Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

සමීක්ෂණයකින් හෙළි වුණේ නිරතුරුවම ලිංගික සම්බන්ධකම් පවත්වන වයස අවුරුදු 15ත් 64ත් අතර බ්‍රසීල ජාතික පිරිමින්ගෙන් සියයට 10.3ක් පමණ පසුගිය අවුරුද්ද ඇතුළත තමන්ට අන්තර්ජාලය ඔස්සේ හමු වූ අයගෙන් අඩුම තරමින් එක් අයෙකු සමඟවත් ලිංගික සම්බන්ධකම් පවත්වා තිබෙන බවයි.—BRAZILIAN MINISTRY OF HEALTH.

ආක්ටික් සාගරය අඩි 260ක් පමණ ගනකමින් යුත් දැවැන්ත අයිස් තට්ටුවකින් වැසී තිබුණා. නමුත් “අවුරුදු ගණනාවක් පුරා පතිත වූ ඒ අයිස් තට්ටු දැන් ඉතා ශීඝ්‍රයෙන් දිය වී ගොස් ඇති නිසා ඉදිරියේදී ඒ හරහා නැව්වලට පවා ගමන් කිරීමට හැකි වෙයි.”—REUTERS NEWS SERVICE, CANADA.

මොස්කව් හා වතිකානුව අතර පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගෙන ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.—RIA NOVOSTI, RUSSIA.

අප්‍රිකාවේ උසම කිලිමන්ජාරෝ කඳු මුදුන “වැසී තිබූ අයිස්වලින් සියයට 26ක් 2000 සිට 2007 අතර කාලයේදී දිය වී ගොස් තිබෙනවා.—DAILY NATION, KENYA.

මානසික පීඩනයට තවත් හේතුවක්

“ස්වාධීනව කටයුතු කිරීමට කැමති වැඩිම පිරිසක් සිටින්නේ” බ්‍රිතාන්‍යයේ කියා සමීක්ෂණවලින් සනාථ වී ඇති බව එක් පුවත්පතක සඳහන් වුණා. තවත් සමීක්ෂණයකින් හෙළි වුණේ මානසික පීඩනයෙන් හා කනස්සල්ලෙන් පෙළෙන වැඩිම පිරිසක් සිටින්නෙත් එහි බවයි. ස්වාධීනව කටයුතු කිරීම හා මානසික පීඩනය අතර යම් සම්බන්ධයක් තිබෙන බව සමහර විද්වතුන්ගේ මතයයි. ඒ සඳහා ඔවුන් බටහිර රටවල්, චීනය හා තායිවානය වැනි එකමුතුව වැඩ කිරීමට දිරි දෙන ආසියාතික රටවල් සමඟ සන්සන්දනය කළා. ඉන් තහවුරු වුණේ කුමක්ද? එකමුතුව වැඩ කිරීම මානසික පීඩනයෙන් ආරක්ෂා වීමට මඟක් බවයි. නමුත් ‘තමන් ගැන පමණක් සිතන, ස්වාධීනව කටයුතු කරන බටහිර සමාජය, මානසික පීඩනයට හේතුවක්’ කියාද එම පුවත්පතේ වාර්තා වුණා.—Daily Telegraph.

සමලිංගික විවාහයට පල්ලියේ අනුමැතිය

සමලිංගික විවාහයන් සඳහා 2009 ඔක්තෝබර් මාසයේදී ස්වීඩනයේ ලුතරන් පල්ලිය තම අනුමැතිය දී තිබෙනවා. එම අනුමැතිය දෙනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර ස්වීඩන් රජය විසින් ලිංග භේදයකින් තොර විවාහයන් සිදු කිරීමට අවසර දී මාස කිහිපයකට පසුවයි. “ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර සිදු වන සම්මත විවාහය මුල් වතාවට බිඳ හෙලුවේ ලොව පුරා තිබෙන පල්ලි අතරින් ස්වීඩනයේ පල්ලියයි” කියා එරටේ පුවත්පතක වාර්තා වුණා.—Dagens Nyheter.

අඬන්නෙත් මව් බසින්

ජර්මනියේ වූර්ස්බර්ග් විශ්ව විද්‍යාලය විසින් කළ සමීක්ෂණයකින් හෙළි වුණේ බිලිඳුන් අඬන්නේ ඔවුන්ගේ මව් බසින් බවයි. ඒ සඳහා ඔවුන් ප්‍රංශ හා ජර්මන් ජාතික දරුවන් 30 බැගින් රැගෙන ඔවුන් අඬන ශබ්දය පටිගත කළා. පසුව ඔවුන්ගේ හඬේ තාලය, සංඛ්‍යාතය හා තාරතාව අධ්‍යයනය කිරීමෙන් හෙළි වුණේ ප්‍රංශ ජාතික බිලිඳුන් පහත් ස්වරයකින් පටන්ගෙන ඉහළ ස්වරයකින් අවසන් කරන බව හා ජර්මන් ජාතික බිලිඳුන් ඉහළ ස්වරයකින් පටන්ගෙන පහත් ස්වරයකින් අවසන් කරන බවයි. මෙම තාලය ඔවුන්ගේ මව් භාෂාවේ තාලයට සමාන වීමයි. ඒ අනුව පර්යේෂකයන් විශ්වාස කරන්නේ බිලිඳෙකු කුසේ සිටින අවදියේ සිටම තම මව් භාෂාව පිළිබඳ යම් අවබෝධයක් ලබන බව හා ඉපදී දින දෙකක් ඇතුළත අඬන්නෙත් ඒ භාෂාවෙන් බවයි.