Skip to content

පටුනට යන්න

“වටිනා පාඩම් රැසක් තිබෙන නිධානයක්”

“වටිනා පාඩම් රැසක් තිබෙන නිධානයක්”

“වටිනා පාඩම් රැසක් තිබෙන නිධානයක්”

● ඇමරිකාවේ නිව් හැම්ෂයර් නමැති ප්‍රදේශයේ ජීවත් වන යුවළක් මෙවැනි ස්තුති ලිපියක් එවා තිබුණා. “අපිට අවුරුදු හතරක පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම සොෆියා. අපිට ඕනේ වුණේ පුංචි කාලේ ඉඳලම එයාට සැබෑ දෙවි ගැන සිතට කාවදින විදිහට උගන්වන්නයි. ඔබ විසින් පළ කරන ලිපි දෙමාපියන් වන අපිට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වී තිබෙනවා. ඒ ගැන ඔබට හුඟක් ස්තුතියි.”

ඔවුන් තවදුරටත් මෙසේද සඳහන් කර තිබුණා. “උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත දුවට විතරක් නෙවෙයි අපිටත් ඇත්තටම වටිනා පාඩම් රැසක් තිබෙන නිධානයක්. එහි අවසාන පරිච්ඡේදයේ පාරාදීසය ගැන තිබෙන සිත් ඇදගන්නා පින්තූර අප දැක තිබෙන ලස්සනම පින්තූරයි. අපේ දුව නිතර නිතර වගේ හරිම ආශාවෙන් ඒ පින්තූර බලනවා. ඒවායින් දෙවිගේ පොරොන්දු ගැන දැනගන්න ඇයට පුළුවන්.”

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතේ අවසාන පරිච්ඡේදයේ තේමාව වන්නේ “දෙවිගේ සාමකාමී නව ලෝකයේ ජීවත් වෙන්න ඔයාට පුළුවන්” යන්නයි. දෙවි දී ඇති පොරොන්දු එහි ඇති අලංකාර පින්තූර මාර්ගයෙන් මනාව විස්තර කර තිබෙනවා.

පිටු 256කින් යුත් එම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරය]

මෙම පොතේ 254වන පිටුවේ ඇති පින්තූරය