Skip to content

පටුනට යන්න

ගුරුවරියකගේ සිත්ගත් වෙනසක්

ගුරුවරියකගේ සිත්ගත් වෙනසක්

ගුරුවරියකගේ සිත්ගත් වෙනසක්

● අයිරිනා ජීවත් වන්නේ බල්ගේරියාවේයි. ඇය ඉගෙනුම ලබන්නේ අට වසරෙයි. දිනක් ඇගේ මව විසින් යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොත ඇගේ ගුරුවරියට දුන්නා.

ටික දවසකට පස්සේ ගුරුවරිය අයිරිනාට මෙසේ පැවසුවා. “අද පන්තිය කරන්නේ ඔයා. මම තෝරලා තියෙන මේ කොටස කියවලා, මේකේ තියෙන යෝජනා ඔයාලගේ ගෙදර අය කරන්නේ කොහොමද කියලා පන්තියට පැහැදිලි කරන්න.” ගුරුවරිය තෝරාගෙන තිබුණේ “මා ‘මගේ පියාට සහ මගේ මවට ගරු කළ යුත්තේ’ මන්ද?” යන පරිච්ඡේදයයි.

‘එයාලගේ දෙමාපියන් අනික් අයට වඩා වෙනස්’ කියලා පන්තියේ සමහර ළමයි ඒ වෙලාවේ කියන්න පටන්ගත්තා. එවිට ගුරුවරිය විගස ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔයාලා දන්නවාද ඒ ඇයි කියලා? ඒ ඒගොල්ලන් බයිබලය ගැන ඉගෙනගන්න නිසයි. මම මෙයාගේ අයියලාටත් උගන්වලා තියෙනවා. අනික් අයට ගරු කරන, හොඳට හැසිරෙන, ඒ වගේ ළමයින්ව නම් මම කවදාවත් දැකලා නැහැ.”

දරුවන්ට යම් නීති රීති දාන්න දෙවි, දෙමාපියන්ට අයිතියක් දී තිබෙන බව අයිරිනා කියෙව්ව ඡේදයක තිබුණා. ඊට පස්සේ ගුරුවරිය ඇගෙන් මෙහෙම ඇහුවා. “අයිරිනා, ඔයාලගේ පවුලේ මේක අදාළ කරගන්නේ කොහොමද? අම්මයි තාත්තයි ඔයාලට කරන්න කියන හැම දෙයක්ම ඔයාලා සලකන්නේ නීති හැටියටද?”

“හැම දෙයක්ම නීතියක් නෙවෙයි. නමුත් දෙමාපියන්ට ගරු කරන්නත් යටත් වෙන්නත් ඕනේ කියලා බයිබලයේ කියලා තියෙනවා. අපි එහෙම කරනවා. සමහර දේවල් අපි එකතුවෙලා සාකච්ඡා කරනවා. ඒ වගේ වෙලාවට අපේ පෞද්ගලික අදහස් නිදහසේ ඉදිරිපත් කරන්න පුළුවන්.” අවසානයේදී ඒ සාකච්ඡාව ගැන පන්තියේ හැමෝම සතුටු වුණා.

මෙම පොතේ පිටපතක් ගෙන්වාගැනීමට ඔබත් සතුටු නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවන්න.