Skip to content

පටුනට යන්න

“යෙහෝවා දෙවිට ළංව සිටින්න”

“යෙහෝවා දෙවිට ළංව සිටින්න”

“යෙහෝවා දෙවිට ළංව සිටින්න”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුව

● ලොව පුරා රටවල් ගණනාවකම ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තෙදින දිස්ත්‍රික්ක සමුළුව මැයි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වෙයි. සෑම දවසකම වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9:20ට මියුරු සංගීතයක් සමඟිනුයි. සිකුරාදා වැඩසටහනේ තේමාව වන්නේ “දෙවිට ළං වී සිටීම යහපතකි” යන්නයි. (ගීතාවලිය 73:28) එදින සභාපතිගේ ඇමතුමෙන් පසු “යෙහෝවා දෙවිට ළංව සිටීමට උපකාරවත් වන සමුළු” සහ “පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි” යන තේමාවලින් යුත් කතා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු “යෙහෝවා දෙවිට සමීපව සිටි අයගේ ආදර්ශය අනුගමනය කරන්න” යන මාතෘකාවෙන් යුත් කතා මාලාවේදී ආබ්‍රහම්, රූත්, හෙසකියා සහ මරියා වැනි අයගේ ආදර්ශ ගැන සාකච්ඡා කරයි. පෙරවරු සැසිවාරය අවසන් වන්නේ “යෙහෝවා දෙවි අපට ළං වන ආකාරය” යන මාතෘකාවෙන් යුත් මූලික ඇමතුමත් සමඟිනුයි.

සිකුරාදා පස්වරුවේ පළමු අංගය වන්නේ “යෙහෝවා දෙවි ගැන අසන ප්‍රශ්නවලට පිළිතුරු” යන කතාවයි. ඉන්පසු “දෙවිගේ හික්මවීම්වලට අනුව සකස් වන්න” සහ “කිසිදාක ‘යෙහෝවා දෙවිට දොස්’ නොකියන්න” යන කතා ඉදිරිපත් කරයි. ඊළඟට දෙනු ලබන්නේ “පවුලක් ලෙස දෙවිට ළංව සිටීමට අදහස් හුවමාරුව උපකාරයක්” යන කොටස් පහකින් යුත් කතා මාලාවයි. “අදහස් හුවමාරුවේ උතුම්ම ආදර්ශය යෙහෝවා දෙවියි,” “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාව සමඟ අදහස් හුවමාරු කරගන්න!,” “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයා සමඟ අදහස් හුවමාරු කරගන්න!,” “දෙමාපියෙනි, ඔබේ දරුවන් සමඟ අදහස් හුවමාරු කරගන්න!” සහ “දරුවෙනි, ඔබේ දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කරගන්න” යන කතා ඊට ඇතුළත් වෙනවා. සිකුරාදා දිනය අවසන් වන්නේ “‘ජීවමාන දෙවි’ ගැන හෙළි කරන අප අවට ලෝකය” යන කතාවෙනුයි.

සෙනසුරාදා දින තේමාව වන්නේ “අවංක අයට ඔහු ළංව සිටින්නේය” යන්නයි. (හිතෝපදේශ 3:32) “‘දෙවි සමඟ සමාදාන වන්න’ ජනයාට උපකාර කරන්න” යන තේමාවෙන් යුත් කොටස් පහකින් සමන්විත කතා මාලාවකට ඔබට සවන් දිය හැකියි. ඒවා නම් “දෙවිගෙන් ඈත් වූ බලාපොරොත්තුවක් නැති අයට,” “අදහස් විමසීමට ප්‍රශ්න අසන්න,” “දේවසේවයේදී හොඳ සහයකයෙක් වන්න,” “යහපත් හැසිරීමෙන් ඔවුන්ව දිනාගන්න” සහ “ඔබේ වෑයම අත් නොහරින්න” යන්නයි. ඉන්පසුව “දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත් කරන පූර්ණකාලීන දේවසේවය” සහ “යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය ‘කිසිවිටක පය පැටලී වැටෙන්නේ නැත’” යන කතාවන් ඉදිරිපත් කරනු ලබනවා. එදින පෙරවරු සැසිවාරය අවසන් වන්නේ බව්තීස්ම වීමට සුදුසුකම් ලැබූ අයට දෙනු ලබන කතාවත් සමඟයි.

සෙනසුරාදා පස්වරු වැඩසටහන ආරම්භ වන්නේ කොටස් අටකින් යුත් කතා මාලාවකිනුයි. එහි තේමාව “යෙහෝවා දෙවිගෙන් ඔබව ඈත් කිරීමට කිසිවකට ඉඩ නොතබන්න” යන්නයි. එයට “සාතන්ගේ සූක්ෂ්ම උපායන්,” “උඩඟුකම,” “මුදල්,” “ශරීර සෞඛ්‍යය,” “රැකියාව,” “විනෝදය,” “පවුල් සාමාජිකයන්” හා “නවීන පන්නයේ උපකරණ” යන කතා ඇතුළත්. ඉන්පසු “යෙහෝවා දෙවි ඔබව නිවැරදි කරන විට කලනොකිරෙන්න!” යන මාතෘකාවෙන් යුත් තැටිගත කළ වැඩසටහනකට ඔබට සවන් දිය හැකියි. එදින පස්වරු සැසිවාරය අවසන් වන්නේ “යෙරෙමියා මෙන් යෙහෝවා දෙවිට ළංව සිටින්න” යන කතාවත් සමඟයි.

ඉරිදා දින තේමාව වන්නේ “යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින්න” යන්නයි. (යොෂුවා 23:8) උදෑසන ගීතිකාවෙන් සහ යාච්ඤාවෙන් පසු ආරම්භ වන “යෙහෝවා දෙවිව ආදර්ශයට ගනිමු” යන කතා මාලාවේදී “මිත්‍රශීලී කෙනෙක්,” “අන් අයව තේරුම්ගන්නා කෙනෙක්,” “අන් අයව අගය කරන කෙනෙක්,” “ත්‍යාගශීලී කෙනෙක්,” “සැමට එක සේ සලකන කෙනෙක්,” “සමාව දීමට කැමති කෙනෙක්,” “සාධාරණ කෙනෙක්” සහ “විශ්වාසවන්ත කෙනෙක්” යන කරුණු අට ගැන සාකච්ඡා කරයි. ඉන්පසු “දෙවිට ළං වෙන්න ඔබට පුළුවන් කොහොමද?” යන ප්‍රසිද්ධ කතාවට ඇහුම්කන් දීමට ඔබට හැකියි. ඉරිදා සැසිවාරය අවසන් වන්නේ මුරටැඹ සාරාංශය සමඟයි.

ඉරිදා පස්වරුව ආරම්භ වන්නේ එදා ක්‍රිස්තියානීන් යෙරුසලමෙන් පළා යෑම හා සම්බන්ධව ගෙතුණු “දකින දෙයින් නොව විශ්වාසයෙන් ගමන් කරන්න” යන නාට්‍යයෙනුයි. ඉන්පසුව “මහෝත්තම දෙවිගේ රහස් ස්ථානයේ දිගටම රැඳී සිටින්න” යන කතාව සමඟින් තෙදින දිස්ත්‍රික් සමුළුව අවසන් වෙයි.

මෙම සමුළුවට සහභාගි වීමට දැන් සිටම සැලසුම් යොදන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. ඔබේ ප්‍රදේශයේ මෙම සමුළුව පවත්වන ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. එසේ නැත්නම් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලිවීමෙන් හෝ www.pr418.com යන අපගේ වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගත හැකියි.