Skip to content

පටුනට යන්න

බයිබලය අධ්‍යයනය කරන අයට නිධානයක්

බයිබලය අධ්‍යයනය කරන අයට නිධානයක්

බයිබලය අධ්‍යයනය කරන අයට නිධානයක්

“ඒ සරුසාර දේශය දැකගනිමු” නමැති පොත ඇත්තෙන්ම නිධානයක්. එම පොත වර්ණවත් සිතියම් හා ඡායාරූපවලින් පිරී තිබෙනවා. අවුරුදු 2,000කටත් වඩා වැඩි කාලයක් පුරා විශේෂ සිදුවීම් සිදු වූ ස්ථාන එහි දැකගත හැකියි. ඊට අමතරව ආබ්‍රහම් ජීවත් වූ බෙයර්-ෂෙබා ප්‍රදේශයේ තිබෙන නටඹුන් මෙන්ම යේසුස් හා ඔහුගේ නියෝජිතයන් ගමන් කළායැයි සිතිය හැකි මාර්ගවල ඡායාරූපද අපට එහි දැකගත හැකියි.

බොහෝ පාඨකයන් මෙම ප්‍රකාශනය අගය කරනවා. “මගේ සතුට කියලා නිම කරන්න බැහැ” කියා ඉන් එක් කෙනෙක් මෙසේ පැවසුවා. තවත් අයෙක් පැවසුවේ “යේසුස් වගේම ඔහුට කලින් සිටි විශ්වාසවන්ත අයගේ මව්බිම් දැකගන්න මට ලොකු ආශාවක් තිබුණා” කියායි. එමෙන්ම තවත් අයෙක් මෙසේ පැවසුවා. “මේ පොත තියෙන නිසා බයිබලය තිබෙන දේවල් තේරුම්ගන්නත් හරිම ලෙහෙසියි.”

මෙම ප්‍රකාශනය භාෂා 79කින් ලබාගත හැකි අතර එහි පිටපත් මිලියන දහයක් පමණ දැනටමත් මුද්‍රණය කර තිබෙනවා. පිටු 36කින් යුත් එම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරය]

පුරාණ බෙයර්-ෂෙබා ප්‍රදේශය

[32වන පිටුවේ පින්තූරය]

රෝම මාර්ගයක්

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Beer-sheba, Roman road, and brochure cover: Pictorial Archive (Near Eastern History) Est.