Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

උත්පත්ති 4:1-8 දක්වා කියවන්න. පින්තූරය බලා අඩුපාඩු මොනවාද කියා පහත සඳහන් කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවි ආබෙල්ගේ යාගය පිළිගත් විට කායින් කළේ කුමක්ද? ඔබේ මව හෝ පියා ඔබේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට ආදරයෙන් සලකනවා කියා ඔබට සිතුණොත් ඔබ නොකළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

යේසුස්ගේ අනුගාමිකයෙකු වූ නතානියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?

4. නතානියෙල්ව හැඳින්වූ අනික් නම කුමක්ද?

හෝඩුවාව: ලූක් 6:14; යොහන් 1:44-46 කියවන්න.

.....

5. යේසුස් නතානියෙල්ව අගය කළේ ඇයි?

හෝඩුවාව: යොහන් 1:47 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

ඔබට නතානියෙල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? එසේ කිරීමෙන් ඔබ ලබන ප්‍රයෝජනය කුමක්ද?

හෝඩුවාව: ගීතාවලිය 24:3-5; 34:13-16 කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

5වන පිටුව මිනිසාගේ සිත යොමු වී තිබෙන්නේ කුමකටද? උත්පත්ති 8:...

6වන පිටුව අප සෑම අවස්ථාවකදීම කටයුතු කළ යුත්තේ කෙසේද? හෙබ්‍රෙව් 13:...

24වන පිටුව අප ඉදිරියේ තබාගත යුත්තේ කුමක්ද? 1 කොරින්ති 9:...

26වන පිටුව ඔබ සුළඟ සහ වැස්ස ගැන සිතමින් සිටියොත් සිදු වන්නේ කුමක්ද? දේශනාකාරයා 11:...

● පිළිතුරු 21වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. පූජා ඔප්පු කළේ පුතුන් දෙදෙනෙකු පමණයි.

2. කායින් ඔප්පු කළේ ඔහු වගා කළ දේවල්.

3. ආබෙල් ඔප්පු කළේ ගවයෙකු නොව බැටළුවෙකුවයි.

4. බාතොලමෙව්.

5. ඔහු තුළ කිසි වංචාවක් නොතිබූ නිසයි.