Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

දහසයවන බෙනඩික් පාප්වරයා විශේෂ ලිපියකින් මෙසේ දැනුම් දුන්නා: ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ආර්ථික ආයතන හා ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ක්‍රියා කරන අන්දම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එය දැඩි අවශ්‍යතාවක් බව මට පෙනෙනවා. එම සංවිධාන සමූහයට තවත් බලතල ලබාගෙන ප්‍රබලව ක්‍රියා කළ හැක්කේ එවිටයි.’—L’OSSERVATORE ROMANO; italics theirs.

“දුම්පානය කරන යුක්‍රේන් ජාතිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් දිනකට සිගරට් පැකට්ටුවක් පානය කරනවා.”—EXPRESS, UKRAINE.

ඇමරිකාවේ පාසැල් යන පිරිමි දරුවන්ගෙන් සියයට 44ක් “තම පන්තියේ ගැහැනු ළමයින්ගේ නිරුවත් ඡායාරූප අඩුම තරමින් එකක්වත් අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකථනයෙන් දැක තිබෙන” බව සමීක්ෂණයකින් හෙළි වුණා.—TIME, U.S.A.

“දරුණු යුගයක සංදිස්ථානයක්”

යුද්ධ, නියඟය, දේශපාලන අර්බුද, ආහාර මිල ඉහළ යෑම හා දිලිඳුකම මිනිස් සංහතියම දරුණු යුගයකට ඇද දමා තිබෙනවා කියා එක් පුවත්පතක වාර්තා වුණා. ලොව පුරා කුසගින්නෙන් පසු වන සංඛ්‍යාව බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෙසේ පවසනවා. ‘කුසගිනි ලෝකය හරිම භයානකයි. එහි වෙසෙන්නන්ට ඇත්තේ විකල්ප මාර්ග තුනයි. කැරලිගැසීම, වෙනත් රටකට යෑම හෝ මිය යෑමයි. නමුත් ඉන් එකක්වත් සාධාරණ විසඳුම් නොවෙයි.’ වර්තමානයේ කුසගින්නෙන් පසුවන්නන්ගේ සංඛ්‍යාව, ජනගහන වර්ධනයටත් වඩා වේගවත්. දියුණු රටවල පවා නිසි පෝෂණයක් නොලැබෙන අයගේ සංඛ්‍යාව සියයට 15.4කින් ඉහළ ගොස් තිබෙනවා.

නින්දට පෙර පොත් පත් කියවීම

දෙමාපියන් තම දරුවන්ව නිදි කරවීම සඳහා පොත් කියවීමෙන් තවත් ප්‍රයෝජන තිබෙනවා. සමීක්ෂකයන් පවසන්නේ දරුවන්ට ඔවුන්ගේ මතක ශක්තිය හා භාෂාමය හැකියාවන් දියුණු කරගැනීමට එය උපකාරයක් බවයි. ඒ වගේම පිටු සෙමින් පෙරළීම වැනි දේවල්ද ඔවුන් ඉන් ඉගෙනගන්නවා. එක් පුවත්පතක මෙසේද සඳහන් වෙනවා. ‘එහි ඇති වැදගත්ම ප්‍රයෝජනය නම් දෙමාපියන් හා දරුවන් එකට යම් කාලයක් ගත කරන නිසා ඔවුන් අතර කිට්ටු බැඳීමක් ඇති වීමයි. ඒ වගේම කියවීම සඳහා දරුවන් තුළ ආශාවක්ද ඇති වෙනවා.’ එම සමීක්ෂණය මෙහෙය වූ මහාචාර්ය බැරී සුකර්මන් මෙසේ පවසනවා. “එහි ප්‍රතිඵලය වන්නේ දරුවන් දෙමාපියන්ට ආදරය නිසා ඔවුන් තුළ පොත්වලටත් ආදරයක් ඇති වීමයි.”—එම පුවත්පත The Guardian.

සැලකිල්ල වැඩි නම් කිරිත් වැඩියි!

“නමක් ඇති එළදෙනෙකු නමක් නැති එකෙකුට වඩා වැඩි කිරි ප්‍රමාණයක් ලබා දෙන” බව එංගලන්තයේ නිව්කාර්සල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසනවා. සෑම එළදෙනෙකු ගැනම හොඳ සැලකිල්ලක් දැක්වීමෙන් වාර්ෂිකව කිරි නිෂ්පාදනය ලීටර් 250කින් පමණ වැඩි කරගත හැකියි. ඒ කොහොමද? පශු වෛද්‍ය කැතරින් ඩග්ලස් ඒ ගැන මෙසේ පැවසුවා. “තමන් ගැන පෞද්ගලිකව සැලකිල්ලක් දක්වනවාට මිනිසුන් හරි කැමතියි. එලෙසම මිනිසුන් එළදෙනුන් ගැන එවන් සැලකිල්ලක් දක්වද්දී උන් ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම සන්සුන් ස්වභාවයක්ද පෙන්වනවා. අධ්‍යයනවලින් හෙළි වුණේ සතුන්ව හොඳින් රැකබලා ගත් අය කාලයක් පුරා කරමින් සිටි දේ සත්‍යයක් බවයි. එනම් උන්ගේ නම කියා ඇමතීම, උන් සමඟ යම් කාලයක් ගත කිරීම ප්‍රයෝජනදායක බවයි. මිනිසුන් උන් ගැන සැලකිලිමත් බවත් උන්ට හොඳින් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි එයින් උන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණයද වැඩි වෙනවා.”