Skip to content

පටුනට යන්න

බෙල්ලෙකුගේ හපන්කමක්

බෙල්ලෙකුගේ හපන්කමක්

නිර්මාණයක්ද?

බෙල්ලෙකුගේ හපන්කමක්

● බැලූ බැල්මට මේ බෙල්ලා හරි හපනෙක් කියා කියන්න බැහැ. නමුත් ඌ කරන්නේ ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. මුහුදු වෙරළ ඉතා වේගයෙන් හාරාගෙන ඇතුළට යන්න ඌට තිබෙන්නේ පුදුම හැකියාවක්. පොළොව හෑරීමේ තරඟාවලියක් තිබුණා නම් බෙල්ලන් අතරින් රන් පදක්කම මේ බෙල්ලාට හිමි වන බව නම් කිසිම සැකයක් නැහැ. මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරියක් වන ඇනට් හොසෝයි ඒ ගැන මෙසේ පවසනවා. “උන්ගේ මේ හපන්කමට මොකක් හරි රහසක් තියෙනවා කියලා අපිට තේරුණා.” ඒ කුමක්ද?

මේ ගැන සිතා බලන්න: මුලින්ම ඌ තම පාදයෙන් පුංචි වළක් හාරාගන්නවා. ඊළඟට ඌ කරන්නේ උගේ කටුව අරින වහන අතර පාදයෙන් වැලි හාරාගෙන ඇතුළට යෑමයි. ඌ කොතරම් වේගවත්ද? තත්පරයකට සෙන්ටිමීටරයක් පමණ හෑරීමේ හැකියාව ඇති මේ සතාට, එම වේගයෙන්ම සෙන්ටිමීටර් 70ක් පමණ හාරාගෙන යා හැකියි. නමුත් පොළොව යටට ගිය පසු ඌව උඩට ඇදගැනීම නම් සිතන තරම් පහසු කාර්යයක් නොවෙයි. මේ බෙල්ලාගේ ප්‍රමාණයට සාපේක්ෂව ඌ පොළොව හාරාගෙන යෑමට හා එතැන රැඳී සිටීමට යොදන ශක්තිය, මිනිසා නිපදවා ඇති ඕනෑම නැංගුරමකට වඩා දස ගුණයක් ඉහළයි.

මේ බෙල්ලා හා සමානව ඇරෙන වැහෙන මෙන්ම පොළොව හාරාගෙන යෑමේ හැකියාවක් ඇති තාක්ෂණයෙන් යුත් නැංගුරමක් නිපදවීම ඉන්ජිනේරුවන්ගේ බලාපොරොත්තුවයි. තාක්ෂණයෙන් දියුණු, ශක්තිමත් මෙවැනි නැංගුරම් ගැඹුරු මුහුදේ පර්යේෂණ කරන හා තෙල් ආකර සෙවීම සඳහා යොදාගන්නා යන්ත්‍රවලට මෙන්ම බිම් බෝම්බ ඉවත් කරන උපකරණ සඳහාද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි.

මේ ගැන කල්පනා කර බලන්න. මෙම බෙල්ලාට මෙතරම් හපන්කමක් කිරීමේ හැකියාව ලැබුණේ ඉබේමද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[23වන පිටුවේ පින්තූර]

තාක්ෂණයෙන් දියුණු මෙම කුඩා ආදර්ශ නැංගුරම බෙල්ලා මෙන් ක්‍රියාත්මක වෙනවා

[හිමිකම් විස්තර]

Razor clams: © Philippe Clement/​naturepl.com; “smart” anchor: Courtesy of Donna Coveney, Massachusetts Institute of Technology