Skip to content

පටුනට යන්න

අවිශ්වාසය මෙතරම් බහුල ඇයි?

අවිශ්වාසය මෙතරම් බහුල ඇයි?

අවිශ්වාසය මෙතරම් බහුල ඇයි?

බටහිර අප්‍රිකාවේ 12 හැවිරිදි දරුවෙකුව හදිසියේම රෝහල් ගත කළා. ඊට හේතුව වූයේ මව විසින් බලයලත් ඖෂධ හලකින් මිල දී ගත් බෙහෙතක් නියමිත ප්‍රමිතියට අනුව නොතිබීමයි. ඒ ගැන වෛද්‍යවරයෙක් මෙසේ අදහස් දැක්වූවා. “දැනට අවුරුදු 15ක් තිස්සේ මේ වගේ ව්‍යාජ ඖෂධ වෙළඳපොළේ තියෙනවා.” *

ආසියාවේ එක් යුවළක් පෝෂ්‍ය ගුණයෙන් ඉහළයි කියා විශ්වාස කළ කිරි වර්ගයක් තම බිලිඳාට ලබා දුන්නා. නමුත් එහි ඉතා මාරාන්තික විෂ ද්‍රව්‍යයක් අඩංගු වූ බව ඔවුන් දැන සිටියේ නැහැ. කනගාටුදායක ලෙස ඉන් මේ බිලිඳා මිය ගියා.

බොහෝදෙනෙකුගේ විශ්වාසය දිනා සිටි ඇමරිකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් තම සේවාදායකයන්ට ඩොලර් බිලියන ගණනක වංචාවක් කළා. ඒ නිසා බොහෝදෙනෙකුට තමන් දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් අහිමි වුණා. එය සමහර අය හැඳින්වූයේ “යුගයේ දැවැන්තම වංචාව” ලෙසයි.

අද සමාජයේ සෑම කෙනෙකුගේම විශ්වාසය යම් හෝ ආකාරයකින් බිඳ වැටී තිබෙනවා. එමෙන්ම ලොව පුරා සිදු වන ආර්ථික බිඳ වැටීමට ප්‍රධානම හේතුව “දසත පැතිරී ඇති අවිශ්වාසය” කියා ප්‍රංශයේ පුවත්පතක සඳහන් වුණා.—Le Monde.

මෙම බරපතළ අර්බුදයට දායක වී ඇත්තේ කුමන දේවල්ද? ඔබට විශ්වාසය තැබිය හැකි කිසිවෙක් නැද්ද?

[පාදසටහන]

^ 2 ඡේ. ප්‍රංශයේ ලෙ ෆිගාරෝ පුවත්පතේ පළ වූ වාර්තාවක්.