Skip to content

පටුනට යන්න

විශ්මිත කලාමැදිරි ආලෝකය

විශ්මිත කලාමැදිරි ආලෝකය

නිර්මාණයක්ද?

විශ්මිත කලාමැදිරි ආලෝකය

● අඳුරේ නිවි නිවී දැල්වෙන කලාමැදිරියාගේ ආලෝකය ඔබ කවුරුත් දැක ඇති. කලාමැදිරියා තම ආලෝකය විහිදුවන්නේ තම සහකාරියව ආකර්ෂණය කරගැනීමටයි. මෙසේ ඌ විහිදුවන ආලෝකය මිනිසා නිපදවා තිබෙන සාමාන්‍ය විදුලි බල්බයකට හා CFL බල්බයකටත් වඩා කාර්යක්ෂමයි.

මේ ගැන සිතා බලන්න: සාමාන්‍ය බල්බයකින් පිට වෙන ශක්තියෙන් ආලෝකය ලෙස මුදාහැරෙන්නේ සියයට දහයක් පමණ වන අතර ඉතිරි සියයට 90ම තාපය ලෙස අපතේ යනවා. නමුත් CFL බල්බයක් ඊට වඩා කාර්යක්ෂමයි. එයින් සියයට 90ක් පමණ විහිදුවන්නේ ආලෝකයයි. නමුත් මේ පුංචි කලාමැදිරියා නිපදවන ශක්තියෙන් තාපය ලෙස බිඳක්වත් අපතේ යන්නේ නැති තරම්. ඊට හේතුව එහි පාරජම්බුල කිරණ හෝ අධෝරක්ත කිරණ අඩංගු වන්නේ ඉතාමත් සුළු වශයෙන් වීමයි. ඒ අනුව එය ආසන්න වශයෙන් සියයට සියයක්ම කාර්යක්ෂමයි කියා පැවසිය හැකියි.

එය සිදු වන්නේ ඌ නිපදවන ලුසිෆරින් යන රසායන ද්‍රව්‍ය හා ලුසිෆෙරස් යන එන්සයිමය ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසයි. එම රසායනික ක්‍රියාවලිය සිදු වන්නේ ෆොටෝසයිට් යනුවෙන් හැඳින්වෙන විශේෂ සෛල තුළයි. එම ආලෝකයෙන් තාපය පිටවන්නේ නැති තරම්. කලාමැදිරියාව සීතල ආලෝකය කියා හඳුන්වන්නේ ඒ නිසයි. මුලින්ම විදුලි බල්බය සොයාගත් තෝමස් එඩිසන්ට “කලාමැදිරියාගේ දස්කම් ගැන පුංචි ඊර්ෂ්‍යාවක් දැනෙන්න ඇති” කියා පරිසරවේදිනියක් වන සැන්ඩ්‍රා මේසන් පැවසුවා.

කල්පනා කර බලන්න. කලාමැදිරියා නිපදවන මේ පුදුමාකාර සීතල ආලෝකය අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[15වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කාර්යක්ෂමතාව

10% 90% 96%

සාමාන්‍ය බල්බයක් CFL බල්බයක් කලාමැදිරියා

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Firefly on leaf: © E. R. Degginger/Photo Researchers, Inc.; firefly in flight: © Darwin Dale/Photo Researchers, Inc.