Skip to content

පටුනට යන්න

දෙවිට ළං විය හැක්කේ කෙසේද?

දෙවිට ළං විය හැක්කේ කෙසේද?

දෙවිට ළං විය හැක්කේ කෙසේද?

බයිබලයේ මෙවන් දෙයක් සඳහන් වී තිබෙනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකොබ් 4:8) මිනිසුන්ට ඔවුන්ගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට ළං විය හැකියි කියා ඔබ විශ්වාස කරනවාද? එම ප්‍රශ්නයට ඔබ පිළිතුරු දීමට පෙර ඊටත් වඩා වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම අවශ්‍යයි. ඒවා නම්:

දෙවි කෙනෙක් සිටිනවාද?

එසේනම් ඔහු මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගෙන තිබෙනවාද? ඒ කෙසේද?

දෙවි මිනිසා සමඟ අදහස් හුවමාරු කරන බවට ශුද්ධ බයිබලය සාක්ෂියක්ද? එය අප විශ්වාස කරන්නේ කොහොමද?

ඒවා අප ඇසිය යුතු වඩාත්ම වැදගත් ප්‍රශ්නවලින් කිහිපයක් පමණයි. ඒවාට පිළිතුරු “යෙහෝවා දෙවිට ළංව සිටින්න” යන තේමාවෙන් යුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන දිස්ත්‍රික් සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිත “දෙවිට ළං වෙන්න ඔබට පුළුවන් කොහොමද?” යන ප්‍රසිද්ධ කතාවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබ සිටින ප්‍රදේශයට ආසන්නයේ පවත්වනු ලබන එම සමුළුවට සහභාගි වන්න කියා අපි ඔබට ඉතා සාදරයෙන් ආරාධනා කරනවා. ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසීමට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් ලිපිනයට ලියා විමසිය හැකියි. එසේත් නැත්නම් www.pr418.com යන වෙබ් අඩවියෙන්ද ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.