Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන උගන්වන්නේ කෙසේද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන උගන්වන්නේ කෙසේද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන උගන්වන්නේ කෙසේද?

ඔවුන් මෙය කරන්නේ එක් එක් විෂයන්ට අනුවයි. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති ප්‍රකාශනයයි. එහි ඇති පරිච්ඡේද 19 අතරට පහත සඳහන් මාතෘකාද අයත් වෙනවා.

“සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?”

“යේසුස් ක්‍රිස්තුස් කවුද?”

“මිය ගිය අය කොහේද?”

“අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’”

“දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?”

“ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු”

සෑම ශිෂ්‍යයෙකුටම සාකච්ඡාව අතරතුරේදී ප්‍රශ්න ඇසීමට දිරිගන්වනවා. ඒවාට බයිබලයෙන්ම පිළිතුරු දැනගැනීමට ඔවුන්ට හැකියි. ඉන්පසුව තමා ලබාගත් දැනුමට අනුව තමා තෝරාගත යුතු ආගම කුමක්ද කියා ශිෂ්‍යයාට තීරණය කළ හැකියි.

මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට සහ බයිබල් පාඩමක් ආරම්භ කිරීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.