සඳහන් වන්නේ විශේෂ ජාතියක් පිළිබඳ ඓතිහාසික තොරතුරුයි. ඒ ජාතියෙන් රජ කෙනෙක් පැවත එන බවත් ඔහු පාලනය කරන දේවරාජ්‍ය මගින් යෙහෝවා දෙවි මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන බවත් එහි සඳහන් වෙනවා.

ඉන්පසුව ඇති කොටස්වල විස්තර කරන්නේ යේසුස්ගේ දේශනා සේවය, ආශ්චර්යයන්, මරණය සහ ඔහු දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස නැවත නැඟිටීම පිළිබඳවයි. ඊළඟ කොටස් හතරෙහි සඳහන් වන්නේ පළමු සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ශුභාරංචිය දේශනා කළ ආකාරය, පීඩා හමුවේ විශ්වාසවන්තව කටයුතු කළ ආකාරය මෙන්ම දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියූ ලිපි පිළිබඳ හද දනවන වාර්තායි. එමෙන්ම “පොළොව නැවතත් පාරාදීසයක් වෙයි” යන පරිච්ඡේදය කියවීමෙන් හා එහි අවසන් පිටුවේ වර්ණවත් පින්තූර සහිතව විස්තර කර තිබෙන “බයිබලයේ පණිවිඩය සාරාංශයක්” යන කොටස කියවීමෙන් ඔබට විශාල දිරිගැන්වීමක් ලබාගත හැකියි.

මෙම සඟරාවෙන් පිටපතක් ලබාගැනීම සඳහා පහත සඳහන් කූපනයේ ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□පහත සඳහන් ප්‍රකාශනය පමණක් ලබාගැනීමට කැමතියි.

□නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.